වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දහඅටවැනි (1818) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සුපුරුදු ලෙස ගොපලු ගම්මානයට සන්ද්‍යා කාලය උදාවිය. එදිනත් නිවස ඉදිරිපිට තිබෙන ගස යටට ගිය සිද්ධාර්ථ සහ දුර්ගේෂ්වරී කතාබහ පටන්ගත්තේය. සෑම දිනෙකම මධ්‍යම රාත්‍රියවනතෙක් ඔවුන් දෙදෙනා කතාබස්කරයි. එයින් සිධාර්ථගේ මනෝ ව්‍යාධීන් පහව යයි. එය ඔහුගේ සත්‍යාවබෝධයයි.

සිද්ධාර්ථ දැන් ඔයාට පුලුවන් මහණවෙන්න. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවාය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දාහත්වැනි (1817) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධීන් ක්‍රමයෙන් ඉවත්වෙමින් තිබුනි. ගොපලු ගම්මානයේ ගවයින්ගේ ගතිස්වභාවයන් ඇය විසින් සිද්ධාර්ථට ඉගැන්නුවේය. පසුකාලයේ දී සිද්ධාර්ථ සංඝ සමාජය පාලනය කලේ ඒ දැණුම අනුවය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දාසයවැනි (1816) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේෂවරී විසින් සිද්ධාර්ථට ගැහැනුන්ගේ හැටහතර මායම් උගන්වන ලදී. ගැහැණුන්ගේ හැට හතර මායමට අමතරව කිසිම ගැහැනියක ලග නොතිබුන තවත් දෙයක් දුර්ගේෂ්වරී ලග තිබුනි. එනම් සිද්ධාර්ථ කෙරෙහි ඇතිවූ මානව ප්‍රේමයයි. ඒනිසා තවත් ගැහැණුන් ගැන සෙවීමේ ආශාවක් සිද්ධාර්ථට නොතිබුනි.

දුර්ගේෂ්වරීගෙන් සිද්ධාර්ථට ලැබුනු මානව ප්‍රේමය මාර ධූතිකාවන්ටවත් වෙනස්කල නොහැකිවිය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පහළොස්වැනි (1815) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා ගිහින් යශෝධරාව බලලා එන්න. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවේය. අර ඔයා ගෙදරින් එන දවසේ ඔයා මාලයක් දීපු කෙල්ලවත් බලලා එන්න.

කාන්තා සිරුර වගේම කාන්තාවන්ගේ සියලුම මනෝභාවයන් දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථට උගන්වන ලදී. පසුකාලයේ දී ශික්ෂුනීන් සදහා විනයනීති පනවන අවස්ථාවේ සිද්ධාර්ථ එම දැණුම ප්‍රයෝජනටය ගන්නා ලදී.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දාහතරවැනි (1814) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ මේ බලන්න මේ හරකා හරිම හීලෑ සතෙක්. අපිට එයාගේ පිටේ නැගලත් යන්න පුලුවන්. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට ගොපලු ගමේ ගවයෙකු පෙන්වමින් කීවේය.

සිද්ධාර්ථ ඔයාට එදා කන්ථක අශ්වයාව තේරුම් ගන්න බැරිවුනා නේද? ඔයා ඒ සතාව දාලයන වෙලාවේදී ඒ සතාට ඒක දරාගන්න බැරිවුනා. පව් අසරණයා පපුව පැලිලා මැරුනා. සිද්ධාර්ථ ඔයාට එදා උග්‍ර මානසික රෝගයක් තිබුනා. ඒ නිසා ඔයාට ඒ සතාව නේරුම්ගන්න බැරිවුනා.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දහතුන්වැනි (1813) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔය හරකා ලගට යන්න එපා. එයා ටිකක් දරුනුයි. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට දරුණු සතුන් මෙල්ලකරන ආකාරය ඉගැන්නුවේය.

