වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑදෙවැනි
(1972) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.
සිද්ධාර්ථගේ ජීවිතයේ සුන්දරම කාලය
ගෙවුනේ දුර්ගේෂ්වරී සමගය. (මේගැන තවත් තොරතුරු මෙම වෙබ් අඩවියේ වෙනත් තැනක සදහන්ව ඇත.)
දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව
සිද්ධාර්ථගේ සියලුම මනෝ ව්‍යාධීන් සුවපත්විය. සිද්ධාර්ථ මනෝව්‍යාධීන් සහිතව ගෙවූ
කාලය දුෂ්කරක්‍රියාව ලෙස හදුන්වයි.
සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධියට හේතුව වූයේ
තමාට ගැලපෙන ගැහැණිය නොලැබීමයි.
යශෝධරා සිද්ධාර්ථ ඉදිරියේ හරියට නැටුවනම් ඔහුගේ මනෝ ව්‍යාධීන් රජගෙදරදීම සුවපත්වනුඇත. එහෙත්
එවැන්නක් සිදුවූයේ නැත. ලගින් සිටියත්
ඔවුන් එකිනෙකාට නොපෙනෙන තරමේ දුරකින් වාසය කලේය.
සිද්ධාර්ථ සතුටු කිරීමට ඔහුගේ පියා නාටිකාංගනාවන්
යෙදෙව්වේය එහෙත් ඔහු සිතූලෙසම වැඩේ සාර්ථක වූයේ නැත. සතුට දැනෙන කාරනාවලින්
ඉවත්වීම මනෝව්‍යධියක ප්‍රධාන ලක්ෂනයකි. සිද්ධාර්ථ රහසේම ගෙදරින් පිටවිය.
තමාට ගැලපෙන ගැහැණිය සෙවීම විමුක්තිය
සෙවීමලෙස සිද්ධාර්ථ අර්ථය වරදවා වටහාගෙන සිටියේය. ඔහු පිස්සෙකු ලෙස ගුරුවරුන්
සොයමින් ඇවිද්දේය. කෙසේහෝ සිද්ධාර්ථගේ පියා විසින් පස්දෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදවා
සිටියේය. ඔවුන් පස්වග තව්සන් ලෙස හදුන්වයි.
මෙලෝ හසරක් නොදත් පස්වග තව්සන්
සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධිය හදුනාගත්තේ නැත. ඔවුන් සිද්ධාර්ථ කරන සෑම මෝඩ වැඩකටම
උදව්කලේය. සිද්ධාර්ථගේ මනෝ ව්‍යාධිය උග්‍රවී නොකානොබී සිටිනවිටත් ඔවුන් සිතුවේ
එයින් නිර්වානය ලැබෙන බවයි.
සිද්ධාර්ථට දුර්ගේෂ්වරී හමුවී ඇය සමග
ගොපලු ගම්මානයේ ගතනරන අතර ආහාරපාන හොදින් ගත්තේය. එවිට පස්වග තව්සන් සිද්ධාර්ථගෙන්
ඉවත්විය. මේකානම් කවදාවත් බුදුවෙන්නේ නෑ.
අන්න ගොපලු කෙල්ලෙක් එක්ක ඉන්නවා.
එහෙත් දුර්ගේෂ්වරී විසින් සිද්ධාර්ථට
ඔහුගේ මනෝව්‍යාධිය නිසා අහිමිවූ රාජ්‍යය වෙනත් ක්‍රමයකින් අත්පත්කර ගැනීමට ඉගැන්නුවේය.
Comments
Post a Comment