වසන්ත
නමස්කාර ගේ එක්දාස් අටසිය හැටදෙවැනි (1862) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
මියයාමට
ප්‍රථමව ජීවිතයේ එක් වතාවක් හෝ මෙම භාවනා ක්‍රමය අත්හදා බලන්න.
වසන්ත
නමස්කාර ගේ එක්දාස් අටසිය හැටඑක්වැනි (1861) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ලක්දිව
රහතන් වහන්සේලාගේ විමානයක් බවට පත්වෙමින් ඇත. ඔවුන් එකිනෙකා සමග වාද විවාද
කරගනිමින් රහත් කෝලාහලයක් ඇතිකරයි. එය උග්‍ර මනෝ ව්‍යාධියකින් අවසන්වනු ඇත.
ඒ
නිසා හැකි ඉක්මනින් මෙම භාවනා ක්‍රමය එක් වතාවක් හෝ අත්හදා බලන්න. පහත වෙබ්
අඩවියෙන් ඒගැන තොරතුරු ලබාගන්න.
https://www.dhamma.org/en/schedules/schgiri
වසන්ත
නමස්කාර ගේ එක්දාස් අටසිය හැටහතරවැනි (1864) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
පේමන්ට්
එකේ තිබෙන පොත්, ලස්සන
මඩුවක් ගසා, මේසයක්
උඩතබා සංගීත නාද පවත්වා,
ක්ෂනික ආහාර විකිණිමට තැබීම
ලක්දිව පොක් ප්‍රදර්ශන කලාවයි.
ලක්දිව
පොත්පත් කියවන්නන් පට්ට කුහක චර්යාවන් පෙන්වයි. කවි, ගීත, නවකතා
ආදී සාහිත්‍යයේ තිබෙනදේ ඔවුන්ගේ ජීවිතය තුල නැත. එය මවාගත් දෙබිඩි චර්යාවකි. එය
මනෝ ව්‍යාධියකි. මවාගත් රංගනයකි.
වසන්ත
නමස්කාර ගේ එක්දාස් අටසිය හැටතුන්වැනි (1863) සජීවී
සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
ලක්දිව
සරසවි ඇදුරන් ප්‍රමුඛ අචාර්ය මහාචාර්ය වරුන් කිසියම් අසාමාන්‍ය චර්යාවන්ගෙන්
පෙලෙති. ඔවුන් අනෙකගේ දැණුමට ඊර්ෂා කරති. හැකියාවන් සහිත පුද්ගලයින්ට සියුම්ව
පහරදෙයි. අනෙකාගේ දැණුම සොරාකමින් තමාගේ දෙයක් ලෙස කියයි.
කිසියම්
මානසික ව්‍යාධියක් තුලට ඇතුල්වන ඔවුන් සාමාන්‍ය ජනයාගෙන් වෙන්ව සිටීමට උත්සාහ
ගනියි. එය තනි වීමක්නොව අනෙකාට වඩා තමා දන්නබව ඇගවීමයි. තමාගේ දැණුම අනෙකාට නොදී
සිටීමට උත්සාහ කරන ඔවුන් ඒ සදහා අසාර්ථක උත්සාහයන්වල නිරතවෙයි. එයට ප්‍රධාන හේතුව
වන්නේ තමාගේ නොදන්නාබව අනෙකාට දැනේවියන භීතිකාව නිසාවෙනි.
සරසවි
ඇදුරුබව, මහාචාර්යබව රදවාගැනීමට මාරාන්තික උත්සාහයන්වල නිරතවෙයි. තමාගේ
නොහැකියාවන් ගැන හොදින්ම දන්නා ඔවුන් තමාගේ පැවැත්මට දැණුම ලබාගන්නේ කෙසේදැයි
මාරාන්තික භීතිකාවකට පත්වෙයි. එතැනදී ශාස්ත්‍රීයව නන්නත්තාරවන ඔවුන් කලයුත්තේ
කුමක්දැයි නොදනියි.
මෙන්න
මේ අවස්ථාවට පත්වූවිට සරසවි ඇදුරන් සහ මහාචාරයවරු පර්යේශන නිබන්ධන සකස්කිරීම සදහා
මුදල්ගෙවා කුලීකරුවන් යොදාගනියි. එම කුලී කරුවන්
මුදලට දැණුම සොයා මහාචාර්ය වරුන්ට සහ සරසවි ඇදුරන්ට ලබාදෙයි. ඉතා රහසිගතව
සිදුවන මෙම ගනුදෙනුව හෙලි නොකිරීමට දෙදෙනාම බැදීසිටි.
මෙතැනදී
මෙලෝ සසරක් නොදන්නා සරසවි ඇදුරන් සහ මහාචාර්ය වරුන් ඉගැන්වීම සදහා සටහන් මත පමනක්
යැපෙයි. මොවුන් ඉතා සුගුනවත් පුද්ගලයින් ලෙස
සිසුන්ට දුවේ, පුතේ කියමින් ඉතාමසුදු අතිපාරිශුද්ධ චරිතයක් ලෙස රගපායි.
නැතිනම් කමාට මහා ඥානයන් තිබෙනබව අගවමින් දරුණු විනයානුකූල චරිතයක් ලෙස පෙනී
සිටියි.
මේ
කුහක පිලිවෙත සරසවි ඇදුරන් එකිනෙකා දනියි. ඒ නිසාම ඔවුන් තිත්ත කසාය බොනලද
ගොලුවන්ලෙස සිටියි. එකිනෙකා රහසිගතව කුලල් කාගනියි. සරසවි ඇදුරු ප්‍රජාවයනු හතුරන්
එකට ජීවත්වීමේ ක්‍රියාදාමයයි. තමාගේ අසාර්ථක බව තවදුරටත් නඩත්තු නොකල හකි නිසාවෙන්
ඕවුන් ඊලට කරන්නේ කිසියම් දේශපාලන පක්ෂයකට හේත්තුවී තමාගේ පැවැත්ම සකස්කර ගැනීමයි.
අනකාගේ
දැණුමට ඊර්ෂා කිරීම.
කුහකබව.
තනතුරුවලට
කෑදරබව.
ක්ෂනික
කෝපය.
ලිංගික
හුරතල්බව.
ව්‍යාජ
සමාජ ප්‍රගමනය සදහා පෙනී සිටීම.
විශාල
පොත්රාක්ක පවත්වාගෙනයාම.
සිනාසෙමින්
හෝ එසේ නැතිව පොත් රාක්ක ඉදිරියේ පෑනකින් ලියන ආකාරයෙන් ජායාරූප ගැනීම.
දාර්ශනික
බව මතුවන ආකාරයෙන් ජායාරූප ගැනීම.
තමාගේ
ආචාර්ය මහාචාර්ය බව නිරතුරුවම ප්‍රදර්ශයනය කිරීම.
ආදී
බොහෝ මනෝව්‍යාධීන්ගෙන් සරසවි ඇදුරන් සමන්විතය. ඉතාම කලාතුරකින් එසේ නොවන්නන් සිටිය
හැකිය එය ඉතාම විරල අවස්ථාවකි.
Comments
Post a Comment