වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්වැනි (1850) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මම ඉංග්‍රීසියෙන් වැඩකරයි. ඒත් මම ඉංග්‍රීසි දන්නේ නැත. මම සිංහලෙන් වැඩකරයි. ඒත් මම සිංහල දන්නේ නැත. මම පාළියෙන් බුදුන්වහන්සේ ගැන කියවයි . ඒත් මම පාළි දන්නේ නැත. මේ කිසිම භාෂාවක් හෝ වෙනත් භාෂාවක් ඉගෙගැනීමේ උවමනාවක්ද මාහට නැත.

එහෙත් නාගීනා චිත්‍රපටය කොළඹට පැමිනිපසු නැරඹූ වාරගනන පවා මට මතක නැත. චිත්‍රපටය නැරඹූවාට පසුව එය හින්දි චිත්‍රපටයක් බව දැනගන්නා ලදී. එහි කතාව අදටත් මා නොදනියි.

මම ඉන්දියාවේ හද්දා පිටිසර ගම්මානවල තනිවූයේ ඉන්දියාව යනු මගේ සිහිනයක් නිසාවෙනි. එහෙත් මම හින්දි භාෂාව නොදනියි. රටකට යනවිට ඒ රටේ භාෂාව ඉගෙනගතයුතු බව තේරුම් ගත්තේ ඉන්දියාවට ගිය පසුවය.

සිදුවූයේ පුදුමාකාර දෙයකි. මට මේ මිනිස්සු කියනදෙය දැනෙයි. එය සිදුවන්නේ කෙසේදැයි මට සිතාගැනීම පවා අපහසුය.

හින්දි භාෂාව ඉගෙනීමට සිතූ මම ගම්මානවල කුඩාළමයින් ඇසුරු කලෙමි. ඔවුන් කුඩා පොත් ගෙනවිත් මට උගන්වයි. මගේ මතකයේ තිබෙන හින්දි ගීතවල වචන මට එකින් එක ඇසෙයි. එයින් මා විමතියටත් පුදුමයටත් පත්වෙයි. කිසිම භාෂාවකට ඇලුම් නොකරන මට හින්දි භාෂාව පමනක් ඉගෙනීමට සිතෙන්නේ ඇයිදැයි මා නොදනියි.

නාගීනා චිත්‍රපටයේ ගීත සමහරදාට මා සවස්කාලයේ ස්‍රවනය කරමි. එවිට මා අසලට එන කුඩා ළමයින් (මගේ ගුරුවරු) මෙසේ කියයි. නාගීනායනු නාග කන්‍යාවියක්. ගුරුජි, ඒ නිසා ඔය ගීතය සවස් කාලයේ ‍අහන්න එපා. ගුරුජි ලගට නාග කන්‍යාවියෝ එන්න පුලුවන්.

ඉන්දියාවයනු මාහට කිසිදා නොවිසදෙන අභිරහසකි. එය ලස්නයිද? කැතැයිද? කියලවත් තීරනය කරන්න අපහසුය. ගිනිජාලාවන් සහ සීතල ජලධාරාවන් එකවිටම හමුවෙයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය හැටවැනි (1860) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මම ඉන්දියාවේ හද්දා පිටිසර ගම්මානවල තනිවූයේ ඉන්දියාවේ ගුප්තබවට වශීවීමෙනි. එය කිසිදිනෙක වටහාගැනීමට නොහැකි සිහිනයකි.  සොයන්න සොයන්න සුන්දරත්වයෙන්ම තවතවත් වශීවෙයි.

ඉන්දියාවේ ජෛන තාපස තුමන්හට මම ඉතාම කැමතිය. ලක්දිව ආගමික නායකයින්මෙන් නොව ඔවුන්ලග කිසිම භියක්, සැකයක් නූපදියි.

එහෙත් අප දකිනදෙය නිරතුරුවම සත්‍යයම නොවේ. දිනක් මා සිටිය ගම්මානයක බජිරි යායක් මැද නිරුවත් මිනිසෙකු දුටුවෙමි. මම සිතුවේ ඔහු ජෛන තාපසයෙකු බවයි.

