වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්දෙවැනි
(1942) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්
වහන්සේට මම ඉතාම ගරුකරමි. උන්වහන්සේගේ උපදෙස්පරිදි නිර්මානය කරන ලද පොල්ගහවෙල
මහමෙව්නාවේ ශ්‍රී සම්බද්ධජයන්ති රාජමාළිගාව කලා කෘථියක් ලෙස ඉතාවිශිෂ්ඨ
නිර්මානයකි. ඒගැන කිසිම වාදයක් නැත.
එහෙත් එහි ඇති මූර්ථීන් ගිහි, පැවිදි,
උපාසක, උපාසිකාවන් විසින් වන්දනීයත්වයට
අමතරව ස්වංවින්දය සදහාද පාවිච්චි කරති. ප්‍රශ්නයක් නැත. සියලු ආගාමි කලාවන්
අවිඥානිකව දුර අතීතයේ සිටම ස්වයංවින්දනය සදහා පාවිච්චි කරයි. එය මානවයාගේ Sex
ජීවිතයේ
ස්වභාවයයි. බාහිරින් ලිංගික ජීවිතයෙන් ඉවත්වූවත් එය අවිඥානිකව සිතුවම්,
මූර්තීන්, පුදපූජා සහ ගායනාවන් මගින් සම්ප්‍රේෂනය
වෙයි. එය කලාවේ ස්වභාවයයි. ඒ නිසා ඒ සියලු නිර්මානයක් කලා කෘතීන්ලෙස ඉතාම විටිනා
නිර්මානයන්ය.
එහෙත් සිද්ධාර්ථ විසින් උපදෙස්දී ඇත්තේ
නිර්වානය සදහා පුහුනුවන කෙනෙකුට අවශ්‍යනම්, තමා වාසය නරන ස්ථානය වර්ණ පහකින් සහ මල් ලියකම්වලින් පමනක්
සිතුවම්කර අලංකාර කරගන්නා ලෙසයි.
ඒ අනුව ලක්දිව බොහෝ ස්වාමීන් වහන්සේලා
සහ පුහු උද්දච්ච වියතුන් විසින් ගරහන, යමුනා ගංගාව අද්දර පබලු වෙහෙර හෙවත්
ඉන්දියාවේ ටාජ්මහල සිද්ධාර්ථ ජීවත්ව සිටියානම් එහි පසුබිම් කතාව හැර නිර්වානය සදහා
පුහුනුවන අයෙකුට වාසය සදහා සුදුසුම ස්ථානයක් ලෙස යෝජනා කරනු ඇත.
මෙම යෝජනාව උමංදාවේ සිරි සමන්තභද්‍ර
ස්වාමීන් වහන්සේටත අදාලය. මෑත කාලයේ ලංකාවේ හාමුදුරුවරුන් අතරින් මම උන්වහන්සේටත්
ඉතාම ගරුකරමි.
Comments
Post a Comment