වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්හයවැනි (1936) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ආනන්ද හාමුදුරුවොත් හරියට ලංකාවේ උසස් අධ්‍යාපනයවගේ. මතකය විතරමයි. අවශ්‍යවෙලාවට කලයුතු දේය දන්නෙ නැත. තියරිය විතරමයි. හරියට මේ මොහොතේ  ලක්දිව මහාචාර්ය වරුන්, විද්වතුන් වගේ. දේශපාලනඥයින්ට බැනබැන ඉන්නවාමිසක්  තමන් කරන කෙහෙල් මලක් නැත. තමන්ගේ වාසියට වැඩනරනවා විතරමයි.

සිද්ධාර්ථ ජීවිතයේ අවසාන කාලයේ, එක්තරා දිනක දී දැඩිලෙස රෝගාතුරවිය. ඉවසාගැනීමට නොහැකි තරමේ දිය පිපාසයක් දැනුනි.

ආනන්ද මට වතුර තිබහයි. වතුර ටිකක් ගේන්න. 

සිද්ධාර්ථ ආනන්ද හාමුදුරුවන්ගෙන් වතුර ටිකක් ඉල්ලා සිටියේය.

ආනන්ද හාමුදුරුවෝ ගංගාව අසලටගොස් ආපසුහැරීආවේ ගගේ දිය බොරවී තිබූ නිසාවෙනි.

නැවතත් සිද්ධාර්ථ මෙසේ කීවේය.

ආනන්ද මට වතුර තිබහයි. වතුර ටිකක් ගේන්න.

නැවතත් ආනන්ද හාමුරුවෝ ගංගාව අසලටගොස් ආපසු හිස් අතින් පැමිනියේය.

නැවතත් සිද්ධාර්ථ පෙරලෙම කීවේය.

ආනන්ද මට වතුර තිබහයි. වතුර ටිකක් ගේන්න.

මේ ආකාරයෙන් සිද්ධාර්ථ දිය පිපාසයෙන් වතුර ඉල්ලද්දී ආනන්ද හාමුදුරුවෝ තෙවරක්ම හැරී ආවේය.

දුර්ගේෂ්වරියේ දී මාරාන්තික දුෂ්කර ක්‍රියාවක නිරතවූ සිද්ධාර්ථ නිරාහාරව, දිය පිපාසයෙන් ක්ලාන්තව බිමවැටී මරණයට පත්වීමට ආසන්නව සිටියේය.

සිද්ධාර්ථගේ මරණයට ඇත්තේ තව මොහොතකි. ගොපලු කොල්ලන් සිද්ධාර්ථගේ කනේ කෝටු ගසා. කටට මූත්‍රා කලේය.

ඒ අසලට පැමිනි දුර්ගේෂ්වරී සිදුවෙන්නටයන විනාශය දැක. කොල්ලන් එලවා දමා ඉක්මනින් අසලසිටි එළදෙනකගෙන් කිරීදෝතක් අත්ලට දොවා සිද්ධාර්ථට බොන්න දුන්නේය. ඇය මෙසේ කීප වරක්ම කලේය. සිද්ධාර්ථට ක්‍රමයෙන් සිහිය ආවේය. සිද්ධාර්ථගේ සහ දුර්ගේෂ්වරීගේ ප්‍රේමය ඔවුනොවුන්ට හමුවිය. එය ඔවුන්ගේ නිවන් සුවයයි.

දානන්ද හිමියන් වගේ එදා දුර්ගේෂ්වරී කල්පනා කලානම් අද නිවන් දකින ආගම කුමක්දැයි ඔබම සිතාගන්න.

සිද්ධාර්ථ ඇත්තටම මියයාමට තිබුනේ දුර්ගේෂ්වරියේදී දුෂ්කරක්‍රියා කරන මොහොතේදීය. එහෙත් දුර්ගේෂ්වරී නිසා එය එසේ සිදුවූයේ නැත.

එහෙත් දැඩිලෙස රෝගාතුර වූ සිද්ධාර්ථට වතුර ටිකක් දීමට නෙනෙක් එතැන සිටියේ නැත. ඇත්තටම සිද්ධාර්ථ දුෂ්කරක්‍රියා කලේ බුද්ධත්වයෙන් පසුවය. ඔහුට තෙවරත් ආනන්ද හාමුදුරුවන්ගෙන් වතුර ඉල්ලා සිටීමට සිදුවිය.

එහෙත් සිද්ධාර්ථ රෝගාතුරවූ අවස්ථාවේ දුර්ගේෂ්වරී සිටියානම් බෙහෙතක් සාදා සිද්ධාර්ථට පොවනු ඇත. ආනන්ද හාමුදුරුවන්ට බෙහෙතක්තබා වතුර ටිකක් සොයාගැනීමට නොහැකිවිය.

රජවරුන්ටත් උපදෙස්දුන් සිද්ධාර්ථට අවසාන මොහොතේ බීමට වතුර ටිකක් තෙවරක් ඉල්ලාසිටීමට සිදුවිය. ආනන්ද හාමුදුරුවන්ට අවශ්‍යතාවය තිබුනානම් රාජකීය වෛද්‍ය වරයා ගෙන්වීමට හැකියාවක් නොතිබුනේ ඇයි? මෙතැන එයිට වඩා වෙනත් කාරනාවක් තිබෙයි. රජවරුන් විසින් මහලු සිද්ධාර්ථව නොසලකා හැරියේය.

දැඩිලෙස රෝගාතුරවූ සිද්ධාර්ථට මරණ මොහොතේදීත් දුර්ගේෂ්වරී සිහිපත්විය. ඒත් එදා සිද්ධාර්ථව මරණයෙන්  බේරාගැනීමට දුර්ගේෂ්වරී ඔහු අසල සිටියේ නැත. එදා තමාව මරණයෙන් බේරාගත්, කිරිසුවද පිරුනු දුර්ගේෂ්වරීගේ දෑත මරණ මොහොතේ දීත් සිද්ධාර්ථට සිහිපත්විය.

 

Comments