වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිහත්වැනි (1827) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධර්ථ එදා රජගෙදරින් නික්මගියේ විමුක්තිය, නිවන හෝ සත්‍යය සොයාගෙන නොවේ. තමාට අයිති ගැහැණිය සොයාගෙනයි.

එය ඔහුගේ උපවිඥානයේ සැගවී තිබුනු අවිඥානික සත්‍යයයි. එහෙත් එය සිද්ධාර්ථ දැනසටියේ නැත. තමාට අදාල ගැහැණිය හමු නොවීම ක්‍රමයෙන් සිද්ධාර්ථතුල මනෝ ව්‍යාධියක් දක්වා වර්ධනය විය. ඔහු බුද්ධත්වයට පත්වීම ලෙස අර්ථ දක්වමින් ගුරුවරුන් සොයා ගියේත් දුෂ්කරක්‍රියා කලේත් එම මනෝ ව්‍යාධියේ බලපෑමෙනි.

අවසානයේ ඔහු  ගොපලු ගම්මානය අසල ගසක්යට සිහිසුන්ව බිමවැටී සිටියේය. සිද්ධාර්ථගේ ප්‍රාණය නිරුද්ධවී මියයාමට මොහොතකට පෙර තමාට අදාල ගැහැණිය වූ දුර්ගේෂ්වරී ඔහුට හමුවිය. දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධිය ක්‍රමයෙන් පහව ගියේය.

සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධිය සුවපත්වීම යනු ඔහුගේ බුද්ධත්වයයි. සියල්ල Sex ජීවිතය සමග බැදීතිබෙන ආකාරය දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කියාදුන්නේය.

සිද්ධාර්ථ දුර්ගේෂ්වරී සමග ගොපලු ගම්මානයේ ගතකරමින් නිවන් සුවය අත්වින්දේය. ඉන්පසුව දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථට, ඔහුගේ මනෝ ව්‍යාධියනිසා අතහැරදෑමූ රාජ්‍යය නැවත ලබාගන්නා ආකාරය ඉගැන්නුවේය. එහෙත් එය සන්නද්ධ අරගලයක් නොවේ. සිද්ධාර්ථ එය සාර්ථකව ජයගත්තේය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය විසිහයවැනි (1826) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා කොහොමද මේ හරකා ලගට ගියේ. මේ හරකා ටිකක් දරුණුයි. මම හිතන්නේ ඔයාට තියෙනවා සතුන් හිතවත්වෙන ගුනාංගයක්. ඔයා ඒක තේරුම් ගන්න ඕනේ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවේය.

තමා රජ ගෙදරින් එනදින නේරංජනා ගංගාව අසලදී කන්ථක අශ්වයා ලයපැලී මියගිය අවස්ථාව සිද්ධාර්ථට සිහිවිය.

Comments