වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑඑක්වැනි (1971) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

යශෝධරා යනු දේවදත්තගේ සහෝදරියකි. ඒනිසා යශෝධරාගේ තිබෙන්නේ දේවදත්තගේම ජාන සම්බන්ධයකි. අනෙක සිද්ධාර්ථට යශෝධරාව අවශ්‍යවුනේ නැත. යශෝධරාව අවශ්‍යවශ්‍යතාවය තිබුනේ සිද්ධාර්ථගේ පියාටය. හේතුව රජපෙළපත ගෙනයාමටය.

එහෙත් කුඩාකල සිටම සිද්ධාර්ථට තිබුනේ වෙනම මනෝභාවයකි. මෙම මනෝභාවය මොනතරම් අමුතු එකක් විදිහට රාජකීය පරම්පරා අතර ප්‍රචලිතව තිබුනාද කියනවානම්. අන්තිමට සිද්ධාර්ථට ගොබ්බ රජවරුන් ඉදිරියේ ශිල්ප දක්වන්නටත් සිදුවිය. ඒ වෙනත් කාරනාවක් නිසා නොව බදින්න ගෑණියෙක් තෝරා ගැනීමටය. ඒකාලයේදී සමකාලීන  රජවරුන් අතර සිද්ධාර්ථ ගැන කියවීම වූයේ, මේකා පිස්සෙක් මූට රජකම් කරන්න බෑ. ඒ නිසා අපේ කෙල්ලෝ මූට දෙන්නේ නෑ. වගේ අදහස්ය.

කිව්වා වගේම හරි. යශෝධරා කියන මලහත්තිලව්ව සෙට්කලා සිද්ධාර්ථ නන්නත්තාර වුනා. සිද්ධාර්ථ තමන්ගේ ඔලුව හදාගන්න උයන්කෙලියට යන්නේ තනියම. යශෝධරා රජගෙදර. සිද්ධාර්ථ දන්නවා මේකි එක්කගෙන ගියොත් උයනෙත් ඉන්නබැරිබව.

සිද්ධාර්ථගේ මනෝව්‍යාධිය ක්‍රමයෙන් උග්‍රවීමට පටන් ගත්තා. අන්තිමට සිද්ධාර්ථ ජීවිතය ගැන උපදෙස්ගන්නේ කරත්තේ පදවන රථාචාර්යගෙන්. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. මේ ඔක්කොම ප්‍රශ්න කරන්නෙ කරත්තෙ පදවන කෙනාගෙන්. මිනිහට මතක නෑ රජගෙදර රාජකිය පඩිවරු ඉන්නවා කියලා.

සිද්ධාර්ථ බලාගත්තුඅතේ බලාගෙන Moods ගහලා ඉන්නබව තේරුම්ගත් සිද්ධාර්ථගේ තාත්තා, ලස්සන කෙල්ලෝටිකක් සෙට්කරලා රෑඑළිවෙනකල් සිද්ධාර්ථ ඉස්සරහ නටපියව් කිව්වා. කෙල්ලෝ ටිකත් රෙද්ද උස්සගෙන නටනවා. සිද්ධාර්ථ බලාගත්තුඅතේ බලාගෙන ඉන්නවා. මම අහන්නේ මේක පිස්සුවක් නෙමෙයිද? බුදුවෙලත් නැකිව ගෑණු නටද්දී අහක බලාගෙන ඉන්නෙ. අන්තිමට නටන කෙල්ලෝටිකත් නිදාගත්තා. සිරියහන් ගබඩාවේ යශෝධාරාට ළමය හම්බවෙලා. සිද්ධාර්ථට නිකම් සිස්සුවගේ.

එදින දවල් යශෝධරාට ළමය හම්බවුනා කියලා රජගෙදරින් පනිවුඩය ආවහම සිද්ධාර්ථ එකපාරම කිව්වේ රාහුලයෙක් හම්බවුනා කියලා. සිද්ධාර්ථගේ පිස්සුවට ඒ පොඩිඒකා මොනවා කරන්නද? මම අහන්නේ මේවා පිස්සු නෙමෙයිද? වටේ හිටපු අයත් රාහුළයා කියන්නේ හොද නමක් කියලා හිතාගෙන පොඩි එකාට රාහුල කියලා නම දැම්මා.

එදා රාත්‍රියේ සිද්ධාර්ථට නිකම් සිස්සුවගේ. ළමයයි ගෑනියි බලන්න දොරරෙද්ද අස්සෙන් හොරෙන් බලන්න ඕනෙ නෑනෙ. රටේ රජවෙන්න ඉන්න මිනිහනේ කෙලින්ම ගිහින් බලන්න පුලුවන්නෙ. අනෙක යශෝධරාට නොකියාම ගෙදරින් පිටවෙලා ගිය ගමනින් තේරුම්ගන්න පුලුවන් දෙන්නගේ සම්බන්ධය කොහොමද කියලා.

