වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය විසිනවවැනි (1929) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින සවස්කාලය උදාවනතෙක් දුර්ගේෂ්වරී නොඉවසිල්ලෙන් බලාසිටියාය. ගොපලු ගම්මානයේ සියලුම ගවයින් ඔවුන්ට සුපුරුදු ස්ථානවල ලැගුම්ගෙන ඇත.

තමා සොයමින්සිටි ප්‍රේමනීය පුද්ගලයා ඇයට ලැබීමේ නිවන්සුවය දුර්ගේෂ්වරී අත්විදිමින් සිටියි. සිද්ධාර්ථගේ රූපයට එහාගිය බුද්ධියට දුර්ගේෂ්වරී බෙහෙවින්ම ප්‍රියකලාය.

එදිනද සවස්කාලයේ සුපුරුදු ලෙසම සිද්ධාර්ථ ගෙපිලමත වාඩිවිය. දුර්ගේෂ්වරි එදින ගිතෙල් පහනක්ද රැගෙන සිද්ධාර්ථ අසලට ගොස් පහන මදක් ඈතින් තැබූ ඇය සිද්ධාර්ථ අසලින්ම  වාඩිවිය.

මධ්‍යම රාත්‍රිය ආසන්නවනවිට ගිතෙල් පහන නිවීයාම ආරම්භවිය. දුර්ගේෂ්වරී බලාපොරොත්තුවෙන් සිටියේද ඒ අවස්ථාවයි.

සමහර දිනෙවලදී දුර්ගේෂ්වරී පහනක් රැගෙන ඒම සමාන්‍ය දෙයක්නිසා සිද්ධාර්ථ එදින ඒගැන වැඩිකල්පනාවක් නොකලේය. එහෙත් එදින දුර්ගේෂ්වරීට විශේෂ දිනයක්විය.

සිද්ධාර්ථ මේ පහන් දැල්ල දිහා හොදින් බලන්න. ඔයාට මොනවද පෙනෙන්නෙ.

පහන්දැල්ල ක්‍රමයෙන් නිවීයනවා. සිද්ධාර්ථ කීවේය.

සිද්ධාර්ථ තවත් හොදින් බලාගෙන ඉන්න. දුර්ගේෂ්වරී තමාගේ වාරය එනතෙක් ඇය සිද්ධාර්ථගේ මුහුනදෙස බලාසිටියාය.

පහන් දැල්ල නිවීගොස් ගිතෙල් සුවද පැතිරෙන්නටවිය.

සිද්ධාර්ථ ඔයා මොනවද දැක්කේ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන්  ඇසුවාය.

පහන්දැල්ල නිවීගියා. සිද්ධාර්ථ උත්තර දුන්නේ යමක් වටහාගත් ආකාරයෙනි.

කොහොමද පහන්දැල්ල නිවුනෙ.

ගිතෙල් ඉවරවුනු නිසා.

සිද්ධාර්ථ තේරුම් ගන්න. ඒක තමයි අපේ ජීවිතය කියන්නෙ.

පහනේ ගිතෙල් කියන්නේ අපේ ආයුෂවගේ. සිද්ධාර්ථ කීවේය. එවිට අඩඅදුරතුලින් මතුවූ දුර්ගේෂ්වරීගේ සිනහව සිද්ධාර්ථ දුටුවේය.

සිද්ධාර්ථගේ එම උත්තරයෙන් දුර්ගේෂ්වරී සුරාන්තගතවී නිවන්සුවය අත්වින්දේය.

Comments