වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය හැත්තෑහයවැනි (1976) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ වෙනුවෙන් ලක්දිව බොහෝ තැන්වල බොහෝ ස්මාරක ඉධිවෙයි. ඒ ස්මාරක තුල ඇති සිතුවම් සහ මූර්ථීන් දෙස බලමින් ගිහි, පැවිදි ගැහැණු සහ පිරිමි ස්වයං වින්දනයේ යෙදෙති.

එම නිර්මාන බිහිවීමට පසුබිම සැලසෙන්නේ තෘප්තිමත් නොවූ ලිංගික ජීවිතයයි. ඒවා නිර්මාන ලෙස ඉතාම වටිනා දෙයකි. එහෙත් ඒවා ඔවුනොවුන්ගේ ලිංගික ජීවිතයම බව පෙන්වාදීමට උත්සාහ කලොත්, එතැන සිටින වයසකම උපාසක අම්මා පොල්ලක්, කොස්සක් හෝ ඉලපතක්ගෙන ඔබ පසුපස එලවනු ඇත.

ඉන්දි‍යාවේ ටාජ්මහල් නිර්මානයකල රජතුමාටත්, එම පරපුරටත් ඉහත නිර්මාන දෙස බලමින් ස්වයං වින්දනයේ යෙදෙන්නන් පලුපැලෙන්න බැනවදිති.

එහෙත් සත්‍යයනම් අද සිද්ධාර්ථ පැමිනියොත් තමාගේ නවාතැන සදහා තෝරාගන්නේ ඉන්දියාවේ ටාජ්මහල්ය. එහි සියලුම නිර්මාන සිද්ධාර්ථගේ මනෝ භාවයන්ට ගැලපෙයි.

ටාජ්මහල්තුල අවිඥානිකව ස්වයං වින්දනයේ යෙදීමට රාගය වෑහෙන මානව රූප නැත.

Comments