Artwork title: Buddha philosophy and culture.

 Year of creation: 2005

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 31 X 54  Inches

Price: LKR 51000000 (Fifty one million)



Description:

මෙම සිතුවම ගැන ඔබට කීමට කාරනා ගනනාවක් ඇත. මා විසින් මෙම සිතුවම දැනට වසර ගනනාවතට ඉහත කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේ සිතුවම් ප්‍රදර්ශනයක් සඳහා නර්මානය කරන ලදී.

එහි තේමාව සකස්වන්නේ බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය ආස්‍රයෙනි. මෙම සිතුවමේ බෝගස යට වැඩහිදින බුද්ධ ප්‍රථිමාවකි. සමාධි මුද්‍රාවෙන් වැඩහිදින එම බුද්ධ ප්‍රථිමාවේ දෑතමත කුඩා හාවෙකු මුලින්ම මම සිතුවම් කරන ලදී.

එය පුවත්පතක පලවූ වහාම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය,  පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් මට දුරකතනයෙන් කතාකලා. වහාම පන්සලට පැමිනෙනලෙස කීවේය. මම හැකි ඉක්මනින් උන්වහන්සේ මුනගැසීමට බෙල්ලන්විල රාජමහා විහාරයට ගියෙමි.  

ඉන්පසුව උන්වහන්සේ මාහට උපදෙස් දුන්නේ මෙවැනි සිතුවම් නැවත නිර්මානය නොකරන ලෙසයි. බුද්ධරූපමත තිරිසන් සතුන් නිර්මානය නොකරනලෙස උන්වහන්සේ මාහට උපදෙස් දෙනලදී. වහාම කලාගාරයට පැමිනි මා සිතුවමේ හාවාගේ රූපය මත සුදුපාට තීන්ත ආලේප කරන ලදී. උන්වහන්සේ ගේ තර්කනය වූයේ බුදුපිලිමයේ දෑතමත හාවෙකුගේ රූපය නිර්මානය කිරීම සුදුසු නොවන බවයි. බුද්ධ රූපය සහ තිරිසන් සතුන් අතර සම්බන්ධයක් ගොඩනැගීම තහනම් බවයි. එය බුදුන්වහන්සේට කරන අගෞරවයක් බවයි. එහෙත් උන්වහන්සේ සිතුවමේ අන්තර්ගතය කිසිම මොහොතක විමසුවේ නැත. කරුණාව වෙන්න ඇති. යනුවෙන් පමනක් පැවසූවේය. රටම පිලිගත් උගත් මහාචාර්ය වරයෙකු නිසා මම උන්වහන්සේගේ අදහස එකල පිලිගත්තෙමි.

ඔබ මෙම සිතුවමේ ඉහල දකුණුපස බැලුවොත් බෝ ගසේ අත්තක් මත කොටියෙකු වැනි දරුණු සතෙකු පෙනෙනු ඇත. එම සතාගේ පිට මත සිරකරුවෙකුගේ ඇදුමට සමාන ඇදුමක් ඇදගත් මිනිසෙකු නිදාසිටිනවා පෙනෙනුඇත. එම කොටියාගේ හිස උස්ව පිහිටා ඇත. මෙම සිතුවම ගැන තවත් බොහෝ තොරතුරු ඇත. ඒවා තවමත් සකස් වෙමින් පවතියි. මෙහි සංෂිප්ත අර්ථය වන්නේ බදුන් වහන්සේගේ දාර්ශනික ප්‍රථිපදාවයි. එයින් ජීවිතවලට රැකවරනය සැලසෙයි.

දැන් අප මේ සිතුවමේ වැදගත්ම කතාවට එලඹෙමු. කාලය මෙසේ ගෙවීගියේය. ඒ අතර දෘෂ්‍ය කලාවේ බොහෝ තැන් මා විසින් ගවේෂනය කරන ලදී. උන්වහන්සේ කියූපරිදි හාවා සිතුවමින් ඉවත් කළත් සිතුවම වෙනම තබාගන්නා ලදී. ඔබ ඉතා පරිස්සමින් බැලුවොත් සිතුවමේ සුදුපාට වර්ණයට යටින් හාවාගේ රූපය දැකගත හැකිය. ආගම සංස්කෘතිය ආදියෙන් කලාව සදහා වාරන ඇතිකිරීම දුර අතීතයේ පටන්ම සිදුවන සාමාන්‍ය දෙයකි.

නැවතත් කාලය ගෙවීගියේය. මෙම සිතුවමේ මතකය නැවතත් මතුවන්නේ පූජ්‍ය ‍මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් පන්සලේ ඇතා විසින් පහරදී අපවත් කිරීමේ සිද්ධියෙනි. මද කිපුනු ඇතා දම්වැලකින් බැදදමා සිටියදී පූජ්‍ය ‍මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් එම ඇතාට සියඹලා ගුලියක් දීමට ගියේය. කේන්තියට පත්වූ ඇතා පූජ්‍ය ‍මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ට පහරදී අපවත් කරන ලදී.

