වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හතලිස්හත්වැනි
(1947) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
මෙසිරිලක නිර්වානයගැන වාදකරන
ගොබ්බසේනලා දෙනමකි. එනම් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානාන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය
සිරි සමන්ත භද්ද්‍ර ස්මාමීන්වහන්සේය.
එකෙක් රාජමාලිගාවක් සාදාගෙන ඇති අතර
අනෙකා ගොවිපලක් දමාගෙන ඇත. තවත් උන්නාන්සේලා උපාසක උපාසිකාවන්හට උපරිමයෙන් ජොලිය
සපයාදීමට උත්සාහවන්තවෙති. ප්‍රශ්නයක් නැත. එය සමාජ පැවැත්මේ ක්‍රමයයි.
ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන්දෙනම පොලේබූරුවන්සේ
නිර්වානය ගැන වාද කිරීමයි. එය බලා සිටින අනෙක් පකීර්ලාත් මෙලෝ රහක්නැති නිර්වාන
වාදය පටන්ගනියි. අපේ අදහසනම් මරාගන්නේ නැතිව ඕන මගුලක් යන්නයි.
සිහිකල්පනාව ඇති ගැහැණුන් සහ පිරිමින් කලයුතුවන්නේ රාජමාලිගාවේ සිරිනැරඹීමයි. අවශ්‍යනම්
රාජමාලිගාවේ මූර්ථිදෙස බලා ස්වයං වින්දයේද යෙදීමයි. Sex
අහිමි වූවන්ට එම
මූර්ථීන් උපරිම ලිංගික තෘප්තියක් ලබාදෙයි. එය අවිඥානික ක්‍රියාවලියකි.
ඉන්පසුව ඔබ යායුත්තේ ගොවිපලක් දමා
තිබෙන පූජ්‍ය සිරි සමන්ත භද්ද්‍ර ස්වාමීන් වහන්සේගේ විශ්ව ගම්මානයටය. එහිගොස් විෂ
රසායනික නැති ආහාර සැදැහැ සිතින් අනුභව කිරීමයි. ඉන්පසුව ජොලියදෙන හාමුදුරුවන්ගේ බනආසා ගෙදරගොස්
නිදාගැනීමයි. එහෙත් ඔබ කිසිම මොහොතක සාමකාමීව සියබිරිද සහ දරුවන් නඩත්තු කරන
හාමුදුරුවරුන්ට විරුද්ධ නොවන්න. ඔවුන්ටත් හැකිපමනින් උදව් කරන්න. ඔවුන්ගේ වැරදි
තිබෙනවානම් එවා ඔවුන් සිද්ධාර්ථ සමග බලාගනු ඇත.
නිර්වානය ගැන වාදය බරපතල දෙයකි. ඒබව පූජ්‍ය
කිරිබත්ගොඩ ඥානාන්ද ස්වාමීන් වහන්සේට සහ පූජ්‍ය සිරි සමන්ත භද්ද්‍ර ස්මාමීන් වහන්සේට
නොවැටහෙයි.
මේ ගොබ්බ සේනලා දනමගේ මතවාද පිලිගත්
හාමුදුරුවරුන් දෙනමක් දඹදිව චාරිකාවක යෙදුනි. මතවාදය ඇතිවූයේ ඉන්දියාවේ දුම්රියක්
තුලදීය. උන්නාස්සේලා දෙනම ඉන්දියාවේ දුම්රිය මැදිරියක් තුල නිර්වානය වෙනුවෙන් මහා ගුටිකෙලියකි. මම එය හොදින්ම අවබෝධකර ගත්තෙමි.
එහෙත් සිද්ධාර්ථගේ නිර්වානය ගැන
පැහැදිලි කිරීම වෙනත් දෙයකි. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානාන්ද ස්වාමීන් වහන්සේගේ සහ පූජ්‍ය සිරි සමන්ත
භද්ද්‍ර ස්මාමීන් වහන්සේගේ නිර්වානය ගැන පැහැදිලි කිරීම ගුටිකෙලියකි.
සිද්ධාර්ථ කිසිම මොහොතක නිර්වානය
ගුටිකෙලියක් කරගත්තේ නැත. සිද්ධාර්ථට තමාගේ දේශනාවන් කොතරම් අසාර්ථක වූවාද
කියනවානම් විනය ශාසනනේ ආයුෂබව කීමට සිදුවිය. අවසානයේ විනය වෙනුවෙන්ද අර්බුද ඇතිවිය.
බැරිමතැන සිද්ධාර්ථ සිද්ධාර්ථ එක් මොහොතකදී දේශනාවන් අතහැරියා. තනතුරු ප්‍රධානයෙන්ද
හෙලිවන්නේ සිද්ධාර්ථගේ උත්සාහය අසාර්ථක බවයි. වෙනත් කලයුතුදෙයක් නැතිමතැන ඔහු
එවැනික්‍රම යොදාගත්තේය. එහෙත් කිසිම දිනෙක නිර්වානය වෙනුවෙන් ගුටිකෙලියක් ඇතිකලේ
නැත.
නිර්වානය වෙනුවෙන් පුහුනුවන කෙනෙකුට
තමා ඉන්නාතැන සිතුවම් කිරීමට අවශ්‍යනම් වර්ණ පහක් සිද්ධාර්ථ විසින් යෝජනාකර ඇත. එම
වර්ණ වලින් සිතුවම් කලයුතුවන්නේද මල්, ලියකම් පමනි.
ඒ අනුව සිද්ධාර්ථ අද ජීවත්ව සිටියානම්
ඉන්දියාවේ ටාජ්මහල් ඔහුගේ නවානැන සදහා තෝරාගනු ඇත.
Comments
Post a Comment