දවසක් මගේ මිතුරන් සමූහයක් මගෙන් මෙහෙම අහනවා.

අර හුචක්කුවද උඹේ කලාවේ දේවතාවිය.

ඒ කතාව ඇත්ත නිසා. මම කිව්වා ඔව් කියලා.

යකෝ මෙච්චර ගෑණු ඉන්න ලෝකේ උඹට පේන්නෙ එක ගෑණියෙක්නම් ඒක මානසික රෝගයක්. කියලා ඒ යාලුවෝ කියනවා.

මම කිව්වා ඒ මානසික රෝගය මට ගොඩක් වටිනවා කියලා.

එහෙනම් උඹ ඒ මානසික රෝගය කලාව කියලා හිතාගෙන ඒකම ඇද ඇද හිටපන්. කියලා ඒ යාලුවෝ කිව්වා.

මම කිව්වා. හා හොදයි. මම එහෙම කරන්නම් කියලා.

පිස්සෙක් එක්ක කලාව ගැන කතාකරලා වැඩක් නෑ. කියලා ඒ යාලුවෝ යන්න ගියා.

 

තවත් දවසක මගේ යාලුවෙක් මගෙන් ඇහුවා අර කෙල්ලගේ හු..... අදින එකද? කලාව කියලා. ඒ කතාව ඇත්ත නිසා මම කිව්වා ඔව් කියලා. ඊට පස්සේ ඒ යාලුව කිව්වා එනෙම් උඹ ඒ කෙල්ලගේ හු..... ඇද ඇද හිටපන් කියලා. මම කිව්වා හා කියලා.

 

එක්දාස් නවසිය දොළෙස්වැනි (1912) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.


මා වටා මගේ මිතුරන් සමූහයකි. ඔවුන් මගෙන් මෙසේ අසයි.

උඹේ කලාවේ දේවතාවියගේ මොලේ තියෙන්නේ ඔලුවෙද? නැත්නම් ජංගිය ඇතුලෙද?

ජංගිය ඇතුලෙ. මම උත්තර දුන්නෙමි.

එතකොට ජංගිය ඇතුලෙ තියෙන ඒවා තියෙන්නේ ඒකිගේ ඔලුවෙද? මගේ මිතුරන් මගෙන් අසයි.

ඔව්. මම උත්තර දුන්නෙමි.

මේ පිස්සත් එක්ක කලාව ගැන කතා කරලා වැඩක් නෑ. එහෙනම් විස්තර කරපන්. මගේ මිතුරන් මනෝමය අවි අමෝරාගෙන සිටියි.

අපි මොළයෙන් ලිංගය පාලනය කරන්න යන්නේ නෑ. ලිංගයෙන් තමයි මොළය පාලනය කරන්නෙ. මම උත්තර දුන්නෙමි.

ඒකද උඹේ කලාව.

ඔව්.

උදාහරණයක් කියපන්කෝ. මගේ මිතුරන් කියයි.

සිද්ධාර්ථ.

මේකත් එක්ක කලාව ගැන කතා කලොත් අපිත් අපාගතවෙනවා. මගේ මිතුරන් කියයි.

බයවෙන්න එපා. අපාගත වෙන්නේ මමනෙ. ටිකක්  අහගනිල්ලා.

සිද්ධාර්ථ මොලයෙන් ලිංගය පාලනය කරන්න ගිහින් කරන තරමක් කලේ මෝඩ වැඩ. එත් මම සිද්ධාර්ථට වගේම සිද්ධාර්ථ කරපු ගොන් වැඩවලට ගොඩක් කැමතියි.