එම සිදුවීම සහ සිතුවම අතර සම්බන්ධය කුමක්ද? අහිංසක සතෙකුවූ හාවාගේ රූපය උන්වහන්සේගේ මැදිහත් වීමෙන් ඉවත්විය. බුද්ධ රූපයට තිරිසන් සතුන්ගේ සම්බන්ධයක් නැතිබව උන්වහන්සේගේ මගපෙන්වීම විය. පන්සලේ ඇතා උන්වහන්සේට පහරදී මරාදමන ලදී. පාර්ලෙයිය හස්තියා බුදුන්වහන්සේට උපස්ථාන කරනලදී. පාර්ලෙයිය වනයෙන් බුදුන් වහන්සේ නික්මෙනවිට ශෝකයටපත් ඇතා ලයපැලී මරණයට පත්විය. කන්තක අශ්වයාද එසේම මරණයට පත්විය.

මෙම ස්ථානය යැයි සැලකිය හැකි තැනක් ඉන්දියාවේ පාර්ලෙයිය වනයට නුදුරු තැනක තවමත් ඇත. එය හස්ථිගඩා යනුවෙන් හදුන්වයි. ගඩා යනු වලදැමීමයි. එනම් ඇතා වලදැමූතැන යන්නයි.

පූජ්‍ය ‍මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ මැදිහත් වීමෙන් මෙම සිතුවමේ හාවගේ රූපය ඉවත්විය. පාර්ලෙයිය ඇතා බුදුන්වහන්සේට උපස්ථාන කලේය. පන්සලේ ඇතා විසින් පහරදී පූජ්‍ය ‍මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ව අපවත්කරන ලදී.

There are a number of things to tell you about this painting. I created this painting for an exhibition of paintings at the Lionel Wendt Gallery in Colombo many years ago.

Its theme is shaped by Buddhist philosophy and Buddhist culture. In this painting there is a statue of Buddha sitting under the bog. I first painted a small rabbit on the hand of that Buddha statue seated with the Samadhi seal.

As soon as it was published in a newspaper, the Chief Incumbent of the Bellanwila Rajamaha Viharaya Ven. Prof. Bellanwila Wimalarathana Thero called me. He told me to come to the temple immediately. I went to the Bellanwila Rajamaha Viharaya to meet him as soon as possible.

He then instructed me not to recreate such paintings. He instructed me not to create beasts on Buddha images. I immediately came to the art gallery and painted the image of the rabbit in white on the painting. His argument was that it was not appropriate to create an image of a rabbit in the hands of a Buddha statue. It is forbidden to make a connection between the image of the Buddha and the beasts. That it was an insult to the Buddha. But he never questioned the content of the painting. It must have been kindness. Only said. I accepted his idea at that time because he was an educated professor who was recognized all over the country.

If you look at the top right corner of this painting, you will see a fierce tiger on a branch of a bo tree. On the back of the beast there is a man dressed like a prisoner. The tiger's head is high. There is much more information about this painting. They are still being prepared. The acronym here is Buddha philosophy. It saves lives.

Let us now turn to the most important story in this painting. Time passed like this. In the meanwhile I explored many places in the visual arts. According to him, the rabbit was removed from the painting, but the painting was kept separate. If you look closely you can see the image of the rabbit under the white color of the painting. Censorship of art by religion, culture, etc. has been a common practice since ancient times.

Time passed again. The memory of this painting reappears with the death of Ven. Bellanwila Wimalarathana Thero. Prof. Bellanwila Wimalarathana Thero was killed by an elephant at the temple. The angry elephant was chained. Rev. Prof. Bellanwila Wimalarathana Thero gave the elephant a siyambala ball. The angry elephant attacked and killed Prof. Bellanwila Wimalarathana Thero.

What is the connection between that event and the painting? The image of the rabbit, an innocent animal, withdrew from his intervention. His guidance was that the image of the Buddha had nothing to do with animals. The temple elephant attacked him and killed him. When the Parlyiya elephant was caring for the Buddha. When the Buddha came out of the Parleiya forest, the sad elephant fell to his death. The Kanthaka horse also died.

What could be considered this place is still near the Parlyiya forest in India. It is called Hasthigada. Gada means burial. That is meaning elephant burial ground.

The image of the rabbit in this painting was removed with the intervention of Ven. Prof. Bellanwila Wimalarathana Thero. The Parlyiya Elephant ministered to the Buddha. The temple elephant attacked and killed Ven. Prof. Bellanwila Wimalarathana Thero.

https://www.facebook.com/pages/category/Community/Wasantha-Namaskara-1379342035638733/

Comments