වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්හතරවැනි (1934) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදිනද සුපුරුදුලෙස සවස් කාලයේ දුර්ගේෂ්වරී සිද්ධාර්ථ වෙත ගියාය.

එදින ඇය ජීවිතයේ මින්පෙර කිසිම දිනෙක නොදුටු දර්ශනයක් දුටුවාය. එය ඇයට අදහා ගැනීමට බැරිතරම් පුදුමය දනවන්නක්විය.

එදින ඉපදුනු ගව පැටියෙක් ගෙපිලමත වාඩිවී සිටින සිද්ධාර්ථගේ උකුලමත නිදාසිටියි. පැටියාගේ මව්දෙන ඈතින් පැටියා දෙස බලා සිටියි.

එකවරම සිද්ධාර්ථ අසලට නොගිය දුර්ගේෂ්වරී මදක් නැවතී කල්පනා කරන්නට විය.

සිද්ධාර්ථට සතුන් බොහොම ප්‍රියමනාපයි.

එය ඇයට ඉතා සැනසිලි දායක සිතිවිල්ලක්ද විය. ඉදිරියේදී සිද්ධාර්ථට කිරීමට තිබෙන කාර්යය ඉතාම බරපතල දෙයක්බව දුර්ගේෂ්වරී දනියි. මේ දසුන ඇයට එතරම්ම ප්‍රියජනක වූයේ, මිනිසුන් විසින් යම් මොහොතකදී සිද්ධාර්ථව නොසලකා හැරියොත්  සතුන් විසින් ස්ථීරවම ඔහුට ආරක්ෂාව සපයනබව ඇයට පැහැදිලි වීම නිසාවෙනි.

සෙමින් ඇය සිද්ධාර්ථ අසලට පියනැගුවාය.

සිද්ධාර්ථට අලුත් යාලුවෙක් මුනගැහිල වාගේ.

දුර්ගේෂ්වරී කියනවිට ගවපැටියාගේ මව්එළදෙන යම් ශබ්දයක් නගන්නටවිය. එම ශබ්දය දුර්ගේෂ්වරීගේ ප්‍රශ්නයට දුන් පිළිතුරක් හා සමානවිය.

දුර්ගේෂ්වරී දුටුවිට සිද්ධාර්ථ ගවපැටියා ඉවත් ඉරීමට උත්සාහ ගත්තාය.

එපා සිද්ධාර්ථ එයාට එහෙම ඉන්න දෙන්න. කියමින් දුර්ගේෂ්වරී ඔහු අසලින් වාඩිවිය.

ටික වේලාවක් දුර්ගේෂ්වරී නිහඩව සිටියාය.

සිද්ධාර්ථ ඔයා රාහුල කුමාරයාව ඔයවගේ තුරුල්කරගෙන හිටියේ නැද්ද?

නෑ. මම එදා රාත්‍රියේම රජගෙදරින් ආවා.

මොහොතක් නිහඩවසිටි දුර්ගේෂ්වරී සිද්ධාර්ථට මෙසේ කීවාය.

සිද්ධාර්ථ, යශෝධරා එක්ක තියෙන අමනාපය රාහුල කුමාරයා පිටින් යවන්න එපා. පස්සේ දවසක ගිහින් ඒ අයව බලල එන්න.

දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධීන් සම්පූර්නයෙන්ම සුවවී තිබුනි. ඒ ඔවුන්ගේ නිර්වානයයි.

සිද්ධාර්ථ, බලන්න මේ පුංචි සතා දිහා. එයා එයාගේ අම්මටත් වැඩියෙන් ඔයාට ආදරෙයි. ඔයාගේ මනෝව්‍යාධිය නිසා කන්ථක අශ්වයාත් මැරුණා. පව් අසරණ සතා. ඔයා මේ සතාවත් එක පාරටම අයින් කළොත් එයාටත් ඒක දරාගන්න බැරිවෙයි.

දුර්ගේෂ්වරී ඔයා හමුවුනේ නැත්තම් මමත් නිකම්ම මැරෙනවා. සිද්ධාර්ථ දුර්ගේස්වරීට එසේ කියනවිට ඇය සිද්ධාර්ථගේ අදහස නොපිළිගන්නා බවක් නේනූවාය.

එහෙම කියන්න එපා සිද්ධාර්ථ. අපි හමුවුනේ අපි දෙන්නගේම නිර්වානයට.

ටිකවේලාවකින් ගවදෙන සිද්ධාර්ථ අසලටමවිත් ඔහුගේ උකුලමත සිටි තමාගේ පැටියා ලෙවකන්නටවිය. ඉන් පසුව සිද්ධාර්ථගේ උකුලමතින් බිමට බැස්ස පැටවා මව්දෙනගෙන් කිරි බීමට පටන්ගත්තේය. ටිකවේලාවකින් මව්දෙන සහ ඇගේ පැටවා සිද්ධාර්ථගේ සහ දුර්ගේෂ්වරීගේ පාමුල වැතිරුනේය.

සිද්ධාර්ථ මේ සතාගේ සිදුවීම මට හරිම පුදුමයි.

දුර්ගේෂ්වරී ඔයා හරි. කන්ථක අශ්වයාගැන මට තවටිකක් හිතන්න තිබුනා.

නෑ සිද්ධාර්ථ ඒ වෙලාවේදී ඔයාට එහෙම සිතිවිල්ලක් එන්න විදිහක් නෑ.

සිද්ධාර්ථ ඔයාටත් කිරි දෝතක් ඕනෙද?

එපා මම දැන් දුෂ්කරක්‍රියාව අත්හැරියනේ.

ඔවුනොවුන් නිවන්සුව අද්වින්දේය.


Comments