දෙවන දිනයේ මහා වැස්සක් ඇතිවිය. බජිරියාය මැද පෙර කියනලද නිරුවත් මිනිසා තෙමෙමින් ඇවිදියි. මට ඒ ජෛන තාපසතුමා අසලට යාමට සිතුනි.

මම හින්දි භාෂාව හුරුවීමට ගමේ කුඩා ළමයින් ඇසුරු කරයි. ඔවුන් මාහට එතැනට යන්න දෙන්නේ නැත. මම ඔහුට ජෛන තාපසයෙක් යැයි  කියූවිට කුඩා ළමයින් සිනාසෙයි.

නෑ ගුරුජී ඒ පාගල් ආත්මී. එක ළමයෙක් කීවේය.

මම එහි තේරුම දන්නේ නැත. මුලින්ම මම සිතුවේ එය ජෛන තාපසයින්ට කියන තවත් නමක් බවයි. මගේ ගුරුවරු (කුඩාළමයි) පාගල් යනු කුමක්දැයි කියාදීමට උත්සාහ ගනියි. ඒත් මට නොවැටහෙයි.

මේ අතර මගේ දෙවගන ඈතසිට, දිල් තෝ පාගල් හේ. කීවේය. दिल तो पागल हे। සියල්ලන්ම සිනාසුනේය. මට දැන් කිසිවක්ම තේරුම්ගැනීමට නොහැක.

මගේ කුඩා ගුරුවරයෙක්, දිල්‍ තෝ පාගල් හේ. කුමක්දැයි කියාදීමට පසුව පෙන්වමින් උත්සාහ ගනියි. එය සිනා සාගරයකි. ඔවුන් සියලුමදෙනා ඉන්දියානුවන්ය. මට කිසිවක් නොවැටහෙයි. මට දැනෙන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික සංවේදීබව පමනි.

නැවතත් මගේ දෙවගන ඈතසිට, දිල් දිවානා හේ. කිවේය. दिल दिवाना हे। නැවතත් සියල්ලන්ම සිනාසුනේය. දැන්මට කිසිවක්ම නොවැටහෙයි. එහෙත් විශේෂ ආධ්‍යාත්මික බැදීමක් පමනක් දැනෙයි.

ටික වේලාවක් යනවිම මට හින්දි සිංදුවක් මතක්විය........ සවස් කාලය වනවිට ප්‍රශ්නය පැහැදිලිවිය. පාගල් पागल යනු හින්දි භාෂාවෙන් පිස්සුවට කියන නමකි.

බජිරියායේ සිටියේ ජෛන තාපසයෙකු නොව පිස්සු මිනිසෙකි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්නවවැනි (1859) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මම ඉන්දියාවේ ජෛන මහාවීර තුමාගේ ආස්‍රමයන්වෙත යමි. ඇත්තටම ජෛන දහම අදහන නිගන්ට තාපසතුමන් ලගට ගියවිට කිසිම සැකයක්, භියක් හෝ චකිතයක් නූපදියි. ඒතරම්ම කාරුණික බවක් උපදියි. එහෙත් එය කෙසේ සිදුවනවාදැයි නොදනිමි. එහෙත් ලක්දිව ආගමික නායකයින් ලගට ගියවිට මාරාන්තික භියක්, සැකයක්, චකිතයක් උපදියි. එය සිදුවන ආකාරය ඉතාම පැහැදිලිය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්අටවැනි (1858) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ කලාව අතහැරල විද්‍යවෙන් ලෝකය දකින්න ගිහින් පිස්සුවැටුනා. අන්තිමට පස්වග තව්සොත් සිද්ධාර්ථව අතහැරියා. නොකානොබී ඉදලා කැලේ ගහක්යට සිහිනැතිව වැටුනා. පණයන්ය මොහොතකට පෙර සුන්දර ගොපලු කෙල්ලක් වූ දුර්ගේෂ්වරී දැක්කේ නැත්නම් අද බුද්ධාගමක් කියලා දෙයක්නෑ.

