වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්එක්වැනි (1951) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

කුහක ආචාරය, මාහාචාර්යවරුන් සහ විද්වතුන් කරේ තබාගෙන යන යූ සර්කල් මරාල කීපදෙනෙකි. ඔවුන්ගේ කරමතට නැගීසිටින ඉහත වියතුන් එකිනෙකා මරාගනිමින් සිටියි. ඒ එකිනෙකා ඉස්මතුවීමටය. ඒ බව නොදන්නා යූ ර්කල් මරාල තමාගේ ජීවනබරට අමතරව මේ මරාලයනුත් කරේ තබාගෙ ගමන් කරයි. ඔවුන් අතරට මා මැදිවිය.

වසන්ත උඹ Artist කෙනෙක් නෙමෙයි. එක් යූසර්කල් මරාලයක් කියයි.

අන්න හරි ඒක පිලිගනින්.

ඇත්ත. මම Artist කෙනෙක් කියලා කොහෙවත් කියලා නෑ.

වසන්ත කියන්නේ Artist කෙනෙක්. තවත් යූ සර්කල් මරාලයක් කියයි.

ඊලගට උවුන් දෙදෙනා ගුටිකෙලියකි. ඒ ඔවුන් කරේ තබාගෙන ඉන්නා විද්වතුන් ඔවුන්ව පුහුනුකර තිබෙන ආකාරයයි.

දැන් ඔවුන්ගේ ගුටිකෙලිය විසදන්නට සිදුවෙන්නෙත්  මටය.

උඹලා දන්නවද? මම චිත්‍ර අදින්නේ ඇයි කියලා ?

නෑ. කියපන් බලන්න,

මම චිත්‍ර ඇද ඇද ඉන්නේ උඹලත් එක්ක ඉන්න බැරිනිසා.

ඔවුන්ගේ කරමත. සිටිනා මහා වියතුන් ඇස් අමෝරාගෙන බලා සිටියි.

https://youtu.be/9R6BSZxd8FE

Comments