වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්තුන්වැනි
(1933) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
එදින දිවා කාලයේ දුර්ගේෂ්වරියේ කුඩා
කදුමුදුනක් මත සරුවට වැවී තිබූ බෝගස යට සිද්ධාර්ථ උඩුකුරුව නිදා සිටියාය.
අසලසිටි ගව දෙනකගෙන් කිරි දෝතක් තමාගේ
අත්ලට දොවාගත් දුර්ගේෂ්වරී එය උඩුකුරුව නිදාසිටි සිද්ධාර්ථගේ කටට දැමුවාය.
සිනාසී අවදිවුන සිද්ධාර්ථ පද්මාසනයෙන්
හිදගෙන මදක් කල්පනා කරන්නටවිය.
ඇයි සිද්ධාර්ථ මම විහිලුවක්නෙ කලේ.
දුර්ගේෂ්වරීද සිනාසෙමින් සිද්ධාර්ථගෙන් විමසූවාය.
ඇත්ත. එත් ඒක විහිලුවක්ම නෙමෙයි. ඔයා
මේ විදිහටම තමයි දුෂ්කරක්‍රියා කරලා මැරෙන්න මොහොතකට කලින් මාව බේරගත්තේ.
සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට කීවේය.
සිද්ධාර්ථ ඔයා ඒක ගැන ඒතරම් හිතන්න
එපා. ඒවා සොබාදහමේ සැලසුම්. යැයි කියමින් දුර්ගේෂ්වරී තමාගේ හිසේ තිබූ කහපාට
පර්දාවගෙන සිද්ධාර්ථගේ සිරුරේ උතුරු සලුවක්මෙන් පැලදූවාය.
සිද්ධාර්ථ දැන්ඔයා ඇත්තටම සත්‍යයය
සොයාගත් නෙනෙක්. ඒ සුන්දර පෙනුම ඔයාට දැන් ඒ විදිහටම තියෙනවා. ඔයාට ධර්ම යුද්ධයට
මේ ඇදුම හොදට ගැලපෙනවා.
එදින සවස් කාලය වනතුරුම සිද්ධාර්ථ
දුර්ගේස්වරී විසින් පැලදූ උතුරු සලුව තමාගේ සිරුරින් ඉවත්කලේ නැත. ඔහුඑය ඉතා
ඕනෑකමින් පැලද සිටිනබව දැකීම දුර්ගේෂ්වරීට මහත් සතුටක් ගෙනදුන්නාය.
තමාට අහම්බෙන් හමුවූ සිද්ධාර්ථ නම්වූ
වටිනා මැණික තවතවත් සුන්දරලෙස ඔපමට්ටම් කිරීම ඇගේ එකම නිර්වනයයි.
Comments
Post a Comment