වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අසූඅටවැනි (1888) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා බුදුවුනාට කමක් නෑ. ලස්සන ගෑනු දිහාත් බලන්න. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවේය.

දුර්ගේෂ්වරී  සිද්ධාර්ථට එසේ කීවේ විහිලුවටම නොවේ. එය ඇගේ අවංක ප්‍රකාශයකි. එයින් සිද්ධාර්ථගේ කල්පනා ලෝකය දෙදරාගියේය. බොහෝ මනෝව්‍යාධීන් සුවපත්විය. සිද්ධාර්ථගේ දෙපය පොළවේ පිහිටියේය. බුද්ධත්වයේ පදනම ඇතිවිය. දුර්ගේෂ්වරීගේ ඒ වචන වලින් සිද්ධාර්ථගේ ප්‍රේමය, රාගය, ආදී බහුරූපික ආශාවන් එකක්විය. දෙබිඩි චර්යාවන් නැතිවී එක් අයෙක් පමනක්මවිය. ඒ මොහොතේ පටන් සිද්ධාර්ථගේ සියලුම ගැහැණුන් මැකීගොස් දුර්ගේෂ්වරී පමනක් ඉතිරිවිය. දුර්ගේෂ්වරී සහ සිද්ධාර්ථ යනු දෙදෙනෙක් නොව එක් මනෝධාරාවක් බවට පත්විය. එය බුද්ධත්වයයි. බුදුවූයේ සිද්ධාර්ථ ද? දුර්ගේෂ්වරී ද? දෙදෙනාම ද? ‍දෙදෙනාම නොවේ ද? ආදී වශයෙන් වෙන්කල නොහැක. එකක් ලෙසද සිතිය නොහැක. එය නිවනයි.

සිද්ධාර්ථ ඇයි ඔයා මාර ධූතිකාවෝ නටන දිහා බැලුවේ නැත්තෙ? දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවේය. සිද්ධාර්ථට වෙනත් ගැහැණුන් නොපෙනෙයි. සිද්ධාර්ථ දුර්ගේෂ්වරී තුල සමාධිගතවී ඇත.

සිද්ධාර්ථ ඇසි ඔයා මාගන්ධියාට අසූචි කලයක් කිව්වෙ? දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවේය. එහෙත් කිසිම දිනෙක සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට අසූචි කලයක් කිව්වේ නැත. තමා මරණාසන්නව සිටියදී එළදෙනකගෙන් දෑතට කිරි දොවා ‍තමාට පෙවූ දුර්ගේෂ්වරීගේ දෑතට සිද්ධාර්ථ ගොඩක් ආදරය කලා.

සිද්ධාර්ථ සුජාතාවගේ කිරිපිඩු රසයි ද? දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවේය. එහෙත් ඒ කිරිබත් ආහාරයට ගන්නාවිට සිද්ධාර්ථට දැනුනේ දුර්ගේෂ්වරීගේ දෑතේ   කිරිසුවදයි.

සිද්ධාර්ථ දවසක ගිහින් යශෝධරාවයි ළමයවයි බලල එන්න. ඔයා ගෙදරින් එන දවසේ ඔයා මාළය තෑගිකරපු කෙල්ලවත් බලලා එන්න. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවේය. එවිට දුර්ගේෂ්වරී කෙරෙහි වූ සිද්ධාර්ථගේ බැදීමට ගෞරවය ගලා එන්නට විය.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අනූදෙවැනි (1892) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ දුර්ගේෂ්වරීගේ කිරිදුවද හමන දෑතට බෙහෙවින්ම ඇලුම්කලේය. මරණාසන්නව සිටි සිද්ධාර්ථට නැවත ජීවය ලැබුනේ දුර්ගේෂ්වරීගේ එම දෑතෙනි. ඒ සුවද පිරිනිවන් පානා මොහොතේ දීත් සිද්ධාර්ථට දැනුනි.


වසන්ත නමස්කාර ගේ එක්දාස් අටසිය අනූඑක්වැනි (1891) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා නොකා නොබී මියගියහම කව්ද? බුදුවෙන්නෙ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවේය. එයින් සිද්ධාර්ථගේ චින්තනය නෙස්විය.