සිද්ධාර්ථට කලාව ඉගැන්නුවේ දුර්ගේෂ්වරියේ ගොපලු කෙල්ල. ඒවනවිට සිද්ධාර්ථගේ රාජකීය මාන්නය නැතිවෙලා මරණය පෙනිපෙනී හිටියේ. ඒ නිසා තමයි දුර්ගේෂ්වරී කියනදෙය සිද්ධාර්ථට වැටහුනේ. ශාක්‍යවංශය කියන්නේ කොහොමත් පුහුමාන්න තිබුනු රාජවංශයක්. ඒකට යයෝධරාගේ දේවදත්ත පරපුර එකතුවුනහම සිද්ධාර්ථට කොහොමත් නිවනක් නෑ. අන්තිමට සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය උග්‍රවුනා. මහරෑ යශෝධාරාටත් නොකියාම යන්නගියා. සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධිය මොනතරම් උග්‍රවතිබුනාද කියනවානම් කන්ථක අශ්වයා සිද්ධාර්ථට මොනතරම් ලෙන්ගතුද කියලා සිද්ධාර්ථට තේරුම් ගන්න බැරිවුනා.

අශ්වයාගේ පිටේ ගිහින් අශ්වයා අතහැරල දැම්මහම අහිංසක සතාට ඒක දරාගන්න බැරිව එතැනම මියගියා. සිද්ධාර්ථට ඒක ගානක්වත් නෑ. මිනිහා නිවන හොයාගෙන මනෝව්‍යාධියක් ඇතුලටම යනවා.

කොහොම වුනත් සිද්ධාර්ථ තනිවුනේ නෑ රාජකීය ආරක්ෂාව තිබුනා. ඒත් ශෝධරා පැත්තවත් බැලුවේ නෑ. ගියඑකාටම ඕනෙනම් ආවදෙන් කියලා සදලුතලයටම වෙලා හිටියා. කොහොමත් යශෝධනාත් හිටියේ සදලුතලේ. බුදුවෙලා ආවත් යශෝධරා නෙමෙයි සදලුතලයෙන් බැස්සෙ. සිද්ධාර්ථටම යශෝධරා ලගට යන්න සිද්ධවුනා.

දුර්ගේෂ්වරීට සිද්ධාර්ථව හමුවනවිට ඔහු කුමාරයෙක් නෙමෙයි. දුෂ්කරක්‍රියා කරලා නන්නත්තාරවූ මානසික රෝගියෙක්. රාජ තේජසත් නැතිව මරණාසන්නවසිටි සිද්ධාර්තට දුර්ගේෂ්වරීගේ ලෙන්ගතුබව දැනුනා. ඒ මොහොත තමයි සිද්ධාර්ථට පළමු වතාවට ගැහණියක් දැණුනු මොහොත. ඒ වෙලාවේ සිද්ධාර්ථ බුදුවුනා.

ඇත්තටම සිද්ධාර්ථ බුදුවුනේ ඒ වෙලාවෙදි. බෝගහ යටදි නෙමෙයි. බෝගහයටදී මාරදූවරු නටද්දී සිද්ධාර්ථ බැලුවේ නැත්තේ දුර්ගේෂ්වරි හමුවීමෙන් සිද්ධාර්ථ බුදුවෙලා හිටිය නිසා.

ඒත් කිසිම තැනකදී සිද්ධාර්ථ දුර්ගේෂ්වරී ගැන කියන්නේ නෑ. මොකද ඒක ඒ තරම්ව විශ්මිත ප්‍රේම සම්බන්ධයක් නිසා.

දුර්ගේෂ්වරී සමග ගොපලු ගම්මානයේ ගතකල කාලය තමයි සිද්ධාර්ථගේ ජීවියේ සතුටින්ම සිටි කාලය. සිද්ධාර්ථ ජීවිතය වින්දේ ඒ කාලයෙ දී. පසුකාලයේ දී සිද්ධාර්ථ සංඝසමාජය ගොනැගුවේ ගවයින් පාලනය කරන ආකාරයට. මේ සියල්ලම සිද්ධාර්ථට ඉගැන්නුවේ ධුර්ගේෂ්වරී. කාන්තා සිරුර ගැන සියලු තොරතුරු සිද්ධාර්ථට ඉගැන්නුවේ ධුර්ගේෂ්වරී. භික්ෂුනීන් සදහා විනයනීති පනවනවිට සිද්ධාර්ථට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වුනා.