එදා රෑම අශ්වයත් ලෑස්තිකරගෙන ගෙදරින් පැනලා ගියා. ඒ ගියගමනත් සිද්ධාර්ථ ගියේ ඇමතියාගේ කීම අහගෙන. මොකද කලින් දවසේ දවල් කරත්තේ පදවන ඇමති කිව්වනේ පැවිදි රුවක්ගැන. අර සතරපෙර නිමිවල තියෙන්නෙ. අන්න ඒවගේ පැවිද්දෙක් වෙන්න සිද්ධාර්ථ මහරාත්‍රියේ තීරනය කලා. පැවිද්දෙක් දැකලා පැවිදිවෙන්න තීරනය කිරීම තමයි සිද්ධාර්ථ කරපු ලොකුම මහප්‍රාණ ඝොන්කම. සිද්ධාර්ථ බබානෙ. කලින් අහලම තිබුනෙ නෑ ඉන්දියාවේ පූජකයෝ ගැන. පොත්වල තියෙන බොරු බයිලනේ.

ඔන්න එදා මහරෑ ඛන්ථක අශ්වයයි, ඇමතියයි එක්ක සිද්ධාර්ථ ගෙදරින් පැනලා ගිහින් නේරංජනා ගංගාවෙනුත් එහා පැත්තට ගිහින් කොණ්ඩෙ කපලා තනියම මහණ වුනා. ගොනාට තේරෙන්නෙ නෑ හිත මහණවෙලා නෑ කියලා. මම අහන්නේ සිද්ධාර්ථට පිස්සු නෙමෙයිද?

අන්තිමට සිද්ධාර්ථ කරන වැවේ අශ්වයාට තේරුනා. සිද්ධාර්ථ ආපහු එන්නේ නෑ කියලා තේරුන ඒ සතා දුක දරාගන්න බැරිව පසුවපැලිලා එතන මරුනා. සිද්ධාර්ථගේ උග්‍ර මනෝව්‍යාධිය නිසා ඒසතාව තේරුම්ගන්න සිද්ධාර්ථට බැරිවගියා.

සිද්ධාර්ථගේ විශේෂ ගුනයක් තිබුනා. සත්තු සිද්ධාර්ථට හරිම ප්‍රියමනාපයි. යශෝධරා කියන ගොන් අම්මන්ඩිට මේකවත්  තේරුනේ නෑ.

ඔන්න එතනින් පස්සේ සකලවිධ ගොන්වැඩ සිද්ධාර්ථ කලා. සිද්ධාර්ථට හම්බවුන ගුරුවරුත් හරියට ලක්දිව මහාචාර්යවරු වගේ මෙලෝ රහක් නෑ. අනුන්ගේ දැණම තමන්ගේ වගේ වමාරනවා. අන්තිමට මේ පිස්සු හත්තිලව් ටිකත් අතහැරිය සිද්ධාර්ථ මාරාන්තික ගොන්වැඩ පටන්තග්තා. මනෝ ව්‍යාධිය උපරිමයට වර්ධනයවුනා. කෑමබීම අත්හැරියා. සිද්ධාර්ථගේ ඒ මනෝ ව්‍යාධියට අපේ කට්ටිය කියන්නේ දුෂ්කරක්‍රියාව කියලා.

අන්තිමට දුර්ගේෂ්වරියේ ගහක්යට වැටිලා මැරෙන්නගියා. ගොපලු කොල්ලෝ ඇවිත් සිද්ධාර්ථගේ කටට චූ කලා. කනේ කෝටු ගැහුවා. එතන හිටියා ගොපලු කෙල්ලෙක්. එයාගේ නම දුර්ගේෂ්වරී. සිද්ධ වෙන්නයන විනාෂය තේරුම්ගත් දුර්ගේෂ්වරී අර කොල්ලෝ ටික එලවලාදාලා දැම්මා. සිද්ධාර්ත මැරෙන්න මොහොතයි තිබුනේ. දුර්ගේෂ්වරී ඉක්මනින් එතන හිටිය එළදෙනකගෙන් තමාගේ අතට කිරිදොවමින් සිද්ධාර්ථට පෙව්වා. ටිකවේලාවකින් සිද්ධාර්ථට යන්තම් සිහියආවා.

ඒවෙලාවේ දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් මෙහෙ ඇහුවා.

ඔයා මොනවද මෙතන කරන්නේ.

මම බුදුවෙන්න හදනවා. සිද්ධාර්ථ උත්තර දුන්නා.

නොකා නොබී මෙතන මැරුනහම කව්ද බුදුවෙන්නෙ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇහුවා.

දුර්ගේෂ්වරීගේ ඒ වචන දැහුනා විතරයි සිද්ධාර්ථගේ සියලු මනෝ ව්‍යාධීන් සුවවී බුද්ධත්වයට පත්වුනා. සිද්ධාර්ථ අවිඥානිකව සොයමින්සිටි ප්‍රේමනීය ආත්මය සිද්ධාර්ථට මුනගැහුනා ඒ ඔවුන්ගේ නිර්වානයයි.

 

Comments