වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිපස්වැනි
(1925) දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.
එදිනද සුපුරුදු ලෙසම ගොපලු ගම්මානයට සවස්
කාලය උදාවිය. ගෙපිලමත වාඩිවීසිටි සිද්ධාර්ථ අසලින්ම දුර්ගේෂ්වරී වාඩිවිය. සෑම සවස්
කාලයකදීම ඇය එසේ කරයි.
සිද්ධාර්ථ මොනවද කල්පනා කරන්නෙ. ඔයා
දැන් ගොඩක් ලස්සනයි. රජ පෙනුම හොදට තියෙනවා.
දුර්ගේෂ්වරී එසේ කියන බොහෝ අවස්ථාවලදී
සිද්ධාර්ථට මතක්වූයේ තමා නොකානොබී දුෂ්කරක්‍රියාකල කාලයයි.
බොහෝ වෙලාවට දුර්ගේෂ්වරී විසින්
සිද්ධාර්ථගේ රූපය වර්ණනා කරයි. එවිට සිද්ධාර්ථ විසින් දුර්ගේෂ්වරීගේ රූපය
ඉක්මවාගිය ඇගේ සුපිරිසිදු ආධ්‍යාත්මය දකියි. එහෙත් කිසිම දිනෙක එය සිද්ධාර්ථ
වචනයෙන් ප්‍රකාශ නොකරයි. දුර්ගේෂ්වරී කෙරෙහිවන සිද්ධාර්ථගේ ප්‍රේමනීය බැදීම වචනය ඉක්මවාගිය ආධ්‍යාත්මික සංවේදී බවකි. එය
සිද්ධාර්ථටත් වඩා හොදින් දුර්ගේෂ්වරී දනියි. ඒ ප්‍රේමනීය බැදීම සිද්ධාර්ථ සහ
දුර්ගේෂ්වරී නිර්වානයට පත්කරයි.
සිද්ධාර්ථ බයනැතිව ආධ්‍යාම්ක යුද්ධයට
පටන් ගන්න. අතහැරල දැම්ම රාජ්‍යය නැවත ලබාගන්න. සිද්ධාර්ථ අපි දැන් දිණල ඉවරයි. ඒ
නිසා කිසිම දවසක ඔයා නැවත පරදින්නෙ නෑ. දුර්ගේෂ්වරී එසේ කියනවිට සිද්ධාර්ථට දැනුනේ
තමා රජවී ඇතිබවයි.
පසුදින උදෑසනම දුර්ගේෂ්වරී සිද්ධාර්තට
කතාකලේය. එන්න සිද්ධාර්ථ. තමන් දන්නදෙය අනෙක් කෙනාට කියල දෙනවිදිහ ඔයා තවත්
ඉගෙනගන්න ඕනෙ.
ගොපලු ගම්මානයේ ගවයින් යොදාගනිමින් දුර්ගේෂ්වරී
විසින් සිද්ධාර්ථව නවසංනිවේදන රටාවකට හුරුකිරීම පටන්‍ගත්තේය.
එයින් සිද්ධාර්ථ දුර්ගේෂ්වරීගේ ඥානයගැන
මවිතයට පත්විය. ඔහු කිසිම දිනෙක කිසිම ගුරුවරයෙකුගෙන් මෙවැනි සංනිවේදන සිද්ධාන්ථයන්
ඉගෙනගෙන තිබුනේ නැත.
සිද්ධාර්ථතුල පවතින දුර්ගේෂ්වරී
කෙරෙහිවන ප්‍රේමනීය බැදීමට ගුරුගෞරවය ඉක්මවාගිය හැගීමක් එකතුවෙමින් තිබුනි. එය කෙසේනම් වචනයෙන්
විස්තර කරන්නද? එය දුර්ගේෂ්වරී සහ සිද්ධාර්ථගේ නිවන් සුවයයි.
Comments
Post a Comment