Artwork title: Seeing culture from a higher place.

 Year of creation: 2005

Category: PAINTING

Subject: Other

Medium: Other

SIZE: 55 X 31  Inches

Price: LKR 51000000 (Fifty one million)


Description: 

සංස්කෘතිය ඉහලතැනකසිට දැකීම.

මෙම සිතුවම ගැන කීමට කාරනා බොහොමයක් තිබේ.  

බොහෝ උගතුන්, විද්වතුන්, ආචාර්ය, මහාචාර්ය ආදීන් නිර්මාණ ගැන කතා කලාට ඇත්තටම ඔවුන් කරමින් සිටින්නේ වෙනත් දෙයක්. 

බොහේ උගතුන් කුහකයි. අනෙකාගේ දියුණුව වලක්වනවා. ඔවුන් එක්තරා විදිහකින් දරුනු විෂ සහිත ඉතා භයානක සත්ව කොටසක් වගේ. 

කෙනෙකුගේ නිර්මානාත්මක හැකියාවක් දැක්කොත් ඔවුන් සියුම්ව එයට පහර දෙනවා. ඉතාම භයානකයි. 

පිටතින් සුන්දර යහපත් චර්යාවක් පෙන්වමින් රහසිගතව මෙම භයානක චර්යාව ක්‍රියාත්මක කරනවා. ඔවුන් කරන බොහෝ දේවල්වල යටි අරමුන තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම සදහාම පමනයි. එහෙත් එය වටහා ගැනීම ඉතාම අසීරුයි.

මෙම සිතුවම එවැනි දීර්ඝ අධ්‍යයනයක ප්‍රථිපලයකි. ව්‍යාජ උගතුන් සහ විද්වතුන් සමග නිර්මාන ගැන කතා නොකල යුතුය. 

ඔවුන්ට නිර්මාන මුදලටවත් නොදිය යුතුය. 

එවැනි කාර්යන්වල නිරත වෙනවානම් එය ඉතාම අවබෝධයෙන් යුතුවම කලයුතුය. එවැනි ව්‍යාජ උගතුන්ගෙන් සහ විද්වතුන්ගෙන් නිර්මාන බේරාගැනීමට කලයුතු දෙයක් තිබේ. 

ඔවුන්ට ලගාවිය නොහැකි තැනක නිර්මානය තැබීමයි. ඒ සදහා මේ මොහොතේ කලයුතු සාර්ථකම ක්‍රමයනම් නිර්මාන සදහා අධික මිලක් තීරනය කිරීමයි. 

එවිට ව්‍යාජ උගතුන්ට ඒ සදහා ලගාවිය නොහැක. ලගාවුත් එයින් වෙනත් කාර්යයක් සිදුවනු ඇත. 

ඔබ හොදින් සොයා බලන්න. මෙම ව්‍යාජ උගතුන් කිසිම අවස්ථාවක සාර්ථක නිර්මානයක් අත්පත්තර නොගනියි.

දැන් අප චිත්‍රයදෙස අවධානය යොමු කරමු. මෙම සිතුවම මා විසින් දැනට වසර ගනනාවකට ඉහතදී සිතුවම් ප්‍රදර්ශනයක් සදහා නිර්මානය කරන ලද්දකි. 

එහෙත් එකල මා විසින් මෙම නිර්මාන පෙන්වා තිබුනේ නිර්මාන නොපෙන්විය යුතු ව්‍යාජ උගතුන්, විද්වතුන් සහ කුහක මිනිසුන් සදහාය. 

එහෙත් මා එසේ කිරීම මාහට ඉතාම ප්‍රයෝජනවත් දෙයක් විය. මා එම නිර්මාන හරහා ව්‍යාජ මිනිසුන් කියවාගත්තෙමි.

මෙම සිතුවමේ උස පර්වත මත නවාතැන් දෙකකි. එහි සිටින්නන්හට පහල සිදුවනදෙය ඉතාම හොදාන් පෙනෙයි. 

චිත්‍රයේ දකුණු පැත්තේ රවුම් මාර්ගයකි. එක්තැනකින් එම මාර්ගය අගාධයකින් විසන්ධිවෙයි. එතැන ඇතෙක් සිටියි. 