එපමනක් නොව ඇය විසින් එම දැණුම සමාජ ජීවිතයට ගලපන ආකාරය සිද්ධාර්ථට ඉගැන්නුවේය. පසුකාලයේදී සිද්ධාර්ථ විසින් අංගුලිමාල ආදී දරුණු පුද්ගලයින්ව මෙල්ල කිරීම සදහා එම දැණුම යොදාගන්නා ලදී.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දොළොස්වැනි (1812) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ  පටාචාරාට නැගනිය කියා කතා කලේය. අංගුලිමාලට මගේ පුතා කියා කතා කලේය. යශෝධරාට කුමක් කීවේද? සිද්ධාර්ධ මරණාසන්නවූ දේවදත්ත බැලීමටවත් ගියේ නැත. පියාවූ සුද්ධෝධරජුට මහරජයැයි කතා කලේය. ගෙලවැ ලලාගෙන මියයාමට සැරසී සිටි රජ්ජුමාලාහට රජ්ජුමාලා කියා  කතා කලේය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය එකළොස්වැනි (1811) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ බුදුවී පැමිනියත් සශෝධරා සදලුතලයෙන් බිමට බැස්සේ නැත. අවසානයේ සිද්ධාර්ථටම ඇය ලගට යාමට සිදුවිය. එහෙත් සිද්ධාර්ථ මියයාමට මොහොතකට පෙර ඔහු අසල ගිය දුර්ගේශ්වරියේ ගොපලු කෙල්ල ඔහුව මරණයෙන් බේරාගත්තේය. එපමනක් නොව ඇය සිද්ධාර්ථහට බුදුවීමට මාර්ගයද කියාදුන්නේය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය දහවැනි (1810) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ බුදුවී ළගට පැමිනියත් පස්වග තවුසන් ඔහුට  ඉදගැනීමට පුටුවක් දුන්නේ නැත. එහෙත් දුර්ගේශ්වරියේ ගොපලු කෙල්ල මරනාසන්නව සිටි සිද්ධාර්ථව බේරා ගත්තේය. ඒවිතරක් නෙමෙයි ඇය සිද්ධාර්ථට බුදුවීමට පාර කියා දුන්නේය.

එහෙත් සිද්ධාර්ථ වැඩිය ඒගැන සදහන් නොකරන්නේ ශාක්‍ය වංශයේ මාන්නක්කාර ගතිය නිසාද? එහෙමත් නැතිනම් තමාගේ දර්ශනය අවුල්වන නිසාද? නැතිනම් එය ධර්මයෙන් සගවා තබන්නේ, සිද්ධාර්ථ මැජික් කාරයෙකු ලෙස මවාපාන ව්‍යාජ විද්වතුන් සහ අනුගාමිකයින් ද? නැතිනම් එය ඔවුන් දෙදෙනාගේ සියම් බුද්ධියේම සැලැස්මක් ද? නැතිනම් එය ආගමික චර්යාවේ සාමන්‍ය දෙයක් නිසාද? මේ අතරින් වඩාත්ම සත්‍යය වන්නේ එය ආගමික චර්යාවේ සාමන්‍ය ක්‍රමයක් සහ ඔවුන් දෙදෙනාගේ සියුම් බුද්ධියේම සැලැස්මක් බවයි.

ගුනගරුක සිද්ධාර්ථ ඒ කෙල්ල ගැන හොදින් දනියි. බුදුවෙලා පාරේ ඇවිදිනවිටත් යශෝධරා සදලුතලයෙන් බිමට බැස්සේ නැත. ඇය සිදුහත් කුමාරයා පිටත්කලා අන්න උඹේ තාත්තා එනවා ගිහින් දෑවැද්ද ඉල්ලගනින් කියලා.

අන්තිමට බුදුවෙලා ඉන්න සිද්ධාර්ථටම යශෝධරා ලගට යන්න සිද්ධවුනා. ඒවෙලාවේ සිද්ධාර්ථට දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ල මතක්වෙන්න ඇති. යශෝධරා සිද්ධාර්ථට වදින වෙලාවෙදි සිද්ධාර්ථගේ හිතේ හිටියේ තමාව මරණයෙන් බේරාගෙන බුදුවීමට පාර කියාදුන් දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ල. සිද්ධාර්ථ මේගැන හොදින්ම දන්නවා.

සිද්ධාර්ථට ඉතාම සියුම් නුවනක් තිබුනා. මේවා කිව්නම් මෝඩ රජවරු ගොපලු ගම්මානයම විනාශ කරන්න ඉඩතිබුනා. සමහරවිට සිද්ථාර්ථයි දුර්ගේෂ්වරියි බුදුවුනාට පස්සෙ කරන දේවල් ගැන කතාකරන්න ඇති. ඇයම සිද්ධාර්ථට කිව්වද දන්නෙ නෑ ඔයා ගිහින් යශෝධරාවත් මුනගැහිලා එන්න කියලා.

