වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අසූඑක්වැනි (1981) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථගේ ඇදුම උන්නාන්සේලාගේ ඇදුම තරම් සංකීර්ණ වූවක්නොවේ.

උන්නාන්සේලා ඇදුම කරකවා, අඹරවා, පටලවාගනියි. ඒඅතරත් සම්ප්‍රදායික බෙදීම් ගනනාවකි. වර්ණ ගනනාවකි. හදිසියේ හෝ රෙදි නිශ්පාදනය කරන ප්‍රින්ටින් මැෂින් නැතිව ගියොත් දහමට කුමක් සිදුවිය හැකිද?

ගස් ගල්යට පාලු කුඹල්හල්තුල ජීවිතය ගෙවූ සිද්ධාර්ථගේ ඇදුම ස්වාභාවික ගුරුවර්ණයකි.

එම ඇදුමින් සැරසුන සිද්ධාර්ථ අද පැමිනියහොත්, භවුන්වඩමින්, පදපූජා පවත්වමින්, සමාජ ප්‍රගමනය ඇතිකරමින් දහම රැකගන්නා උන්නාන්සේලා විසින්ම ආගම දහම වැනසීමට පැමිනි මේකා මොනපරයෙක් දැයි කියා එලවාදමනුඇත. හැකිනම් මරාදමනු ඇත. වියපත් උපාසක අම්මලා විසින්ම පොලු, මුගුරු, කොසු ඉදල්වලින් පහරදෙනු ඇත.

එසේ පැමිනි සිද්ධාර්ථ නිර්වානයගැන පැහැදිලි කිරීමට පටන්ගත්තොත්, ධර්මධර, විනයධර ආචාර්ය, මහාචාර්ය යනාදී විද්වතුන් විසින් මේ හුත්ගෙපුතාට පිස්සු යැයිකියා අංගොඩ මානසික රෝහලට පිටත්කරනු ඇත.

ගෑණි ගන්නත් ශිල්ප දැක්වීමට සිදුවූ සිද්ධාර්ථට මොන අධ්‍යාපන සහතිකයක්වත් නැත.


Comments