ඇතාගේ පිටමත කුඩා නවාතැනකි. මාර්ගයේ කරන්නන් ඇතාගේ පිටමතින් එහා පැත්තට ගමන් කළයුතුය.

ඉදිරියෙන් යන්නාගේ අතේ කොඩියකි. ඔවුන් සියලු දෙනාම සිරකරුවන්ට සමාන ඇදුමක් ඇද සිටියි.

මිනිසා ජීවිතය ගෙනයාම සදහා සංස්කෘතිය යොදා ගනියි. මෙම සංකේතයන් සිතුවමට ගෙනඑන්නේ ආසියාතික සංකෘතිය තුල තිබෙන පෙරහැර සංස්කෘතිය ආස්‍රයෙනි. 

ආසියාතික සංස්කෘතිය තුල ඇතාට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. සිතුවමේ පර්වත මත තිබෙන මාලිගාවල සිටින කෙනෙතුට පහල තිබෙන සංස්කෘතිය දැකිය හැකිය. 

එහෙත් පෙරහැරේ යන්නන්හට පෙරහැර නොපෙනෙයි.

මෙම සිතුවම ලංකාවේ එක්තරා විශ්ව විද්‍යාලයක උගන්වන මහාචාර්ය හාමුරු කෙනෙකුගේ පන්සලේ ප්‍රදර්ශයනයට  තැබුවෙමි. එම සිතුවමේ චින්තනයේ වටිනාකම නිසාවෙනි. එම පන්සලට උගතුන් නූගතුන් වගේම මහා විද්වතුන් පැමිනෙයි. එම පන්සලේ දකින දකිනතැන බුදුබනයි. මහා විද්වත් කථිකාවන් නිතර පැවැත්වේ.

එහෙත් ඔවුන් ඔවුන්ගේ ෆැන්ටසි වල සිටිනවා විනා සතුවම දෙස නොබලයි. 

මෙම සිතුවමේ ඇත්තේ වර්ණ එකකි. එනම් දුඹුරුපාටයි. එහි වර්ණ ප්‍රභේද ගනනාවකි.

එම වර්ණය බුදුන් වහන්සේ සිතුවම් සදහා අනුදැන වදාල වර්ණ අතරින් එකකි. සුදුපාට එකතුවීමෙන් මූලික වර්ණයට අදාල වර්ණ ප්‍රහේදයන් නිර්මානය වෙයි. 

එහෙත් පංසලේ උගත් නූගත් සියල්ලන්ගේම අවධානය යොමුවන්නේ විචිත්‍ර වර්ණ සහිත සිතුවම් කෙරෙහිය. එහෙත් එම වර්ණ බුදුන් වහන්සේ අනුදැන වදාල වර්ණ රටාවන් නොවේ.

කාලය ගෙවී ගියේය. සිතුවමට සිදුවන්නේ කුමක්දැයි මා බලා සිටියෙමි. 

මහා විද්වතුන් එයි. සිතුවම ඇහේ වැදුනත් එය නොපොනෙයි. මහා ගාම්භීර දෙසුම් පවත්වයි. එහෙත් සිතුවම නොපෙනෙයි. ලෝකය සුවපත් කරන මහා දහම් දෙසුම් ඇසෙයි. සිතුවම නොපෙනෙයි. මහා ප්‍රාතිහාර්ය සහිත භාවනාවන් සිදුවෙයි. සිතුවම නොපෙනෙයි.

කාලය ගතවෙයි. අව්වට සහ වැස්සට තෙමෙමින් සිතුවම දුර්වර්ණවෙයි. මම සිතුවම ඉවත්කරගත්තෙමි. එවැනි සිතුවමක් තිබුනාදැයි කිසිවෙකුට මතක නැත. ඔවුන් ලෝකය වෙනස් කිරීමේ මහා අරගලයක නිරතවී සිටියි. එහෙත් සිතුවමේ වටිනාකම දිනෙන්දින ඉහලයයි. 