සත්‍යය පවතින්නේ මනෝරාජික ෆැන්ටසියෙන් යටවෙලා.  කුරුසයේ ඇණගහපු ජීසස් වෙනුවෙන් බයනැතිව කෑගැහුවේ කිසිවෙක් ගනනකට නොගක් ගනිකාවක්.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය නවවැනි (1809) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මිනිසෙකු කෙරෙහි සමාජයේ අනෙකුත්අය ශුභවාදී ආකල්පයන් මෙන්ම අශුභවාදී ආකල්පයන්ද දරයි. එ‍ය සමාන්‍ය සමාජ රටාවකි. එම න්‍යායම මහාචාර්ය තිස්ස කාරියවසම් මහතාටද පොදුය.

මම මසාජ විද්‍යාව හදාරන අතර මගේ සරසවි සගයා සිංහල භාෂාව හදාරයි. සිංහල මහාචාර්ය කිස්ස කාරියවසම් මහතා කෙරෙහි මගේ සරසවි සගයා දරන්නේ චිරෝධාකල්පයකි. ඔහු කෙරෙහිද තිස්ස කාරියවසම් මහතා දරන්නේ එවැනිම ආකල්පයකි. මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ඔහුව හදුන්වන්නේ සබරගමුවේ වසලයා නමිනි. එහි බොහෝ සත්‍ය කාරනා ගැබ්ව තිබුනි.

මගේ සරසවි සගයා කෙරෙහි තිස්ස කාරියවසම් එවැනි ආකල්පයක් දැරුවත් ඔහු මා ගැන දැරුවේ වෙනම ආකල්පයකි. මම ඔහුගේ ශිෂ්‍යයෙකුද නොවේ. ඔහු එසේ කලේ කුමක් නිසාදැයි අදටත් මා නොදනියි.

සරසවිතුල ආචාර්ය, මහාචාර්ය වරුන් එකිනෙකා අතර අභ්‍යන්තර කුලල් කාගිනීමක නිරතුරුවම නිරතවෙයි. සරසවි ඇදුරන් යනු සතුරන් එකට වාසය කිරීමේ ආයතනයකි. ඉතා කලාතුරකින් එසේ නෙවුනත් සමස්ථය එසේය. ඒනිසාවෙන් මොනම හේතුවක් නිසාහෝ ඔවුන්ගෙන් සමාජ ප්‍රගමනයක් බලාපොරොත්තු වීම ඉතාම භානකය.

තිස්ස කාරියවසම් මහතා  මා පළමුවරට දුටුවේ නවක වදය පැවති කාලයේ දීය. එදා ජපුර සරසවියේ බණ්ඩාරනායක ශාලාවට ඇතුල් වූවිට එහි උගන්වන සියලුම විශයන් මා ඉගෙන ගන්නේ වක වදයෙන් බේරීමටය.

දිනක් ශාලාවට ඇතුල්වූ වහාම ජනතාවිමුක්ති පෙරමුනේ සහොදරයි ඇවිත්, රිංගපියව් ඔක්කෝම ඩෙසියයට යැයි විධානයක් දෙනලදී. දැන් සියලුමදෙනා ඩෙස්යටය.

කාලය බොහෝ ගතවූනිසා මම එළියට ආවෙම්. විශාල ශාලාවේ මම විතරක් හිටගෙන සිටියි.

තට්යට තියෙන මිටි මිනිසෙක් වේගයෙන් මාවෙත එයි. මම සිතුවේ ශාලාවේ වැඩකරන කව්රුහරි කෙනෙක් කියාය. මා ළගටම පැමිනි ඔහු මාහට මෙසේ කීවේය.

කොන්දක් තියාගෙන ඉන්නවා ඕයි.

කියමින් ඔහු පිටව ගියේය. මම හිවේ වැඩකරන අයත් රැග් කරනවා වෙන්න ඇති කියාය. එහෙත් පසුව දැනගත්තේ ඔහු මහාචාර්ය තිස්ස කාරියවසම් බවය.