රජවෙන්න හිටපු එකා රජ කරවන්න හදද්දී ගෙදරින් පැනලා යනවා. ගෑණු නටද්දී මිනිහා නිදි. පිස්සෙක් නෙමෙයිද? සිද්ධාර්ථ බබානෙ, සතරපෙර නිමිතිවලට කලින් ඇගේ හැටි දැක්කෙම නෑ. යශෝධරාට ළමයි හම්බවුනේ හුලගකින්නම් හරි. රජ ගෙදර හිටපු කන්ථක අශ්වයා සිද්ධාර්ථට ගොඩක් ආදරය කලා. මේ ගොනා උගේ පිටේ නැගල ගිහින් අශ්වයා අතහැරලා ගියහම ඒ අහිංසක සතාට දුක හිතිලා පපුව පැලිලා මැරුනා. ඒ සතාව තේරුම්ගන්න බැරිවුනේ මානසික රෝගයක් නිසා නෙමෙයි ද? මේ දහදුරා වැඩේ සිද්ධාර්ථ පාර්ලෙයිය ඇතාටත් කලා. ඊලගට ෂට්ශාස්තෲන් කියලා අම්භ කපටි ගුරුවරුන්ට අහුවුනා. එතනින් පස්සේ දුෂ්කරක්‍රියාව කියලා මරිමෝල් ඝොන් වැඩේ පටන් ගත්තා. සිද්ධාර්ථට නියම ගේම දුන්නේ පස්වග තව්සෝ. ටිකින්ටික කන්න පටන්ත්තට පස්සේ පස්වග තව්සෝ සිද්ධාර්ථව අතහැරියා. මේකා බුදුවෙන්නේ නෑ කියලා හිතාගෙන. හොදම සිද්ධිය තියෙන්නෙ ඊට කලින්.

ඒමොකක් ද?

දුර්ගේෂ්වරියේ දී සිද්ධාර්ථ කන්නෙ බොන්නේ නැතිව හිටියා. බුදුවෙන්න හිතාගෙන. අන්තිමට සිහිනැතිව  කැලේ ගහක්යට වැටුනා. මැරෙන්න ඔන්න මෙන්න. තව ටික වෙලාවයි තිබුනේ සිද්ධාර්ථ මරණයට පත්වෙන්න. හරක් බලන කොල්ලෝ සිද්ධාර්තගේ කටට චූ කරලා කනේ කෝටු ගැහුවා.

එතන වහිටියා කෙල්ලෙක්. ඉක්මනට තමන්ගේ අතට එළදෙනකගෙන් කිරි ටිකකක් දොවලා සිද්ධාර්ථට බොන්න දුන්නා. අන්න ඒ කෙල්ල තමයි සිද්ධාර්ථව මරණයෙන් බේර ගත්තේ. අනෙක සිද්ධාර්ථ ගෙදරින් ගියෙත් යශෝධරා එක්ක ඉන්න බැරිව.

ඊට පස්සෙ මොකද වූනේ.

ටිකක් සිහිය ආවහම දුර්ගේෂ්වරී සිද්ධාර්ධථගෙන් ඇහුවා ඔයා මෙතන මොනවද කරන්නෙ කියලා. සිද්ධාර්ථ කිව්වා මම බුදුවෙන්න හදනවා කියලා. ඒවෙලාවේ දුර්ගේෂ්වරී සිද්ධාර්ථට දීපු උත්තරෙන් සිද්ධාර්ථගේ සියලුම මනෝව්‍යාධින් සනීපවුනා.

ඔය කියන විදිහට බුදුහාමුදුරුවෝ මානසික රෝගියෙක්නෙ.

ඔව්. බුදුවෙන්න කලින් මානසික රෝගියෙක්. සිද්ධාර්ථ උඩුයටිකුරුවෙලා බුදුවුනේ අර ගොපලුකෙල්ල දීපු උත්තරෙන්. ඒකි කෙලින්ම සිද්ධාර්ථගෙන් ඇහුවා ඔයා නොකා නොබී මෙතන මැරුනහම කව්ද? බුදුවෙන්නෙ කියලා. කතාව ඇත්ත කියලා සිද්ධාර්ථට මොහොතකින් වැටහුනා. සිද්ධාර්ථ එතනදිම බුදුවුනා.