සිතුවමේ දුර්වර්ණවීම් සහ පලුදුවීම් සිතුවමේ වටිනාකම ඉහලටම ගෙනයයි. එයින් ඉගෙනීමට බොහෝ දෙවල් ඇත. දැන් එහි මිල ඔවුන් කිසිවෙකුට ලගාවිය නොහැකි තැනක ඇත. එහෙත් මා පැහැදිලිවම එක් කාරනයක් දනිමි. මෙම සිතුවම කව්රුන් හෝ ඒ මුදලට මිලදීගැනීමට උත්සාහ කරනබවක් හෝ දැනගත්තොත් ඔවුන් මේ සිතුවම නැවතත් ඉල්ලා සිටිනු ඇත. අහම්බෙන් හෝ පිටරක පුද්ගලයෙකු මෙම සිතුවම මිලදී ගත්තොත් ඔවුන් මාවෙත අභූත චෝදනාවක් එල්ල කරනු ඇත. අන්න එවිට ඔවුන්ට මෙම සිතුවම පෙනෙනු ඇත. එය ලක්දිව දෘෂ්‍ය කලා භාවිතයේ චින්තන රටාවයි.

https://www.facebook.com/pages/category/Community/Wasantha-Namaskara-1379342035638733/

Seeing culture from a higher place

There are many things to consider about this painting. A painting is like a successful graduation. It must be understood by the person who created it. Many scholars, scholars, professors, professors, etc. have talked about creation but in reality they are doing something else. Most scholars are hypocrites. Preventing the progress of the other. They look like a very dangerous part of a very poisonous animal. When they see someone's creative ability, they subtly attack it. Very dangerous. Secretly executes this dangerous behavior by showing a beautiful good behavior on the outside. Most of the things they do have a purpose only to establish their own existence. But it is very difficult to understand.

This painting itself is the result of such a lengthy study. Do not talk about creations with pseudo-scholars and scholars. They should not be given creations. If you are engaged in such activities, it should be done very consciously. There is something to be done to save creations from such pseudo-scholars and scholars. Is to place the creation in a place where they cannot be reached. The most successful way to do that right now is to set a high price for the design. Then the pseudo-scholars will not be able to reach for it. Even if it arrives, it will do something else. You look good. These pseudo-scholars never acquire a successful creation.

Let us now turn our attention to the drawing. This painting was created by me for an exhibition of paintings many years ago. But at the time I was showing these creations to pseudo-scholars, scholars and hypocritical people who should not show creations. But it is very useful for me to do so. I read fake people through those designs.

There are two lodges on two cliffs in this painting. What's down there is very good for those who are there. To the right of the drawing is a roundabout. At one point the road was cut off by an abyss. There is an elephant there. A small lodge on the back of the elephant. Passengers on the road move beyond the back of the elephant. A flag in the hand of the one going ahead. They all wear the same clothes as the prisoners.

Man uses culture to carry on life. These symbols are depicted in the Perahera culture of Asian culture. The elephant has a special place in Asian culture. The culture below can be seen in the palaces on the rocks in the painting. But the procession is not visible to the procession.

I put this painting on display at the temple of Professor Hamuru, who teaches at a university in Sri Lanka. Because of the value of thought in that painting. Educated and ignorant as well as great scholars visit the temple. The place where one sees the temple is Buddhism. Great scholarly discourses are often held.

This painting has one color. That is, brown. It is one of the colors approved by the Buddha for painting. The addition of white creates color variations related to the base color. But all the educated and ignorant people in the temple pay attention to the colorful paintings. But those colors are not the color patterns that the Buddha endorsed.

Time passed. I waited to see what would happen to the painting. Great scholars are coming. The painting touches the eye but does not read. Gives great solemn speeches. But the painting itself is not visible. Hear great sermons healing the world. The painting itself is invisible. Meditations with great miracles take place. The painting itself is invisible.

Time goes by. The painting itself fades as it gets wet in the sun and rain. I removed the painting itself. No one remembers if there was such a painting. They are engaged in a great struggle to change the world. But the value of the painting is increasing day by day. Discoloration and damage to the painting enhances the value of the painting. There is so much to learn from it. Now its price is in a place where no one can reach them. But I clearly know one thing. If they find out that someone is trying to buy this painting for that money, they will ask for this painting again. If by chance or an outsider buys this painting they will make an absurd accusation against me. Then they will see this painting. It is the thought pattern of Lakdiva visual arts practice.

Comments