ඉන්පසුව බොහෝ අවස්ථාවන් වලදී විවිධාකාර අකරතැබ්බයන්ට මා මැදිකර තනිවම යමක් සොයාගැනීමේ ක්‍රමවේදය මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මාහට ඉගැන්නුවේය. ඔහුගේ ශිෂ්‍යයෙකු නොවන මා හට ඔහු දැක්වූ ලෙන්ගතුබව අදටක් මට ගැටලුවකි.

විභාගය අවසානයේ එළියට එනවිට මහාචාර්ය තිස්ස කාරිය වසම් මහතා ජපුර සරසවියේ ගේට්ටුව අසල රැකගෙනසිට මගේ අතින් අල්ලාගෙන අයිනකට ඇදගෙන ගියේය. ඔහු මට මෙසේ කීවේය.

තමුසේ එනවා අපිත්එක්ක වැඩකරන්න. පාරවල් ගානේ  කෑහන්න යන්න ඕනෙ නෑ. හෙට කොළඹට එනවා මම හිටියේ නැත්තමි එතන මිස් කෙනෙක් ඉන්නවා කතා කරනවා.

මම කතා කිරීමත් ප්‍රථමව බොහෝ තොරතුරු පවසා මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා කාරෙකේ නැග පිටව ගියේය. ඒ ඔහුගේ සාමාන්‍ය වර්යාවයි. අනෙකාගේ අදහස කුමක් වුවත් එය ඔහුට අදාල නැත.

ආයතනගත රැකියාවක්.

එහෙත් මගේ සිහිනය එයනොවේ. චිත්‍රය යනු කුමක්දැයි සොයා ගැනීම. ඉන්දියාවේ ඇවිදීම. අජන්තා, එල්ලෝරා, කජුරාවෝ ආදී දේවාලතුල තනිවීම. ඉන්දියාවෙන් දෙවගනක් සොයාගැනීම.

දැන් ඒ සියල්ලම සම්පූර්නයි.

මම නැවතත් මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා ඇතුලු තවත් බොහෝ ආචාර්ය වරුන් ගැන කල්පනා කරමි. ඒ වෙනත් කිසිවක් නිසානොව. මම සිතුවම් ප්‍රදර්ශන පෙන්වා තිබුනේ කලාව වෙනුවෙන් පෙනීසිටින එහෙත් කලාව නොතේරෙන පිරිසකට වීමයි.

එහෙත්, එම ක්‍රියාව ඒතුල දෘෂ්‍ය කලාවේ බොහෝ ප්‍රශ්නවලට සාර්ථක පිලිතුරු ඇත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අටවැනි (1808) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිතුවම් නොපෙන්වය යුතු පුද්ගලයින් බොහොමයකි. සිතුවම් ගැන කතා නොකල යුතු පුද්ගලයින් බොහොමයකි. අප ඔවුන්ව භාවිතයෙන්ම හදුනා ගතයුතුය. මහා වියතුන් ලෙස පෙනී සිටින පුද්ගලයින් බොහොමයක් කලාව ගැන දන්නා කෙහෙල්මලක් නැත. වැඩිදෙනෙක් දන්නවා වගේ රගපායි. විශේෂයෙන්ම ලක්දිව මහාචාර්යවරුන් සහ විද්වතුන්. ඔවුන් වැඩිදෙනෙක් කරන්නේ ව්‍යාජ රැකියාවකි. තත්වය රැකගැනීමට බොරු රංගනයකි.

මිනිසා යනු ලිංගික සංසර්ගය නිසා උපදින සත්වයෙකි. එහෙත් සංස්කෘතික මිනිසා තමා ලිංගික සංසර්ගයක ප්‍රථිපලයක් ලෙස පිලිනොගනියි. සත්‍යය නම් මිනිසා සැබවින්ම සංස්කෘතික වන්නේ එය පිලිගත් මොහොතින් පසුවය.

එසේ නොවුනහොත් මිනිසාට ඇත්තේ දෙබිඩි වර්යාවකි. බාහිරින් පෙන්වන චර්යාවට අමතරව තවත් ගුප්ත චරියාවක් ඔහු තුල ක්‍රියාත්මක වෙයි. ඔහු එය නඩත්තු කරයි. ලිංගිකත්වය මිනිසුන්ගේ සෑම චර්යාවක් පුරාම පැතිර ඇත. එය දෙබිඩි චර්යාවයි.

මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාව හදාරන කාලයේ දී සිතුවම් ප්‍රදර්ශන ගනනාවන් පැවැත්වූයෙමි. එයින් එක් ප්‍රදර්ශනයක දී නග්න රූප සිතුවම් කලෙමි.

සිතුවම් ප්‍රදර්ශනයේ පෝස්ටරයක් ජපුර විශ්වවිශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ දැන්වීම් පුවරුවෙන් ඇලෙව්වෙමි. එයින්මා අදහස් කලේ මහා කලාකරුවෙකු ලෙස ලක්දිව සුප්‍රකට මහාචාර්ය වරයෙකුවන සුනිල් ආරියරත්න මහතා එහි අධ්‍යනාංශ ප්‍රධානියාලෙස සිටින නිසාවෙනි. සිදුවූයේ මා හීනෙන්වත් නොසිතූ හත්තිලව්වකි.

කලාව හදාරන මහා වියතුන් සිටින ජපුර සරසවියේ මම සිතුවම්කල නග්ග රූපය ප්‍රශ්නයක්විය. ප්‍රශ්නය විද්‍යාර්ථීන් අතර සාද්‍රනය වෙමින් ගමන්කරයි. මමද එය නොදන්නා ලෙස බලා සිටියි. පැය කීපයකින් එතැනට වේගයෙන් පැමිනි මහාචාර්ය සුනිල් ආරියරත්න එය ගලවා දමයි.

මම පොස්ටර් ඇලවීම එතැනින් නතරකරන ලදී. දැන් ප්‍රශ්නයක් නැත. එහෙත් සරසවියේ රාත්‍රී කාලයේ සහ නිහඩ ප්‍රදේශවල සංසර්ගයේ යෙදෙන පෙම්වතුන් බොහොමයකි. ප්‍රසිද්ධියේ ඔවුන් මානවයා යනු ලිංගිකත්වයෙන් තොර සුපිරිසිදු චරිත ලෙස අර්ථ දක්වයි. මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ගීත, සාහිත්‍යය සහ චිත්‍රපට යනු සංතර්පනය නොවූ ගූඩ ලිංගික ආශාවන්ම බව පසුව පැහැදිලිවිය. ව්‍යාජ වීරත්වයක් මවාගෙන ඔහු විසින් ලියනලද පවන ආදී විරෝධාකල්ප ගීතයන්ද සංතර්පනය නොවූ ලිංගික ආශාවන්ගේ විකෘර්ථි ප්‍ර‍භේධයන්ය.

කෙනෙතු තුල මානව දයාව සැබවින්ම පහල වන්නේ ලිංගික ආශාවන් සංතර්පනය වීමෙන් පසුවය. එහි ඇත්තේ අසම සම සුන්දරත්වයකි. අනෙකාට ගරුකිරිම, අනෙකාගේ පැවැත්ම අගය කිරීම, ආදී කාරනාවන්. ඔවුන්ට නග්න රූප ප්‍රශ්නයක් නොවේ.

කාලය ගෙවී ගියේය. චිත්‍රය යනු කුමක්දැයි ජීවිත පරිත්‍යාගයෙන් සොයා ගියෙමි. සියලුම දෘෂ්‍ය කලා භාවිතයන්ගේ පදනම චිත්‍රය තුල පවතින ගණිත ක්‍රමයයි. එය ව්‍යාකරනයකි. චිත්‍ර පටය යනු එයමයි.

මහාචාර්ය සුනිල් ආරියරත්ත එදාපටන්ම එය වරද්දාගෙන ඇත. ඒ නිසා එදා ඔහු නග්ග පොර්ටරය ඉරා දැමුවේය. ඒ ඔහු නග්න රූපයට අකමැති නිසා නොව ඔහුගේ දර්ශනය අවුල්වී ඇති නිසාවෙනි. ලංකාවේ බොහෝ මහාචාර්ය වරුන් සහ විද්වතුන්  දර්ශනය අවුල්කරගෙන ඇත. එම අවුලම ඔවුන් දර්ශනය ලෙස සලකයි. ඔවුන්ගෙන් ඉගෙන ගන්නා විද්‍යාර්ථීන් ගැන කවර කතාද?


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හත්වැනි (1807) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

චිත්‍ර කලාව ඉගෙනීමට අමතරව සමාජ විද්‍යාව සහ මානව විද්‍යාව හැදෑරීමේ මාරාන්තික ආශාවක් මාහට තිබුනි. ඒනිසා  මහා සමාජ විද්‍යාඥ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා දේවත්වයෙන් සලකන ලදී.