ඊට පස්සෙ මොකදවුනේ?

ඊට පස්සේ දුර්ගේෂ්වරීගේ සහ සිද්ධාර්ථගේ ප්‍රේමය පටන්ගත්තා. සිද්ධාර්ථ අවිඥානිකව සොයමින් හිටිය ගෑණි සිද්ධාර්ථට හම්බවුනා. ඉතින් සිද්ධාර්ථ බුදුවුනා. සිද්ධාර්ථ රජ ගෙදරින් ගිහින් පිස්සු නැටුවේ තමාට අදාල ගැහැණිය හමුනොවුන නිසා. ඒක ගොඩක් සියුම් කාරනාවක්. මාරධූතිකාවෝ දිහා සිද්ධාර්ථ බැලුවේ නැත්තේ දුර්ගේෂ්වරී හමුවෙලා හිටිය නිසා. ඒ ගොපලු ගමේ සිද්ධාර්ථ දුර්ගේෂ්වරී එක්ක ගතකරපු කාලය තමයි සිද්ධාර්ථගේ සුන්දරම කාලය. දුර්ගේෂ්වරීගෙන් පස්සේ සිද්ධාර්ථගේ ජීවිතය ගොඩක් ලස්සන වුනා. ඇත්තටම සිද්ධාර්ථ ලස්සන වූනේ ඊට පස්සෙ.

ඇයි යශෝධරාත් එක්ක ප්‍රේමයක් තිබුනෙ නැද්ද?

තිබුනනිසා තමයි ගෑණිටත් නොකියා මහරාත්‍රියේ යන්න ගියේ.

ඉතින් ඊට පස්සේ මොකද වුනේ.

ඊට පස්සේ නෙමෙයි. එයිට කලිනුත් ගොඩක් දේවල් සිද්ධවෙලා තියෙනවා.

අපිට ඔය චිත්‍ර පෙන්වන්න පුලුවන් ද? මිතුරන් මගෙන් අසයි.

අපොයි බෑ.

ඇයි ඒ. එවා අර කෙල්ල ලගද? ඒකිට විතරද ඕවා පෙන්වන්නෙ. අපි ඒවා මොනරටේ තිබුනත් හොයා ගන්නවා. මගේ මිතුරන්ගේ ඔසවාගත් මනෝමය අවිආදුධ පහලයමින් තිබෙයි.

උඹලා මගේ යාලුවෝ වුනාට හරියට මැරිච්ච ෆොටෝ වගේ. මට උඹලාගැන කිසිම විශ්වාසයන් නෑ. ඒත් සිද්ධාර්ථට මම ගොඩක් කැමතියි. සිද්ධාර්ථ බුදුවෙන්න කලින් කරපු ගොන් වැඩවලට මම ගොඩක් කැමතියි. මේ චිත්‍ර දැනට දැකල තියන්නේ මමයි මගේ දේවතාවියයි විතරයි. සිද්ධාර්ථ හිටියනම් මම ඒවා සිද්ධාර්ථටවත් පෙන්වන්නේ නෑ. මොකද සිද්ධාර්ථ බුදුවෙලා හිටිය නිසා. උඹලත් බුදුවෙලා ආවොත් මම මේ චිත්‍ර පෙන්වන්නම්.


එක්දාස් නවසිය දාහතරවැනි (1914) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

මම සිද්ධාර්ථට ඉතාම කැමතිය. දුර්ගේෂ්වරී හමුවනතෙක්ම  ඔහු කල සියල්ලම මහප්‍රාණ ඝොන් වැඩය. මම  සිද්ධාර්ථගේ ඒ සියලුම මෝඩ වැඩවලට එතරම්ම කැමති වන්නේ ඔහු ඒ සියල්ලම අවංකවම කලනිසාය.


