වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හතලිස්හයවැනි (1846) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

නිරතුරුවම සිද්ධාර්ථ අසලට වී කතා කිරීමට දුර්ගේශ්වරී ඉතා ප්‍රිය කලාය. 

සිද්ධාර්ථ එය නිරතුරුවම අපේක්ෂා කලා. 

ඇය හමුවීමෙන් පසුව සිද්ධාර්ථ ගේ මනෝව්‍යාධීන් ක්‍රමයෙන් පහව යයි.  

සිද්ධාර්ථ මේ මොහොතේ ඔහු තුල හටගන්නා නිරෝගී මනස අත්විඳිමින් සිටියි.

ගෙපිල මත වාඩිවී සිටි සිද්ධාර්ථ ගේ රාජකීය තේජස ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබුනි. 

ගෙමිදුලේ සහ අවට විවිධාකාරයේ ගවයින් සමූහ වශයෙන් සහ තනි තනිව සිටිති.

සිද්ධාර්ථ අසලට ගිය දුර්ගේශ්වරී ඔහු අසලින්ම වාඩි විය. සිද්ධාර්ථ මේ බලන්න. මේ හරක් දිහා ඒගොල්ලන් එක එක පාට යි.

සදු, කලු, ගුරු, අඳුරු රතුපාට. අන්න බලන්න සුදුපාට අය බිම නිදා ගත්තම ඒ අය තද කොල පාටට පෙනෙනවා. 

ඇගේ කුණු ගාවිලා. මේ වර්ණ වලට මම හරිම කැමතියි. දුර්ගේ‍ශ්වරී සිද්ධාර්ථ ට කීවාය.

සිද්ධාර්ථ හොඳ අවධානයෙන් ගවයින්ගේ වර්ණ දෙස බලා සිටින අතරම එයින් තමාගේ මනසට සිදුවන දේ ගැනත් සොයා බැලුවේය. 

එම වර්ණ රටාවෙන් මනසේ ඇලීම ක්‍රමයෙන් පහව යන ආකාරය සිද්ධාර්ථ ට පැහැදිලි විය. 

එය පසු කාලයේ දී භික්ෂුන් ට විනය නීති පනවන අවස්ථාවේදී සිද්ධාර්ථ ට ප්‍රයෝජනවත් විය. 

කෙනෙකුට තමාගේ කුටිය වර්ණ කරගැනීමට අවශ්‍යනම් එම වර්ණ යොදාගන්නා ලෙස සිද්ධාර්ථ උපදෙස් දෙන ලදී.

Comments