මුලදී සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය නිසා ඔහු හේතුවක් නැතිව සමාජයෙන් ඉවත්වුනා. ඒත් ධුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථ මානව සබදකා ක්‍රමයෙන් ගොඩනගා ගත්තා. එය ඔහු ආරම්භකලේ පස්වග තවුසන්ගෙනි. අවසානයේ තමා අතහැර දැමූ රාජ්‍යත්වය වෙනත් ක්‍රමයකින් සිද්ධාර්ථ අත්පත්කර ගත්තා. අනාගත ලෝකයද සිද්ධාර්ථගේ ඉකැන්වීමට අවනත වනු ඇත. ඒ ක්‍රමය සිද්ධාර්ථට ඉගැන්වූයේ ධුර්ගේෂ්වරී. මේ වෙනස සිද්ධාර්ථගේ ජීවිතය තුල සිදුවූයේ, ධුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය සුවපත්වීම නිසාවෙනි.

ඒත් බොහෝ දෙනෙක් සිද්ධාර්ථගේ ජීවිතය බේරාගත් ධුර්ගේෂ්වරී ගැන නොදනියි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්හත්වැනි (1857) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඉන්දියාව යනු දේව විමානයකි. එය දෙවියන්ගෙන් සහ දේවතාවියන්ගෙන් පිරී ඇත. ඒ අතරින් මම ගණදෙවියන්ට ඉතා කැමතිය. ඔහුට නැටුම්, ගැයුම්, රැගුම් ආදී බොහෝ කලාවන් පුලුවන්ය.

ගණදෙවියන් සමග ගමන් කරනවිට ඔහුගේ හොඩවැලින් අල්ලාගෙන ගමන්කිරීමට මම ඉතාම කැමතිය. ගණදෙවියන් ඔහුගේ වහනය වූ මීයාගේ පිටේ ගමන් කරනවිටත් මට ගණදෙවියන්ගේ හොඩවැලින් අල්ලාගෙන ගමන්කල හැකිය. මොකද මීයායුනු ගණදෙවියන්ගේ ප්‍රමානය අනුව බලනවිට ඉතා කුඩා සතෙකු නිසාවෙනි. එවිට කුඩාකාලයේ සෙල්ලම්කල අවස්ථාවන් සිහිපත්වෙයි. ලොකු ගලකට ‍පුංචි රෝදයක් සවිකර ඇදගෙන යනවා වාගේ.

ඉන්දියාවේදී ගණදෙවියන් සමග ගමන් කරනවිට ඕනැම දේවලයකට පහසුවෙන් පිවිසිය හැකිය. බොහෝ දේවාල  ගණදෙවියන්ට විවෘතය.

මම ගනදෙවියන් ආහාර ගන්නා ආකාරයට ඉතාම කැමතිය. සමහර වෙලාවට ගනදෙවියන් අත්දෙකෙන් සහ හොඩවැලින් ආහාර ගනියි. කජුරාවේ කැනීම් නොකල  මන්දීර්වල මෙවැනි ගනදෙවි ප්‍රථිමා ඇත.

මම ගනදෙවියන්ගේ උපත සිදුවූ ඉන්දියාවේ ඝනේෂ්කින් වෙත ගියෙමි. එය පූනේ විශ්ව විද්‍යාලයට නුදුරුව පිහිටා ඇත. මෛක්‍රෝ බයෝලොජි හදාරන බොහෝ විද්‍යඥයෝ ගනදෙවියන්ට ඉතාම කැමතිය. එහෙත් ලක්දිව සාමාන්‍යපෙළ විද්‍යාව අසමත්වූ විද්‍යාඥයෝ දේව සංකල්පයන් විවේචනය කරති. එවිට ලෝකය දෙස බැලීමට නිරතුරුවම අන්වීන්ෂයක් ගලතබාගැනීමට සිදුවෙයි.