එක්දාස් නවසිය දහතුන්වැනි (1913) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කලාවට ජීවමාන දේවතාවියක් අත්‍යාවශය. නැතිනම් සිද්ධාර්ථ වගේ මෝඩවැඩ කරලා නිකම් මැරෙන්න සිද්ධවෙනවා. එදා දුර්ගේෂ්වරී සිද්ධාර්ථව මරණයෙන් බේරගත්තේ නැත්නම් අද බුදු දහමක් නැත.

කලාවත් ඒවගේ. ජීවමාන දේවතාවියක් හමුනොව්නහොත් මෝඩවැඩ ගොඩාක් කරලා නිකම් මැරෙන්න සිද්ධවෙනවා. දේවතාවිය හමුවීමෙන් පසුව පවතින දෙය පවතින ආකාරයෙන්ම සංජානනය වීමට පටන් ගන්නවා.

සජීවී දේවතාවියක් හමුනොව්නොත් සිදුවෙන්නේ, භාෂාවේ තියෙන දේවල් Artworks වලට ගේන්න බැරිවෙනවා. Artworks වල තියෙන දේවල් භාෂාවට ගේන්න බැරිවෙනවා. එය මනෝ ව්‍යාධියක්. මෙම මනෝ ව්‍යාධියට ලක්වූවන්ට එය  සමාන්‍ය දෙයක් විදිහට පේන්න ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙම මනෝව්‍යාධිය කලාවේ දර්ශනය ලෙස පෙනී සිටීමට පටන් ගන්නවා.

කලාව කරගෙන යනවිට සියල්ල නැතිවීයන මොහොතක් එනවා. එසේ සිදුනොවුනොත් ඔබ කරමින්සිටියේ කලා‍ව නොව වෙනත් දෙයක්. අන්න එතැනදී ඔබට දේවතාවියක් හමුවුවහොත් ඔබේ වාසනාව. නැතිනම් ඔබට මියයාමට සිදුවෙනවා.

ඒ මොහෙත උදාවනතෙක්ම ඔබ උග්‍ර මනෝ ව්‍යාධියකින් පෙලෙන කලාවේ මහා දාර්ශනිකයෙකි.

සජීවී දේවතාවිය ඔබේ වාසනාවට හමුවුවහොත් එතැන්පටන් ඔබ කරන්නේ ඇත්තටම පවතින දෙයයි. එවිට ඔබට භාෂාවේ තියෙන දේවල් Artworks වලට ගේන්න පුලුවන්. Artworks වල තියෙන දේවල් භාෂාවට ගේන්න පුලුවන්.

ඒ නිසා කලාව කරනවනම් ජීවිතය හෝ මරණය යන දෙකින් එකක් තෝරගන්න බලාගෙන එන්න. ඒවගේම මතක තියාගන්න.  සිද්ධාර්ථ දුර්ගේෂ්වරී හමුවීම නිසා වාසනාවට බුදුවුනාට එසේ නොවී නන්තාර වූවන් බොහොමයකි. ඔවුන් ඔවුන්ගේ මනෝ ව්‍යාධිය උග්‍රවී කලාවේ දාර්ශනිකයිලෙස පෙනී සිටිනු ඇත.

කලාව ගැන අදහස තවත් සරල කලොත් මෙහෙමයි. ඔබට නිවැරදි ගැහැණිය හමුවුවහොත් ඔබ ජීවත්වනු ඇත. එසේ නොව්නහොත් ඔබ දාර්ශනිකයෙකුවනු ඇත.


එක්දාස් නවසිය දාසයවැනි (1916) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කරේ තබාගෙනයන, සිරිවර්ධන වාදීන් පිරිසක් මා වටකර ගත්තේය. ඔවුන් මිතුරන් ද? හතුරන් ද? කියා හදුනාගැනීමට කොහැකි ආකාරයෙන් සංකීර්ණවී ඇත. ඔවුන් ගේ කලා විග්‍රහයන් ඒ තරමටම සිරිවර්ධන වී ඇත.

