වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය තිස්අටවැනි
(1938) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
විහාර සිතුවම් කලාවට මම අදටත් ඉතාම
කැමැත්තෙමි. ඒගැන විශාල ගෞරවයක් අදටත් මාතුල ඇත.
ඒ නිසාම කුඩා කාලයේ විහාර සිත්තරුන්
සමග එකතුවී විහාරවල සිතුවම් ඇදීම සහ පිළිම නිර්මානය කලමි. එහෙත් එම විහාර
සිත්තරුන් විසින් එදා මාලවා ඔවුන්ගේ වැඩ කරවාගැනීම පමනක් කලේය. එය මා බොහෝ කාලයකට
පසුව දැනගත්තෙමි.
ප්‍රශ්නයක් නැත. එම සිදුවීම් නිසාවෙන් මා
සමාජ චර්යාවන් ගැන ඉගෙනගත් බොහෝ දෙය ඇත.
මොන ප්‍රශ්න තිබුනත්, එදා වගේම අදටත්
බුදුන් ප්‍රමුඛ මහා සංඝයා ගැනත්, විහාර සිතුවම් සහ බුද්ධ ප්‍රථිමා නිර්මානය ගැනත්
මා තුල ඇත්තේ ගෞරවයකි.
ඉන්පසුව කාලය ගෙවී ගියේය. දැණුම අවබෝධය
එකතුවිය. පසුකාලයේදී මා විහාර සිතුවම් නිර්මානය සදහා පලංචියට ගොඩවන්නේ ගෞරව උපාධි
සහිතවය.
එක්තරා විහාරයක සිතුවම් නිර්මානය කරමි.
පලංචියට ගොඩවී ප්‍රධාන බුද්ධ ප්‍රථිමා සහිත විහාරයේ සිවිලිමේ සිතුවම් අදිමින්
සිටිමි.
එදිනට පංසලට දානය ගෙනෙන කෙනෙක් තේ වකුර
සහ කෑමබීම ලබාදීම සමාන්‍ය සිරිතකි. එය බොහෝ දෙනෙක් ඕනෑකමින් කරයි.
පංසලට යනඑන, සමාජයේ එක්තරා කලු ලකුණක්
සහිත කාන්තාවක් මාසමග හිතවත්ය. ඇය සිතුවම් වලටත් ඉතා කැමතිය. ඇය සිතුවම් ගැන ප්‍රශ්නකරයි.
අය්යේ මේ මොනවද ඇදල තියෙන්නෙ?
ඔය පාර්ලෙයිය ඇතා බුදු හාමුදුරුවන්ට
උපස්ථාන කරනවා. මම පලංචියේ සිට උත්තර දුන්නෙමි.
ටිකවේලාවක් බලාසිටි ඇය.
උබත් ඉතින් දැක්ක වගේ අදිනවා නේ ද?
කීවාය.
ඇගේ එම වචනවචන වලින් මගේ ගෞරව උපාධි
සුන්නද්ධූලිවී යන ආකාරය මම බලා සිටියෙමි. විශේෂයෙන්ම බුද්ධ දර්ශනය ගැන උගත්දය. ඇගේ
එම වචනවලින් ඉතිරි වූයේ සමාජ විද්‍යාව සහ මානව විද්‍යා උපාධි පමනි.
ටිකක් එලියට ගිය ඇය, නැවතත් විහාරයට පැමින,
අයියේ මම කෑමක් ගෙනාවා කන්න. මම තේ ටිකක් හදාගෙන එන්නම්. යනුවෙන් වෙනදාට නැති ගෞරවයකින් කීවාය.
චොකලට් කේක් වෙන්න ඇති.
මම කීවේ කේක් ගෙඩියක් දාන ශාලාවේ
තිබෙනවා දුටු නිසාය.
බැහැලා කන්නකෝ. කියමින් ඇය පිටව ගියාය.
මෙලෝ උගත්තමක් නැතැයිකියා සමාජය
විසින් සිතන මේ කෙල්ල කියන්නේ මොනතරම් ඇත්තක්ද? ඒ වනවිට මම ඉන්දියාවේ සංචාරයකර නැත. පාර්ලෙයිය වනය කුමක්දැයි දැකනැත. මම එදා ඒ මොහොතේම සිතා ගත්තේ කවදාහෝ මගේ ජීවිතය
ඉන්දියාවම කරගන්නා බවයි.
පලංචියෙන් බැස්ස මම ඇගේ කෑම පර්සලය
කෑමට සැරසුනි.
එය මා කිසිම දිනෙක නොසිතූවකි. එහි
තිබුනේ තණකොලය. ඒ මොහොතේ මට දැනුනේ මේ කෙල්ල මම කිසිම දිනෙක නොගිය සරසවියකට මා පිටත්කර
ඇතිබවයි.
එම සිදුවීමට මොහොතකට පසුව ලොකු
හාමුදුරුවන් සහ තවත් හාමුදුරුවරුන් කීපදෙනෙක් පැමිනියේය. මම උන්වහන්සේලාට දනගසා
වදින ආකාරය අරකෙල්ල ඈතින් බලා සිටියි.
උන්වහන්සේලා සිතුවම් නරඹා, හොදියි
මහත්තයා කරගෙන යන්න. යනුවෙන් පවසා සිතුවම් ඉතාහොදබව වර්ණනාකර, තවත් නිවරුදි කළයුතු
තැන් පෙන්වා විහාරයෙන් පිටව ගියේය.
එහෙත් බොහෝ උගත් දැනුවත් උන්වහන්සේලා ගෙන්
මම එයිට වැඩි දෙයක්, දැණුමක් බලාපොරොත්තුවිය. එහෙත් කෙදිනකවත් එවැන්නක් සිදුනොව්නි.
උන්වහන්සේලා පිටවගිය පසුව අර කෙල්ල
කේක් පිගානක් සහ තේ එකක් රැගෙන පැමිනියාය.
නංගි අර කෑම උඹ මටද දුන්නේ කැත්නම්
හාමුදුරුවන්ටද? මම ඇගෙන් ඇසුවෙමි.
තණකොල පාර්සලය එළියට විසි කරමින් ඇය කීවේ, උඹට අය්යේ මම දුන්නෙ.
ඉන්සපුව ඇය මෙසේද කීවාය.
මම උඹට කොච්චර කියලා තියෙනවද ඔය
කට්ටියගේ හැටි. උබත් ඉතින් දනගහල වදිනවා.
එහෙම හොදනෑනේ නංගි අපි පරිසරයට අනුව
ඉන්න ඕනනේ.
අය්යේ එහෙනම් උඹ අරුන්ටත් වඩා මහා
කපටියෙක්.
දැක්කා වගේ ඇදපන්.
මම දවල්ට කෑම එකක් අරගෙන එන්නම්.
කියමින් ඇය විහාරයෙන් පිටව ගියාය.
ඈතටගොස් අතවැනූ ඇය, මාහට චිත්‍රය ගැන
අමුතුම පාඩමක් ඉගැන්නූවාය.
වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය
තිස්හයවැනි (1937) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
Comments
Post a Comment