වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය පනස්පස්වැනි (1955) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

යූසර්කල් මරාල ගනනාවකට මා මැදිවිය. ඔවුන් මගෙන් මෙසේ අසයි.

මචං වසන්ත උඹට අර හුචක්කුව ඇරෙන්න වෙන ගෑණියෙන් පෙනෙන්නෙම නැද්ද? අඩුගානෙ හින්දි නිලියක්වත්.

මගේ හුචක්කුව නෙමෙයි උඹලට තවටික දවසකින් කන්න නැතිව මැරෙන්න වෙන්නෙ. අන්න ඒක ගැන හිතපල්ලා.

වසන්ත උඹත් හරියට ජේ. ආර්. වගේ. උඹ ඔය කියන්නෙ කලාව කන්නද කියලනේ. යූසර්කල් අවි අමෝරාගනියි.

හරියටම හරි. මම ජේ. ආර්. ගේ කතාවට කැමතියි.

වසන්ත, එහෙනම් ඇයි උඹ උඹේකලාවේ හුචක්කු දේවතාවිය දුර්ගේෂ්වරී විතරක්ම ඇද ඇද ඉන්නෙ.

මම එහෙම කරන්නේ උඹලත් එක්ක ඉන්න බැරිනිසා.

Comments