වසන්ත උඔ චිත්‍ර ඇන්දට Artist කෙනෙක් හෝ කලා කාරයෙන් නෙමෙයි.

ඔවු ඒකතාව ඇත්ත. මම කලාකාරයෙක් නෙමෙයි. මම උත්තර දුන්නෙමි.

එහෙනම් කියපන් බලන්න උඹ කලාකාරයෙක් නොවන්නේ ඇයි කියලා? මා වටා සිටින යුධටැංකි ප්‍රශ්නකරයි.

චිත්‍රය ගැන හොදින්ම දන්න නිසා මට කලාකරයෙක් විය නො‍හැක. මම උත්තර දුන්නෙමි.

යුධටැංකි වෙඩිතබයි ඒ වෙඩි උන්ඩ ඔවුන්ටම වදියි.

එහෙනම් කියපං අර හුචක්කුව කොහොමද කලාවේ දෙවගන වෙන්නෙ? අඩුගානෙ හින්දි නිලියක්වත් තොරගනින්. මෙන්න බලපං ගෑණුකියන්නේ මෙන්න මේවට. (ඔවුන්මට අන්තර්ජාලයෙන් බ්ලූෆ්ම් පෙන්වයි.)

ඊලට මම අන්තර් ජාලයෙන් මොඩල් ගෙන ඔවුන්ට පෙන්නුවෙමි. ඔවුන් බ්ලූෆ්ල්ම් බැලීම නවත්වා ඒවා බලයි.

ඉතින් යකෝ මේවාගේ එකක් දෙවගනක් කරගනින්කෝ. අර හුචක්කුව මැරුනොත් උඹ මොකද කරන්නෙ? කලාව නවත්වනවද? යුධ ටංකි ප්‍රශ්න කරයි.

මම කිව්වනේ මම කලා කාරයෙක් නෙමෙයි කියලා.

හරි, ඕකි හදිසියේ මලොත් උඹ මොකද කරන්නෙ?

හින්දු ආගමේ හැටියට පුච්චල දානවා.

ඒක නෙමෙයි අපි අහන්නේ උඹට මොකද වෙන්නෙ කියලා?

මමත් මැරෙනකල් ජීවත්වෙනවා.

අපි මේවා ඒකිට යැව්වොත් උඹට මොකද වෙන්නෙ?

මොකුත් වෙන්නෙ නෑ. එයා තමයි ඕවා මට එව්වෙ.

උඹ මහන්සිවෙලා ලිව්වට ඩැඩක් නෑ. උඹ ලියන ඒවා අපි කියවන්නේ නෑ. නිකම් කාලෙ නාස්ති කරගන්නවා විතරයි.

(මම ලියන බව දැනගත්තේ කෙසේදැයි මම ඔවුන්ගෙන් නො   ඇසුවෙමි.)

හරි වසන්ත උඹ කලා කාරයෙන් නෙමෙයි කියමුකෝ. උඹ අපිට මොකක්ද? කියන්නෙ.

ලගිනතැන ගොරවන්න ඉගෙන ගනිල්ලා. උඹලා ලගින්නෙ එක තැනක ගොරවන්නෙ තවත් තැනක.

ඒ මොකක්ද?

ඔය දැන් උඹලා මට ගෑණුටිකක් පෙන්නුවනෙ.

ඔව්.

මමත් උඹලට ගෑණුටිකක් පෙන්නුවනෙ.

ඔව්.

ඒ ගෑනු මගේ හුචක්කුවට වඩා හොදයි කිව්වනේ.

ඔව්.

එක්කෝ උඹලා ඒ ගෑණු ගෙදර ගෙනෙල්ලා. නැත්නම් උඹලා ඒ ගෑණු ලගට පලයල්ලා. අන්න ඒකයි උඹලා ලගින තැන ගොරවන්නේ නෑ කිව්වේ.


