වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිවැනි (1920) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ගොපලු ගම්මානයේ දුර්ගේෂ්වරී සමග බොහෝ කාලයක් ගතකලේය. ඒ කාලය සිද්ධාර්ථගේ ජීවිතයේ සුන්දරම කාලයයි.

සිද්ධාර්ථ ඔයා දැන් ගොඩක් ලස්සනයි. රජපෙනුම හොදට තියෙනවා. යන්න ගිහින් අතහැරලාදාපු රාජ්‍යත්වය අරගන්න. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවේය.

මම යුද්ධ කරන්න කැමති නෑ.

කව්ද ඔයාට යුද්ධ කරන්න කිව්වෙ?

යුද්ධ කරන්නෙ නැතුව කොහොමද රාජ්‍යයක් ලබාගන්නෙ?

ඒකට ක්‍රමයක් තියෙනවා.

ඒ මොකක්ද?

ඔයා රජගෙදරින් ආවේ යමක් හොයාගෙනනේ ද?

ඔව්.

ඒ හොයපු දේ ඔයාට දැන් හම්බවුනානෙ.

එහෙම වුනේ දුර්ගේෂ්වරී ඔයා නිසා.

ඒ විදිහටම හිතන්න එපා. ඒකට ඔයාගෙත් ලැබීමක් තියෙන්න ඕනෙ.

ඉතින් ඔයාට ලැබුනදේ අනෙක් අයටත් කියලාදෙන්න. අන්න එහෙම තමයි රජ වෙන්නෙ.

ඒක කරන්න බෑ.

ඇයි බෑ කියන්නෙ.

හැමතැනම ඉන්නේ යශෝධරා වගේ ගෑණු නිසාද?

ඔව්. මිනිස්සුන්ගේ Sex සම්පූර්ණ වෙන්නේ වාසනාවකට.

ප්‍රශ්නෙ තියෙන්නෙ Sex වලනේ.

ඔව්.

ඉතින් Sex අයින් කරන විදිහ උගන්වන්න.

දෙයක් ලැබෙන්නේ නැතිව අයින් කරන්න පුලුවන්ද?

උගන්වලා බලන්නකෝ.

ඔයා එහෙම නොකලොත් සිද්ධාර්ථ ඔයාගේ ගමන අසාර්ථකයි. දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථහට ජයගැනීමට ඉතා අසීරු එහෙත් කලයුතුම ඉලක්කයක් පෙන්වාදුන්නේය.

එවිට සිද්ධාර්ථට දුරගේෂ්වරීගේ ආරක්ෂාව ගැනත් සිහිපත්විය. ඔහු ඒගැනත් ඉතා සියුම් ආකාරයෙන් කල්පනා කරන්නටවිය.

සිද්ධාර්ථ අපිට තවත් ලබාගන්න දෙයක් නෑ‍. අපිදෙන්නා නිකම් මැරෙනවාට වඩා හොදයිනේ ඒ විදිහේ වැඩක් කරනඑක. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවේය.

ඒක යුද්ධ කරනවාට වඩා අමාරුයි. සිද්ධාර්ථ කීවේය.

ඔව් ඒකතාව ඇත්ත. අපි ඒ වැඩේ සමාජ සම්මතයට අනුව සැලසුම් කරන්න ඕනේ.

කොහොමද ඒක කරන්නෙ.

සිද්ධාර්ථ මේ බලන්න. මේ ගොපලු ගම්මානය තමයි ඔයාගේ විශ්වවිද්‍යාලය. මේකෙ ඉන්නවා එක එක විදිහේ හරක් ඔයාට ඉගෙනගන්න වෙන්නේ ඒ අයගෙන්. අමාරු සැලැස්මක් ඒත් අපි මේ වැඩේ කරන්නම ඕනේ. 

දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථ රාජ්‍යත්වය ලබාගැනීම සදහා පුහුනු කිරීම ආරම්භකලේ ඒ ආකාරයටය.  

 

වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිදෙවැනි (1922) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

සෑම සවස් කාලයකම ගොපලු ගම්මානයේ ගෙපිල මත වාඩිවන දුර්ගේෂ්වරී සහ සිද්ධාර්ථ බොහෝ දේ කතා කරයි. එදින ඔවුන් මෙවැනි කතාබහක නිරතවිය.

සිද්ධාර්ථ ඔයා දැන් ගොඩක් ලස්සනයි. නිදහස් මිනිසෙකුගේ පෙනුම දැන් ඔයාට තියෙනවා.

සිද්ධාර්ථ ඔයාට නිකමටවත් හිතුනේ නැද්ද ගුරුවරුන් උගන්වද්දී ඒ උගන්වන දේවල් වැරදියි කියලා. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවේය.

මේ බලන්න මේ හරක්දිහා ඒ අයට ගුරුවරු නෑ. ඒත් ඒගොල්ලන් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා.

කව්ද ඔයාට දුෂ්කරක්‍රියා කරන්න ඉගැන්නුවේ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් එසේ අසනවිට සිද්ධාර්ථට සිහිවූයේ තමා රජගෙදරදීත් කරමින් සිටියේ දුෂ්කරක්‍රියාවක් බවයි.

දුර්ගේෂ්වරී ඔයා හරි. මම රජගෙදරදීත් කරමින් හිටියේ දුෂ්කරක්‍රියාවක්.

රජගෙදරදී විතරක් නෙමෙයි සිද්ධාර්ථ ඔයා මහණවෙලත් කලේ දුෂ්කරක්‍රියාවක්.

Comments