වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්දෙවැනි
(1932) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
දුර්ගේෂ්වරී ප්‍රදේශයට සීත කලය උදාවෙමින්
පැවතියේය. වෙනදාට තැන්නැන්පල නිදාගන්නා ගවයින් දැන් එකිනෙකාට ඉතා සමීපව නිදාගනියි.
ඒ රාත්‍රියේ සීතල නිසාවෙනි. ඉදිරි කාලයේදී ගවයින් සදහා රාත්‍රී කලයට ගිනිමැලයක්
දැල්වීමද කලයුතුව ඇත.
වෙනදා මෙන්නොව මේ දිනවලදී රාත්‍රීයේ දී
දුර්ගේෂ්වරී සිද්ධාර්ථට තුරුලුවී සිටියි. එයින් ඔවුනොවුන්ට උනුසුම ලැබීමෙන් දෙදෙනාගේම
සීතල යම්ප්‍රමානයකට දුරුවීයයි.
එදින රාත්‍රියේ තරමක් තද සීතල
සුලංහමයි. ඒ සුලගට ගවයින්ගේ සුවද මුසුවීමෙන් අමුතුම චමත්කාරයක් මතුවෙයි.
කිරිදෙනුන්ගේ කිරි සුවද හමාඑයි.
දුර්ගේෂ්වරී එදිනද ගිතෙල් පහනක්
අතින්ගෙන එක් අතකින් පහන තදසුලගින් ආවරනය කරගෙන සිද්ධාර්ථ අසලින් වාඩිවිය.
සිද්ධාර්ථ දුර්ගේෂ්වරීගේ දෑත දෙස ඉතාම
ගෞරවාන්විතව බලයි. දුෂ්කරක්‍රියාවෙන් මරණාසන්නවසිටි සිද්ධාර්ථව බේරාගත්තේ
දුර්ගේෂ්වරීය. ඇය අසල සිටි ගවදෙනකගෙන් කිරි දොවමින් සිද්ධාර්ථට පොවා ඔහු මරණයෙන්
බේරාගත්තාය. කිරිසුවද මුසුවූ දුර්ගේෂ්වරීගේ දෑත නිරතුරුවම සිද්ධාර්ථගේ මතනයේ ඇත.
ඔහු ඒ බව ඇයට නිතර කියයි.
සිද්ධාර්ථ ඔයා මගේ අත්දෙක දිහානේද බලන්නනෙ.
හොදට බලන්න සිද්ධාර්ථ. එසේ කියමින් දුර්ගේෂවරී ගිතෙල් පහන ආවරනය කරගෙන සිටි ඇගේඅත
පහනින් ඉවත්කලාය.
තද සීතල සුලං හමාඑයි. පහන් දැල්ල ඒ
සුලග සමග පොරබදමින් ජීවත්වීමට උත්සාහ කරයි. එට සාර්ථක වුයේ නැත. ටිකවේලාවකින් සුලග
සමග පොරබැදූ පහන්දැල්ල නිවී ගියේය.
සිද්ධාර්ථට තුරුලුවූ දුර්ගේෂ්වරී
ඔහුගෙන් මෙසේ ඇසුවාය. සිද්ධාර්ථ පහන්දැල්ලේ ජීවිතයට මොකදවුනේ.
එදින මධ්‍යම රාත්‍රිය උදාවනතෙක්ම ඔවුන්
මරණය ගැන බොහෝ දේ කතාකලාය.
Comments
Post a Comment