එක්දාස් නවසිය පහළොස්වැනි (1915) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

කලාව කන්නදැයි ඇසූ දේශපාලඥනයාට මම ඉතාම කැමතිය. ඔහු ලක්දිව කලා භාවිතයන් ගැන සැබෑම නිර්වචනය ඉදිරිපත්කර ඇත. එදා බොහෝ දෙනෙක් ඒ ප්‍රකශයට කොන්දේසි විරහිතව පහර දුන්නේය. ඇත්තටම කලාව කමින් සිටින්නේ ඒ පහරදුන් පුද්ගයින්මය.

මුල දී මම බොහෝ නිර්මාන නොමිලයේ හෝ අඩු මඅදලට ලබා දුන්නෙමි. එවා ලබාගෙන තිබුනේ පට්ට කුහකයින් හෝ කලාව කාදමන ගොබ්බ සේනලාය.  

එහෙත්  මෙය තේරුම්ගත් වහාම මම මගේ නිර්මානවල මිල ඒවායේ සැබෑම වටිනාකම දක්වා ඉහල දැමූවෙමි. නිර්මානයක සැබෑම වටිනාකම ගෙවා නිර්මානයක් මිලදී ගත්අයෙක් කුහකයෙක් හෝ කලාව කාදමන්නෙක් නොවේ.


එක්දාස් නවසිය දාහත්වැනි (1917) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව මහා සම්භාව්‍ය රසිකයින් අතරට මම මැදිවිය. ඔවුන් මිතුරන් ද? හතුරන්දැයි සොයා ගැනීමට නොහැකි තරම් සංකීර්නය. සිතුවම් පෙන්වීමේ දී මිනිසුන්ගේ මනෝව්‍යාධීන් උග්‍රවනබව පැහැදිලිය. එහෙත් සිතුවම් විකිනීමේ දී එසේ නොවනබවත් පැහැදිලිය. මා වටා සිටින ලක්දිව සම්භාව්‍ය රසිකයින් අත්භූත යුධටැංකිමෙන් පෙනෙයි.

මචං වසන්ත අර උඹේ කලාවේ දේවතාවිය.

ඔව්.

ඒකි උඹේ ගෑණි ද? දුව ද? සම්භාව්‍ය රසිකයින් ප්‍රශ්න කරයි.

ඔක්කොටම එකක් ගත්තහම ලේසියි. නැත්නම් උඹලගේ රටේ සම්භාව්‍ය කලාකාරයෝ, සම්භාව්‍ය රසිකයෝ, මහා විද්වතුන්, ආගමික නායකයෝ  වගේ, ලගින්න වෙන්නෙ එක තැනක. ගොරවන්න වෙන්නෙ තවත් තැනක.

ඒ මොකක් ද? ඒ කතාව. කියපන් බලන්න.

Sex අසම්පූර්න වුනහම මිනිස්සු දෙබිඩි ජීවිත ගෙවනවා. පිටින් පෙන්වන්නෙ එකක්. ඇතුලෙ තියෙන්නෙ වෙනත් දෙයක්.

එමෙ බැලුවෙත් මචං ලෝකෙම ඒ විදිහනේ.

ඒකනේ උඹලා මගෙන් අහන්නෙ ඒකි මගේ ගෑණි ද? දුව ද? කියලා. අමුතු එකක් දැක්කා වගේ. කියන්න බැරිදේවල් මගේ ලග නෑ. මගේ චිත්‍ර රහසින් කියන කුණුහරුපයක් නෙමෙයි.

