වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්පස්වැනි (1935) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

කුඩා ගව පැටවුන් සිද්ධාර්ථ සමග ඉතාම මිතුරු ය. ඔවුන් මව් දෙන ලඟට යන්නේ කිරි බීමට පමනි.

ගෙපිල මත වාඩි වූ ඇය කම්මුලට අත තබාගෙන සිද්ධාර්ථ ගව පැටවුන් සමග සෙල්ලම් කරන ආකාරය සතුටින් බලා සිටියි. 

ඇගේ මුහුනේ මද සිනහවකි. සිද්ධාර්ථ තවමත් කෙවිට අල්ලන්නේ කඩුව අල්ලන ආකාරයටමය.

සිද්ධාර්ථ ඇත්තටම උයන් කෙළියේ යෙදෙන්නේ දැන් තමයි. 

දුර්ගේශ්වරී ට සිතිවිල්ලක් පහල විය.

ඇය සිද්ධාර්ථ අසලට ගියාය. එවිට කුඩා ගව පැටවුන් ඇයට නොකැමති බවක් පෙන්නුවේ, දුර්ගේශ්වරී විසින් සිද්ධාර්ථ අත්පත් කර ගනීවි යැයි ගව පැටවුන් සිතූ නිසා විය හැකිය. එය දුර්ගේශ්වරී ට වැටහුනි.

දැන් සිද්ධාර්ථ ගේ කොණ්ඩය තරමක් දිගට වැවී ඇත. එය සෙල්ලම් කරනවිට ඔහුට තරමක කරදරයකි.

සිද්ධාර්ථ අසලට ගිය දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගේ කොණ්ඩය උෂ්නීසයක් සේ ඔහුගේ හිසේ ඉදිරිපසට වන්නට සකස්කර එතැනින් ඉවත්විය.

නැවත ගෙපිල මත වාඩි වූ දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගේ රජ පෙනුම දස බලමින් නිවන්සුව අත්වින්දා ය.

Comments