වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය
තිස්හයවැනි (1937) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
එදිනත් දුර්ගේෂ්වරියේ ගොපලු ගම්මානයට
රාත්‍රී කාලය උදාවිය. සුපුරුදු ලෙස සිද්ධාර්ථ සහ දුර්ගේෂ්වරී ගෙපිලමත වාඩිවිය. සිද්ධාර්ථගේ
ජීවිතයේ සුන්දරම කාලය මේආකාරයෙන් ගෙවීයයි.
සිද්ධාර්ථ ඔයා දැන් ගොඩක් ලස්සනයි. මහා අභිනිෂ්ක්‍රමනයට හොදම කාලය.
දුර්ගේෂ්වරී එසේ කියනවිට සිද්ධාර්ථ මදසිනහවක් පෑවේය.
ඒ වෙනත් හේතුවක් නිසා නොව දුර්ගේෂ්වරී
හමුවීමට ප්‍රථමව තමාතුලවූ මනෝ ව්‍යාධීන් සිහිවීමෙනි.
නිර්වානය සොයාගැනීමට අභින්ෂ්ක්‍රමනය
කිරීම මනෝ ව්‍යාධියකි. නිර්වනය යනු කුමක්දැයි දැනගෙන අභින්ෂ්ක්‍රමනය කිරීම මානසික සුවයයි. එය මහා
අභිනිෂ්ක්‍රමනයයි. එය සිද්ධාර්ථ දන්නාබව දුර්ගේෂ්වරීගේ නිර්වානයයි.
එදින මධ්‍යම රාත්‍රියවනතෙක් සිද්ධාර්ථ
සහ දුර්ගේෂ්වරී මහා අභිනිෂ්ක්‍රමනය ගැන කතාකලේය. ඔවුන් දෙදෙනා නිර්වානාවබෝධයෙන්
මහා අභිනිෂ්ක්‍රමනය කලේය.
Comments
Post a Comment