වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැටදෙවැනි (1962) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

මේවනවිට තවත් සරසවි ඇදුරු ගොබ්බසේනලා පිරිසක් රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සදහා සැලසුම් සකස් කරමින් සිටිති. එය ඉතා භයානකය. එය ඔවුන්ගේ තවත් ප්‍රශ්නපත්‍රයක් හෝ නිබන්ධන පත්‍රිකාවක් පමනක්මවනු ඇත.

එකිනෙකා සමග කුලල් කාගනිමින් සිටින සරසවි ඇදුරන්ට පොදු යහපත වෙනුවෙන් වැඩකිරීමට සිතීම මනෝරාජික සංකල්පයකි. එය ඔවුන්ගේ මනෝබ්‍රාන්තියේම කොටසකි.

මෙවන් ආර්ථික අර්බුදයකට රටගමන්කිරීමේ වගකීම දේශපාලකයින්ගේ නොව සරසවි ඇදුරන්ගේ වරදකි. රටේ විශ්ව විද්‍යාල දාහතක් පමන ඇත. මෙහි ආචාර්ය මහාචාර්ය වරුන් බොහෝ දෙනෙකි. ඔවුන් බුද්ධිමතුන් ලෙස කටයුතු කලේ තමාගේ පැවැත්ම වෙනුවෙන් පමනි. මෙවැනි අර්බුදයක් ඇතිනොවේ.

ඇත්තටම ලක්දිව සරසවි ඇදුරන් ඇතුලු සරසවි ප්‍රජාව ආත්මාර්ථකාමී, අද්දච්ච ගොබ්බසේනලා පිරිසකි. ඔවුන්ගේ සියලුම සැලසුම් ඔවුන්ගේ පැවැත්මටමිස පොදු යහපතට උදව්නොවේ. අතරින්පතර එක්කෙනෙක් දෙන්නෙක් හැරුණුවිට පොදුවේ සරසවි ආචාර්ය, මහාචාර්ය වරුන් පට්ට කුහකයිය.

ඔවුන් උගන්වන ආර්ථික විද්‍යාව ඇතුලු අනෙකුත් විෂය කරුණු  මේවනවිට මෙලෝ රහක් නැති ආත්මාර්ථ කාමී සටහන් සහ පොත්පත් ගොඩක් පමනක්ම බවට පත්ව ඇත.

මහාචාර්ය වීමෙන් පසුව සරසවි ඇදුන් පාටි දමයි. ඒ ඔවුන්ගේ මනෝබ්‍රාන්තියේ ජොලියයි. එහෙත් රටේ තත්වය දිනෙන් දින නන්නත්තාර වෙමින් පවතියි.

Comments