 

වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්හයවැනි (1856) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඉන්දියාවේ දේවපුරාණය ඉතාම බුද්ධිමත්ය. දුර්ගේෂ්වරීගෙන් අහන්නේ නැතිවම පයින් ඇවිදගිය සිද්ධාර්ථව ඉන්දියාවේ  දෙවිකෙනෙක් බවට පත්කර ඇත.

සිද්ධාර්ථ දෙවියෙකු බවට පත්කරනවිට සිද්ධාර්ථගේ ජීවිතය බේරාගත් සුන්දර ගොපලු කෙල්ලක් වූ දුර්ගේෂ්වරී දේවතාවියක් බවට පත්කල යුතුය. එවිට සිද්ධාර්ථගේ රජබිසව වූ යශෝධරාව යක්ෂනියක් කලයුතුය.

එහෙත් බුද්ධිමත් ඉන්දීය දේවපුරානය එසේ නොකර සිද්ධාර්ථගේ සහ දුර්ගේෂ්වරියගේ ප්‍රේමය දේව පුරානයේ සගවා තැබුවේය. ඒ ඔවුන්ගේ යහපත වෙනුවෙනි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්පස්වැනි (1855) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ඉන්දියාවේ දුම්රිය මැදිරියක් යනු වෙනම සමාජ පද්ධතියකි. එහි මානව දේහයක්තුල පවතින සියලුම මනෝ භාවන් විද්‍යාමනවේ. දින ගනනාවක් එකදිගට දුම්රියක් තුල ගමන් කිරීම විවිධ සමාජ පද්ධතීන් මෙන්ම පරිසර පද්ධතීන්ද දැනෙයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්හතරවැනි (1854) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ජ. වි. පෙ. කලා භාවිතයන් ගැන වසර තිහක පමන කාලක් සොයා බලමින් සිටිමි. ඔවුන්ගේ සියලුම කලා භාවිතයන්  මනෝව්‍යධිගත රාමුවකට කොටුවී ඇත. ඔවුන්ගේ කලා භාවිතය අසහනය සහ අතෘප්තිමත් බවින් පිරී ඇත. ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන්වත් නොදනියි. මා එය ජ,පුර සරසවියේ පැවුත්වූ මගේ පළමු සිතුවම් ප්‍රදර්ශනයේදීම වටහා ගන්නා ලදී.

එය රෝහණ විජේවීගේ සිට පැවතෙන්නකි. විජේවීර රුසියාවේ ගියාට රුසියාවේ තිබෙන ඉහල වින්දන පරාසයන් හදුනාගත්තේ නැත. එය ඔහුගේ මනෝ ව්‍යාධියයි. ක්‍රමයෙන් වර්ධනය වූ ඔහුගේ මනෝව්‍යාධිය ලේ ගංගාවකින් අවසන්විය.

ඔහු රුසියාවේදී, දේවතාවියක් වගේ සුදු කෙල්ලෙක් එක්ක හැමනුනානම් මේ විනාශය සුන්දර ආධ්‍යාත්මික පෙරළියක් වන්නට ඉඩතිබුනි. මේවාගේ පිස්සෝ පාලනය වන්නේ ඒ ක්‍රමයෙන් විතරයි. සියලු සන්නද්ධ අරගල පිටුපස ඇත්තේ අතෘප්තිමත් ලිංගික ආශාවයි.

බුදුන් වහන්සේ දේශනා කලේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍යනම් මෙම භාවනා ක්‍රමය අත්හදා බලන්න.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්හතරවැනි (1854) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සදේ හාවෙකු නැතැයි සිතීම විද්‍යාත්මක හෝ බුද්ධිමත් තීරනයක් නොවේ. එය පුහු මාන්නය නිසා ඇතිවන සිතිවිල්ලකි.

