වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්එක්වැනි (1931) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වමාමීන් වහන්සේට මම ඉතාම ගරුකරමි. උන්වහන්සේට ගරු කිරීම සදහා උන්වහන්සේගේ වකුගඩුවක් දන්දීම පමනක්ම ප්‍රමානවත්ය.

එහෙත් උන්වහන්සේගේ බොහෝ ධර්මදේශනා අතර schizophrenia   නැමති මානසික රෝගයේ ලක්ෂන ඇත. එය කුමක්දැයි සෙවීම සදහා මම කාලයක් ඉන්දියාවේ බුද්ධභූමි අතර නැවතී සිටියෙමි.

schizophrenia රෝගය නිසා මැවෙන අත්භූත රසය ජීවිතයට යම් ප්‍රමානයකට අවශ්‍යය. ‍එහෙත් එය රෝගයක් බව නොදැන සිටීම ඉතාම භයානකය. මේ ගැන මනෝ වෛද්‍යවරුන් ප්‍රසිද්ධියේ කතා නොකරයි. ඒ සමාජ ප්‍රශ්න රාශියක් මතුවෙන නිසාවෙනි.

එහෙත් චිත්‍ර කලාව නැමති විෂය තුලදී අපට මේගැන ප්‍රසිද්ධියේ කතාකල හැකිය.

පූජ්‍ය නිර්බත්ගොඩ ඥාණානන්ද ස්වමාමීන් වහන්සේ සවිඥානිකව මෙවැනි ධර්ම දේශනා කරනවානම් ප්‍රශ්නයක් නැත. එහෙත් එවැනි එවස්ථාවක් ගැන අපට පැහැදිලි නැත. schizophrenia රෝගය ඇතිවූවිට එය සත්‍යයලෙසම පෙනීම ස්වභාවිකය. එය schizophrenia  රෝගයේ ලක්ෂනයකි.

මේවැනි කාරනා දැනගත් පසුව උන්වහන්සේට ගැරහීම හෝ නින්දා අපහාස කිරීම නොකලයුතු දෙයකි. පෙරලෙසම පුදපූජා සහ ගරුසරු දක්වමින් schizophrenia  රෝගයේ ස්වභාවය ගැන සවිඥානිකව ජීවත්වියයුතුය.

හැකිනම් ඒගැන උන්වහන්සේ දැනුවත්කල යුතුය. එහෙත් එය සිතන තරම් පහසු කාර්යයක් නොවනු ඇත. අපට එය කොහෙත්ම කලනොහැකි දෙයකි. උන්වහන්සේ අපේ සීමාවෙන් බොහෝ ඈතින් ජීවත්වෙයි.

උන්වහන්සේගේ ගෝල හිමිනමක්වන වැලිමඩ සද්ධාශිල ස්වාමීන්වහනිසේගේ ධර්ම දේශනා අතරත් schizophrenia  රෝගයේ ලක්ෂන ඇත. උන්වහන්සේ එය සවිඥානිකව කරනවානම් ප්‍රශ්නයක් නැත. ඇත්තටම schizophrenia  රෝගය නිසාම කරනවානම් එය ඉතාම භයානක තත්වයති.

Comments