වසන්ත නමස්කාර ගේ එක්දාස් හයසිය තිස්පස් වැනි (1635)

මනෝවිද්‍යාත්මක දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මගේ දේවතාවිය සමග

දෘෂ්‍ය කලාවේ ආධ්‍යාත්මික සංවාදය.

मेरी देवी के साथ दृश्य कला में आध्यात्मिक वार्तालाप।


ම‍ගේ දේවතාවිය -

අන්න හොද ළමයා. මම කියපු විදහටම භගවාන් තුමාගේ විනය පිටකය ස්කෙච් කරනවා. (ඉන්දියාවේදී භගවාන් යන නමින් බුදුන්වහන්සේ ඉතා ගෞරවයෙන් හදුන්වයි.)


මම -

භගවාන් තුමා පුදුමාකාර විදිහට මානව රූපය ප්‍රතික්ෂේප කරනවා.


ම‍ගේ දේවතාවිය -

ඒකට හේතුව අපි දන්නවනේ.


මම -

ඔව්.

මේ බලන්න බිත්තිවල මිනිස් රූප අදින්නත් තහනම් කරලා තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

කාටද? ඔයාටද ?


මම -

නෑ.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් කාටද?


මම -

ඒකාලේ හිටපු හාමුදුරු වරුන්ට.


ම‍ගේ දේවතාවිය -

ඒ ඇයි. කියවන්නකෝ බලන්න.


ම‍ගේ දේවතාවිය -

භගවාන් තුමා ඉන්න කාලේ සමහර හාමුදුරුවරු තමන්ගේ කුටියේ (කාමරයේ)  නිරුවත් ගෑණු මිනිසුන්ගේ රූප ඇදල තියෙනවා. ඒවා දැකපු භගවාන්තුමා ඒවගේ රූප අදින් එපා කියලා විනය නීති පනවලා තියෙනවා.


ම‍ගේ දේවතාවිය -

එහෙනම් ඔයා වගේ චිත්‍ර අදින නෙනෙක් මහණවෙලා ඉන්න ඇති. ඔයා දන්නවද ඒකට හේතුව මොකක්ද? කියලා.


මම -

භගවාන් තුමාට Art  බැරි නිසාද?


ම‍ගේ දේවතාවිය -

ඔව්. ඒකත් එක හේතුවක් තමයි. අනෙක තමයි භගවාන් තුමා නිතරම දුක විදිහට විස්තර කරන්නෙ Sex නොලැබීම. කියන්න බලන්න මෙතැනදී Sex කියලා අදහස් කලේ මොකක්ද? කියලා.


මම -

Art


ම‍ගේ දේවතාවිය -

හරියටම හරි.

(තව ටිකක් කතා කරන්න තියෙනවා. අපි හෙට කතා කරමු.)

 

Comments