දුර්ගේෂ්වරී

ඇයි.

සිද්ධාර්ථට යශෝධරාට අමතරව තවත් ප්‍රේම සමම්බන්ධතා තිබිල තියෙනව වගේ.

ඔය කියන්නේ සදලුතලයටවෙලා කවිකියපු කෙල්ල ගැන වෙන්න ඇති.

ඔව්. සිද්ධාර්ථ එයාට තමන්ගේ මාළයත් තෑගිකලා.

යශෝධරත් එක්ක ඉදලම එපාවෙලා සිද්ධාර්ථට ඒකත් සැනසීමක් වෙන්න ඇති.

සමහරවිට සිද්ධාර්ථ එයත් එක්ක කතා කලානම් ගමන වෙනස්වෙන්නත් ඉඩතිබුනා.

නෑ. සිද්ධාර්ථට ගෑණුන්ගේ හැටහතර මායම් විතරක්  හරියන්නෙ නෑ. එයිට අමතරව තවත් එකක් තියෙන්න ඕනෙ.

එහෙනම් දුර්ගේශ්වරියෙදී සිද්ධාර්ථට හමුවූ ගොපලු කෙල්ලට වැඩිපුර තිබුන මායම මොකක්ද?

එයාට විතරයි පුලුවන් වුනේ සිද්ධාර්ථගෙ මනෝභාවයන් කියවන්න. ඒක හැම ගැහැණියකටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.

කොහොමද? එයාට විතරක් පුලුවන් වුනේ.

ඒක සොබා දහමේ සැලැස්මක්. ඒ ගොපලු කෙල්ල ‍පුංචි හරක්පැටවුන්ට ගොඩක් ආදරය කලා. මව් සෙනෙහස පිරුණු ගැහැණියක්. එයාට සිද්ධාර්ථවත් දැණුනේ ජීවත්වෙන්න උත්සාහ කරන පුංචි හරක් පැටියෙක් වගේ. ඒක තමයි එයාට හැටහතර මායමට අමතරව තිබුනු දෙය.

ඇත්තටම එතෙන්දී සිද්ධවුනේ මොනවගේ දෙයක්ද?

ඒ වෙලාවෙදී සිද්ධාර්ථගේ ජීවිතය අවසන්වෙන්න පොඩි වෙලාවයි තිබුනේ. ඒවනවිට සිද්ධාර්ථගේ කයික වගේම මානසික ශක්තියත් නැතිවෙලා තිබුනේ. දුර්ගේෂ්වරී ඒවෙලාවේ සිද්ධාර්ථට කිරි පෙව්වා. ඒකතමයි සිධාර්ථට ජීවිතයේ  ලැබුන වටිනාම ආහාරය.

ඒක ගැන සිද්ධාර්ථ වැඩිය සදහන් කරන්නෙ නෑනෙ.

සදහන් නොකලට සිද්ධාර්ථ ඒක දන්නවා. ඒක තමයි ඒ දෙන්නගේ අවබෝධය. අනෙක ශාක්‍ය වංශිකයෝ හරිම මාන්නක්කාරයි. වැඩිය සදහන් නොකරනනේ   සමාජ කාරනාවක් නිසා.  

සිහිය ආවට පස්සේ දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇහුවා ඔයා මොනවද මේ කරන්නෙ කියලා.

සිද්ධාර්ථ තමන් කරන වැඩේ කිව්වා.

එයිට පස්සේ දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇහුවා නොකානොබී මැරුනහම කව්ද සත්‍යය දකින්නෙ කියලා. දුර්ගේෂ්වරී කියපුදෙය සිද්ධාර්ථට වැටහුනා. ඒක තමයි පළමුවැනි ධර්ම සාකච්ජාව. එතනදි තමයි සිද්ධාර්ථ අවබෝධයට පත්වුනේ.

එතකොට බෝගහයට කතාව බොරුද?

සමාජ සම්මතය කියන්නේ කෙනෙකුගේ ආරක්ෂාව. ඒනිසා අපි දෙන්නා විතරක් ඒවාගැන කතාකරමු.

සිද්ධාර්ථත් එහෙම කලා.

ඔව්.

 

Durgeshwari

why.

Siddhartha seems to have had other love affairs besides Yashodhara.

You must be talking about the girl who sang on the balcony.

Yes. Siddhartha also gifted her his necklace.

It must have been a consolation to Siddhartha who was bored with Yashodhara from the beginning.

Maybe if Siddhartha had talked to her, the journey would have changed.

not. For Siddhartha, only the sixty for magic of of women do not work. There has to be another one in addition to that.

So what was the magic of the shepherd girl that Siddhartha met at Durgeshwari?

Only she could read Siddhartha's moods. That is not something that every woman can do.

How only she could.

It is a plan of nature. That shepherd girl loved the little cows so much. A woman full of motherly love. She felt like Siddhartha was a little calf  trying to survive. That was what she had in addition to the sixty-four majic.

What really happened there?

At that time Siddhartha's life was coming to an end. At that time Siddhartha had lost both physical and mental strength. Durgeshwari then gave milk to Siddhartha. This is the most valuable food that Siddhartha got in life.

Siddhartha does not mention much about it.

Not to mention Siddhartha knows that. That is the understanding of the two. The Sakya dynasty is very proud. Not to mention too much because of a social issue.

After regaining consciousness, Durgeshwari asked Siddhartha what you were doing.

Siddhartha told her what he was doing.

Durgeshwari asked Siddhartha. Who sees the truth if he dies without food? Siddhartha understood what Durgeshwari said. That was the first Dhamma discussion. That is when Siddhartha realized.

Then is the story of the Bo tree a lie?

Social norms are one's security. So let's just not talk about it.

Siddhartha did the same.

Yes.




Comments