වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අසූදෙවැනි (1982) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථගේ ඇදුම උන්නාන්සේලාගේ තරම් සංකීර්න නැත. නඩත්තු කරන සිතක් නැති සිද්ධාර්ථට නඩත්තු කරන ඇදුමක් තිබිය නොහැක.

දුර්ගේෂ්වරීට සිද්ධාර්ථ මුනගැසෙනවිට ඔහු උග්‍රමනෝ ව්‍යාධියකින් පෙලුනි. ඒ මොහොතේදීත් ඔහු ඇදසිටියේ ඉතාම සරල ඇදුමකි. යටිකය වැසෙනලෙස ඇදගත් රෙදිකැබැල්ලක් සහ උඩුකය වැසෙනලෙස පොරවාගත් රෙදි කැබැල්ලකි.

දුර්ගේෂ්වරී හමුවීමෙන් පසුව සිද්ධාර්ථගේ සියලුම මනෝව්‍යාධීන් සුවවිය. ඉන්පසුව ඔහුගේ ඇදුම වඩාත් පිරිසිදුවිය. සරලවිය. උන්නාන්සේලා තරම් අඹරවා, කරකවා ඔතාගැනීමක් නැත.

නේරංජනාවේදී රජ ඇදුම් ගලවා දමා කඩුවෙන් කොණ්ඩය කපාදමා තමාම තනිවම මහණ විය. රජ ඇදුම් ගලවාදැමූවිට කෙනෙකුට ඉතිරිවන සරලම ඇදුම සිද්ධාර්ථගේ සිරුරේ ඉතිරිවිය.

එක්තරා ආගමික නායකයෙන් සතෙකු මරණවානම් රත්පැහැ වෙනකල් ගිනියමුවූ යකඩ තහඩුක් උඩට නැග සතා මරන්නයැයි උපදෙස් දුන්නේය. ඒ උපදේශය මේවනවිට ලෑල්ලක රතුපාට තීන්ත ආලේපකර ඒමතට නැග සතා මැරීම දක්වා පරිවර්තනය වී ඇත.

ඒ ආකාරයෙන්ම සිද්ධාර්ථගේ සරල ඇදුම මේවනවිට අතිසංකීර්නවී ඇත. ඩෙගා නාටාගෙන පෙරහැරේ ගෙනයයි. බොහෝ දෙනෙකුන් එය කරන්නේ පුහුමාන්නය පෙන්වීම සදහාය.

Comments