අප යමක් දැනගත්පසුව අනෙකාගේ දැණුමට, අවබෝධයට වගේම නිර්මානාත්මක හැකියාවන්ට ගරුකලයුතුය. අනෙකා දරන මතය මොනතරම් වැරදි වුවත් ඔහුව මිතුරෙක්ලෙස පිලිගතයුතුය.

සත්‍යය දැනගත්පසුව සියල්ලම මිත්‍යාවන් ලෙස බැහැර කිරීම මහා උද්දච්චකමකි. එයින් අනෙකාගේ මිත්‍රත්වය පලුදුවෙයි.  හිංසාකාරී නොවන අදහස්  මතවාදයන් සමාජයට සුන්දරත්වයක් එක්කරයි. එයින් අදහස් කරන්නේ කපටියන් සහ මෝඩයින්ගේ පැවැත්මක් ගැන නොවේ. හිංසාකාරී නොවන මතවාදයන් මිත්‍යාවිශ්වාස යැයි සිතා බැහැර කිරීම මනෝ ව්‍යාධියකින් අවසන්වනු ඇත.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්තුන්වැනි (1853) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව සරසවි අවට මහාචාර්ය වරුන් වෙනුවෙන් නිබන්ධන සපයාදෙන කුලීකරුවන් බොහොමයකි. ගොබ්බ මහාචාර්ය වරුන් බිහිවීමේ මූල බීජය එයයි. ඒසදහා සිසුඅරගලද නැත.

ලක්දිව සරසවි ඇදුරන් බොහෝ දෙනෙක් අසාමාන්‍ය චර්යාවන් පෙන්වයි. එය මනෝව්‍යාධියකි. කුහකත්වය සහ කපටිබව සහිත ඔවුන් අනෙකාගේ හැකියාවට නිර්මානාත්මක බවට සියුම්ව පරදෙයි. එයට ඊර්ෂාකරයි. ඔහුව වනසා දමයි. පුහු රංගනය පෙන්වයි.

මෙවැනි චර්යාවක් සහිත මහාචාර්යවරුන් ගැන සොයා බලන්න. ඔවුන්ගේ පර්යේෂන පත්‍රිකා බොහොමයක් සකස්කරන්නේ කුලීකරුවන් විසිනි. ඔහුට ඒගැන ප්‍රායෝගික දැණුමක් නැත. එහු එය ඉදිරිපත්කර මහාචාර්යවෙයි. එතැන්සිට තමාගේ තත්වය රැකගැනීමටත් තමාගේ හිස්බව වසාගැනීමටත් සියලු දහදුරා වැඩ කරමින් පිස්සු නටයි. රංගනයේ දෙයි. ව්‍යාජවූ සුන්දර ගතිගුන පෙන්වයි.

විශේෂයෙන්ම සරසවි ඇදුරන් හෝ ගුරුවරුන් දුවේ, පුතේ කියා කතා කරනවානම් ප්‍රවේෂම් වන්න. පට්ට කුහකයෙක් හෝ ‍පල්හොරෙකි. සමහර මෙවනි ව්‍යජ සරසවි ඇදුරන් කුමනහෝ දේශපාලන පක්ෂයකට හේත්තුවී සිටියි. මොවුන් අනෙකාගේ දැණුම සොරාකමින් ව්‍යාජ රංගනයක යෙදෙයි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්දෙවැනි (1852) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව ජාතිකගීය ගායනාකල ශිල්පියා එම ගීතය නිසා ඇතිවූ ප්‍රශ්නයකට සියදිවි නසා ගත්තේය. අප මේ උදේ සවස ස්‍රවනය කරමින් සිටින්නේ මනෝව්‍යාධියක් ද?


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය පනස්එක්වැනි (1851) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මහාචාර්ය වදිරිවීර සරත්චන්ද්‍ර තෙවරක් සියදිවි නසාගැනීමට උත්සාහ කලබව මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මා සමග පැවසුවේය. එය උග්‍ර මනෝව්‍යාධියක ප්‍රථිපලයකි.

එය සත්‍යයක්නම් ඔහුගේ පොත්පත් සහ දැණුම පරිහරනය කරන්නන් අදටත් යහතින් ජීවත්වීම පුදුමයකි.

Comments