වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිඅටවැනි (1928) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ථාර්ථ කෙවිට අල්ලන ආකාරය දැකීමෙන් දුර්ගේෂ්වරී බොහෝ අවස්ථාවල දී සිනාසෙන්නට විය.

ඇයි දුර්ගේෂ්වරී ඔයා හිනාවෙන්නෙ. සිද්ධාර්ථ ඇසුවේය.

ඔයා හරක්ට ගහන කෙවිට අල්ලන්නෙ හරියට කඩුවක්  අල්ලනව වගේනෙ. නියම රජ පෙනුම. රාජකීය පුරුද්ද.

එහෙම නෙමෙයි. කඩුවෙන් කරන දේ නෙමෙයි කෙවිටෙන් කරන්නෙ.

දුර්ගේෂ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ මෙලෙස කීවේය.

මම හුරුවෙලා තියෙන්නෙ කඩුවෙන් සටන් කරන්න. මට කෙවිට නුහුරුයි.

ධර්මයුද්ධ කරන්න කව්ද අනේ කඩු පාවිච්චි කරන්නෙ. දුර්ගේෂ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ සිනාසුනේන.


දුර්ගේෂ්වරියේ ගොපලු ගම්මානයේ සිද්ධාර්ථගේ සුන්දරම කලය ගතවෙමින් තිබෙයි. නිර්වානාවබෝධයෙන් ලැබූ මානසික සතුට සිද්ධාර්ථගේ සිරුර පුරාම පැතිරීඇත. එයින් ඔහුගේ රූපය සුන්දරත්වයෙන් පිරීයයි. ඔහුගේ අසමසම රූපය දැකිමෙන් දුර්ගේෂ්වරී අවසන්නොවන සුරාන්තයකට පැමිනෙයි. එය ඇගේ නිර්වානයයි.

දුර්ගේෂ්වරි විසින් සිද්ධාර්ථව ආධ්‍යාත්මික යුද්ධය සදහා පුහුණු කිරමින් සිටියි. ඇය ඒසදහා යොදාගන්නේ ගොපලු ගම්මානයේ ගවයින්ය.

දුර්ගේෂ්වරීගේ ඥානය ගැන සිද්ධාර්ථ නිරතුරුවම පුදුමයෙන් පුදුමයට පත්වෙයි. තමාකෙරෙහි තිබෙන සිද්ධාර්ථගේ ගෞරවාන්විත හැගීම සිද්ධාර්ථහට වචනයෙන් විස්තරකල නොහැකි බව දුර්ගේෂ්වරී දනියි. සිද්ධාර්ථගේ ජීවිතය පුරාම ඔහු  කිසිම දිනෙක එය විස්තර කිරීම උස්සාහ ගත්තේද නැත.

Comments