 

එක්දාස් නවසිය දහනවවැනි (1919) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධන කරේ තබාගෙන කලාව ගැන කතාකරන මගේ මිතුරන් බොහොමයකි. ඔවුන් දැන් මිතුරන් ද? නැතිනම් හතුරන්දැයි සොයාගැනීමට නොහැකි ආකරයෙන් බොදවෙමින් පවතියි. ‍එහෙත් එය අපට බොහොම වාසනාවකි. ඒ අතරට මහාචාර්ය හින්නි සුන්නි වැනි සරසවි ඇදුරන් සහ තවත් විද්වතුන් ඔවුන්ගේ කරට පැනගෙන ඇත.

දැන් මගේ මිතුරන්ගේ ජීවන බරට අමතරව මේ මරාලත් කරපින්නාගෙන යාමට ඔවුන්ට සිදුව ඇත. එහෙත් ඒ බව ඔවුන් නොදනියි. මහාචාර්ය හින්නි සුන්නි ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධනට සියුම්ව  පහරදෙයි. මහාචාර්ය  හින්නි සුන්නිගේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ, දේවදත්ත බුදුන්මරා බුද්ධත්වය ගැනීමට උත්සාහ කලා වාගේ සිරිවර්ධන එලවාදමා ඒ තැන තමාට ලබාගැනීමය. පිස්සුමරාලත් කවි, ගීත, කෙටිකතා, නවකතා ආදිය ලියා මේ මරාලවලින් අනුකූලතාවය ලබාගනියි. එය අපට ප්‍රශ්නයක් නැත. එය ඔවුන්ගේ ගැටලුවකි. අපට තිබෙන ගැටලුවනම් මේමරාල කරේතබාගෙනයන මිතුරන් හිටිගමන් අපගේ ඇගටත් කඩාපැනීමයි. එය ඔවුන්ගේ මානසින හෙම්බත්වීම නිසා සිදුවන්නකි. ඔවුන්ට ඔවුන්ගේ භූත පෙරහැර නිසාම මානසික සංකූලතා ඇතිවී චිත්ත විවේකය හීනවී යයි. මේ තිබෙන්නේ ලක්දිව කලා විචාරයයි.

වසන්ත උඹ චිත්‍ර ඇන්දට, ප්‍රදර්ශන දෙදාහක් විතර සැලසුම් කලාට උඹ Artist කෙනෙක් නෙමෙයි. ඒක ඒ විදිහටම පිලිගනින්. ඉහතකී මරාලයක් කියයි.

ඇත්ත. මම Artist කෙනෙක් නෙමෙයි. ඒකනේ මෙච්චර ප්‍රදර්ශන ගනනක් සැලසුම්කලේ. චිත්‍රගැන හරියටම දැනගත්තහම කොහොමත් Artist කෙනෙක් වෙන්නම බෑ. (මම කියපුදෙය ඔවුන්ට වැටහුනේ නැත.)

අන්නහරි.

අපිට උඹත් එක්ක පාරෙදි හම්බවුනහම කතා කරන්න තිබුනහම ඇති.

හොදයි අපි පාරෙදි හම්බ වුනහම කතා කරමු.

භූත පෙරහැර යන්නයයි.

නැවතත් ආපසු පැමිනෙන ඔවුන් මෙසේ කියයි.

අර‍ කෙල්ලගේ හු..අදින එකනෙ උඹ Art කියලා හිතන්නෙ.

ඔව්. ඒක ඇත්ත.

එහෙනම් උඹ ඒකම ඇද ඇද හිටපන්.

හා හොදයි. මම එහෙම කරන්නම්.

දැන් ඔවුන්ට ඉතා සතුටුය. නැවතත් ඉහතකී ආචාර්ය, මහාචාර්ය මරාලයන් කරපින්නාගත් මිතුරුකැල තමතමන්ගේ ජීවන බරද ඔසවාගෙන භූත පෙරහැරේ යන්ට ගියේය.