වසන්ත නමස්කාරගේ එක්දාස් නවසියවැනි (1900) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මේදිනවල ලක්දිව රහතුන් බොහොමයකි. ඔවුන් එකිනෙකා සමග වාග්ප්‍රහාර එල්ල කරමින්, සටන් කරමින් කුලල්කාගනිති. කමක්නෑ. ඒක ඔවුන්ගේ කැමැත්ත. එහෙත් මෙම වාද විවාදයන් සන්නද්ධ සටන් දක්වා වර්ධනයවෙයි. අතින් පයින් පටන් ගන්නා එය දඩු මුගුරු දක්වා වර්ධනය වෙයි. පසුව එය අවි ආයුධ දක්වාපවා වර්ධනය වීමට ඉඩ ඇත. එය ඉතාම භයානකයි.

එක්තරා දිනෙක ඉන්දියාවේ චෙන්නායි නගරයේසිට බරණැස දක්වා දුම්රියෙන් ගමන් කරමි. එහි ලංකාවෙන් දඹදිවයන වන්දනා නඩ බොහොමයකි.

එක් වන්දනා නඩයක ස්වාමීන් වහන්සේ කෙනෙක් මහමෙවිනාවේ පැවිදිවූ හිමිනමකි. අනෙක් හිමිනම වෙනත් නැනක පැවිදිවී ඇත. දෙදෙනාම ධර්ම සකචජාවකට වැටුනි. තවත් දිනදෙකක් දුම්රියේ ගමන්කල යුතුය.

ඔවුන් මා හදුනන්නේ නැත. ඔවුන් සිතා සිටින්නේ මම ඉන්දියාවේ කෙනෙක් කියාය. ඉහල සිට මම ඔවුන්ගේ ධර්ම සාකචුජාව අසා සිටියෙමි. එය මුලදී ඉතාම සුහද ශිලී විය.

දැන් සවස්කාලය උදාවෙමින් ඇත. දුම්රිය වේගයෙන් ගමන් කරයි. නැවතත් සුවාමීන් වහන්සේලා ධර්ම සාකච්චාව පටන්ගත්තේය. පැය කීපයක් ගතවිය. දැන් ධර්ම සාකච්චාව තරමක් දරුණු අතට හැරෙමින් පවතියි. එහෙත් ඒ ස්වාමීන් වහන්සේලා තවමත් මා හදුනන්නේ නැත. ටික වේලාවක් ගතවිය. ධර්ම සාකච්ජාව ද්වන්ධ සටනක්කරා වර්ධනය විය. සිවුරු ගලවා දැමූ දෙනම අදනයපිටින් නිවන වෙනුවෙන් සටන් කිරීමට සැරසෙයි. මා බලා සිටීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවූයේ මම ඉන්දියානුවෙක් යැයි ඔවුන් සිතන නිසාය. තව ‍මොහොතකින් සටන ඇවිලීයාමට ආසන්නය.

ඒ මොහොතේ එතැනට නඩේගුරෙකු පැමිනියේය. ඔහු වහාම ගැටුම තාවකාලිකව සමතයකට පත්කර එක් ස්වාමීන්වහන්සේ නමක් වෙනත් මැදිරියකට කැදවාගෙන ගියේය. ඒ මොහොතේ මට සිහිවූ එකම පුද්ගලයා ගොයින්කා තුමාය.

ඔබත් බුදුන්වහන්සේ දේශනාකලේ මොනවගේ දෙයක්දැයි දැනගැනීමට අවශ්‍යනම් මෙම භාවනා ක්‍රමය ජීවිතයේ එක් වතාවක් හෝ අත්හදා බලන්න. 

https://www.dhamma.org/en/schedules/schtapovana

එය ඔබට ගැලපෙන්නේ නැතිනම් අතහැර දමන්න. එහෙත් නිවන වෙනුවෙන් කිසිම දිනෙක තවත් කෙනෙක් සමග ගැටුමකට නොයන්න.

එය මගේ දෙවගනට අමතරව ඉන්දියාවෙන් මට ලැබුනු දායාදයකි.

 

Comments