එක්තරා දිනෙක එතුමාගේ දේශනය අවසා‍නයේ දී එතුමා විසින්ම  මාහට පුදුමාකාර කතාවක් කීවේය.

දිනක් මහාචාර්ය රත්තපාල මහතාට සියදිවි නසාගැනීමට සිතුනි. ඔහුගේ කතාව අනුව, ඒසදහා හේතු කාරනා බොහොමයක් තිබුනත් තමා සියදිවි නසාගන්නේ කුමන කරුනක් සදහාදැයි එතුමාටවත් පැහැදිලි නැත. සයනයිට් කරලක්ද රැගෙන මහාචාර්ය රත්නපාල මහතා ඉහලමාලයට ගියේ සියදිවි නසා ගැනීමටය. එවිට ගෙදර ඇතිකරන බල්ලා ඔහු පසුපසින්විත් කකුලේ දැවටුනි. ඉන්පසුව මහාචාර්ය රත්නපාල මහතාට සියදිවි නසා ගැනීම මගහැරුනි.

ඉන්පසුව ඔහු තවත් මහප්‍රාණ ඝොන් වැඩක් කලේය. එනම් පොතක් ලියා බල්ලාට පිලිගැන් වීමයි. කිසිම දිනෙක බල්ලෝ පොත් කියවන්නේ නැත.

ඉන්පසුව සමාජයේ ‍මහප්‍රාණ ඝොන්ගතිය ඩබල්විය. රත්නපාල මහතාගේ එම මනෝව්‍යාධිය මහා අනර්ග වටිනා ක්‍රියාවක් ලෙස සමාජ ගතවිය.

සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම උග්‍ර මනෝ ව්‍යාධියකි. එවන් රෝගියෙකුගේ පොත්පත් කියවීම ඔවුන් දේවත්වයෙහිලා සැලකීම එයිටත් වඩා දරුණු මනෝ ව්‍යාධියකි.

සම්භාව්‍ය යැයි කියන මෙවන් විද්වතුන් බොහොමයකි.  බොහෝ විද්වතුන්ගේ දර්ශනය අවුල්වී ඇත. ඔවුන් ඒ අවුලම දර්ශනය යැයි සලකයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හයවැනි (1806) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍ර තුන්වරක් සියදිවි නසාගැනීමට උත්සාහ කලබව මහාචාර්ය තිස්ස කාරියවසම් මා සමග කීවේය.

සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම උග්‍ර මනෝ ව්‍යාධියකි. එවන් රෝගියෙකුගේ පොත්පත් කියවීම ඔවුන් දේවත්වයෙහිලා සැලකීම එයිටත් වඩා දරුණු මනෝ ව්‍යාධියකි.

සම්භාව්‍ය යැයි කියන මෙවන් විද්වතුන් බොහොමයකි.  බොහෝ විද්වතුන්ගේ දර්ශනය අවුල්වී ඇත. ඔවුන් ඒ අවුලම දර්ශනය යැයි සලකයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පස්වැනි (1805) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මහා ගාන්ධර්ව, ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන් සෑම රාත්‍රියකම ගුවන් විදුලියෙන් සචිත්ත පරියෝ දපනං කියයි. එහෙත් දමනය වූ පරියක් නැත.

එහෙත් Yohani ගේ ගීතයෙන් ලොව වටා බොහෝ දෙනෙකුගේ සිත් සමාධි ගතවිය. එහෙත් ශ්‍රී ලංකාද්වීපය තුල තවත් වසර ගනනාවක් යනතුරුම ඇය සම්භාව්‍ය නොවනු ඇත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතරවැනි (1804) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි උපකුලපති ධූරයට ඉතාම සුදුසුය. උන්වහන්සේ, පූජ්‍ය මහාචර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්මෙන් මදකිපුනු අලියාට සියඹලා දු‍න්නේ නැත. උන්වහන්සේ කලේ අහිංසක රෝගීන් බෙහෙත් ඉල්ලනවිට නර්ස් නෝනලා කරේතබාගෙන දිවීම පමනි. (මෙවන් විද්වතුන් සදහා බුද්ධ චරිතයෙන් උදාහරන නොපෙන්වමි.)


Comments