ලක්දිව කලා විචාරය කියමින් විද්වතුන් විසින් නිර්මානයකර තිබෙන්නේ මෙවන් භූත පෙරහැරවල්ය. ඔවුන්ගේ සියුම් සංවේදීතාවයන් ඉවත්වී ඇත. මෙවන් භූත පෙරහැවල් සදහා නායකත්වය සපයන තවත් විද්වතුන් බොහොමයක් ඒ ඒ තැන්වල නිර්මාවය වෙමින් පවතියි. එහි ප්‍රධාන භූතයා කරන්නේ ස්‍රාවක භූතයින්ගේ කරමතට නැගීමයි. අනතුරුව සෙසු භූතයින් විසින් ඔහුව ඔසවාගෙන යයි.

කොතැනක හෝ අව්‍යාජ කලාවක් තිබෙනවා දැක්කොත් මේ භූතයින් එතැනට රොක්වෙයි. ඔහු ඒ භූත කෝච්චියට එක් නොවුනහොත් ඒ කලාව වනසා දමයි. ඒ නිසා මෙම භූතයින් ගැන හොදින්ම දැනගෙන ලක්දිව කලාව මෙහෙයවියයුතුව ඇත.

 

එක්දාස් නවසිය දහඅටවැනි (1918) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව කලාව ගැන කතාකරන බෙහෝ වියතුන් අවි අමෝරාගෙන සිටියි. එය ආදර්ශයට ගන්නා රසිකයින්ද අවි අමෝරාගනියි. එයට එක්වන නන්නත්තාරවූ නිර්මාන කරුවන්ද අවි අමෝරාගනියි. ඒනිසා මැණික් සගවාතබා ඔවුන්ට ලබාදියයුදෙය තීරනය කරමු.


එක්දාස් නවසිය විසිඑක්වැනි (1921) සජීවී සමාජ සංජානන දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය.

චිත්‍ර කලාවට වචන අත්‍යාවශ්‍යය. ඒ වෙනත් කාරනාවක් නිසානොව නිර්මානයක් තිබෙන තැනක් හෝ රටක් සොයා ගැනීමට. කැන්වස්ටිකක් හෝ අමුද්‍රව්‍ය සොයාගැනීමට. චිත්‍ර ශිල්පීන් එකිනෙකා වෙන්කර හදුනාගැනීමට යනාදී කාරනාවලට වචන අත්‍යාවශ්‍යය. මේ සියලුම කාරනා සම්පූර්නවී සිතුවමක් ඉදිරියට ගියවිටත් තවදුරටත් වචනවල අවශ්‍යතාවයක් දැනෙනවානම් වහාම මනෝ වෛද්‍යවරයෙකුවෙත යොමුවන්න.

චිත්‍ර ගැන ලි‍යවෙන පොතක චිත්‍ර අඩුවී වචන වැඩිවූවිටත් පොත කියවීමෙන් අනතුරුව මනෝ වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් සුදුසුය. එවිට පොත කියවීම නිසා මොලේ කිසියම් විකෘර්ථි ස්වභාවයක් ඇතිවී තිබේනවානම් එය වර්ධනවීමට කලින්ම හදුනාගැනීමට හැකිවන නිසාවෙනි.

චිත්‍රපටි සදහා බොහෝ දෙබස් තිබේනම් චිත්‍රපටය ධාවනවීමට ඉඩහැර තමන්ගේ වැඩක් කරගන්න. මොකද වචන ඇසෙන නිසාවෙනි. එවිට කතාව පැහැදිලිවේ. එවිට වටිනා කාලය ඉතිරිවේ.

කිසියම් චිත්‍රපටයක සංගීතය සහ ගීත වැඩිපුර තිබේනම් එය අවසන් වනතුරුම නරඹන්න. හින්දි චිත්‍රපට ගීත සහ වෙනත් චිත්‍රපට ගීත වැඩිපු නරඹන්න. ඒ වෙනත් හේතුවක් නිසානොව චිත්‍රපටය තුල ඇත්තේ සංගීතය සහ  චිත්‍රය පමනක්ම නිසාවෙනි.

Comments