වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අසූහතරවැනි (1984) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව බොහෝ ව්‍යසනයන්ට වගකිවයුත්තේ මහාචාර්ය වරුන්ය. ඒබව නොදන්නා බොහෝ දෙනෙක් එකෙක් දෙන්නෙක් අල්ලාගෙන ඒකාව මරාගෙන කන්න හදනවා. එහෙත් සැබෑම ප්‍රශ්නය තිබෙන්නේ එතැන නොවේ.

අපි නිකමට මෙහෙම හිතමු. ඉගෙන ගන්නේ බද්ධිමතුන්. ඔවුන්ට තමයි දැණුම තියෙන්නෙ. ඉගෙනීමේ අග්‍රප්‍රථිපලය තමයි මහාචාර්යවීම. ඔය මහාචාර්ය උනහම ඩෙගානටාගෙන පාටිදාන්නෙ. ලක්දිව මා දන්නාතරමින් විශ්වවිද්‍යාල දාහතයි. එකේ මහාචාර්යවරු කීදෙනෙක් ඉන්නවද? රට නන්නත්තාරවනවිට මේකලා බම්බුගහනවා.

එහෙත් ඇත්ත තත්වය මේකයි. ලක්දිව බොහෝ මහාචාර්ය වරුන්ට නිබන්ධන සපයන්නේ කුලීකාරයෝ. ඔවුන් මුදලට නිබන්ධන සපයාදෙනවා. මහාචාර්ය වරුන්ට දැණුම නෑ. දැණුම තියෙන්නෙ පර්සේෂනය කරන එකාලග. මහාචාර්ය වරුන් කරන්නේ ගිරවාවගේ නිබන්ධනය දොඩවමින් ප්‍රශ්න පත්‍ර හදනඑක.

දැණුම නැති මහාචාර්ය වරුන් තමා මහාචාර්ය බව පෙන්වීමට පුහුරංගනයක යෙදෙනවා. දැණුම තිබෙන පුද්ගලයින්ට මාරාන්තික විදිහට හෙලාදකිකවා. ඔවුන්ට ඊර්ෂා කරනවා. ගරහනවා. ඔවුන් තමාගේ මහාචාර්ය බව කව්රුන්හෝ සොරාගනීවියැයි මාරාන්තික භිතිකාවකින් පසුවෙනවා.

ඒ විතරක් නොවෙයි. මහාචාර්ය කියන නමට ඔවුන් ඉතා කෑදරයි. කව්රුන්හෝ ඔවුන්ට හමාචාර්ය කීවොත් එතැනින් හෙල්ලෙන්නේ නෑ. මහාචාර්ය කියා අනෙකාගෙන් කියවාගැනීමට විවිධාකාර විගඩම් කරනවා. ගුවන්විදුලි රූපවාහිනී වැඩසටහන් පවත්වනවා. එය මනෝ ව්‍යාධියක්. ඒ විතරන් නෙමෙයි. මහාචාර්යවරුන් එකිනෙකා අතර නිරතුරුවම කුලල්කාගන්නවා. එකිනෙකාගේ දැණුම හොරාගන්නවා. නඩුහබ හදාගන්නවා. අනුන්ගේ දැණුම තමන්ගේවගේ දොඩවනවා.

තවත් සමහර මහාචාර්යවරුන් තමාගේ නම පොත්පත්වල මුද්‍රණය කරවා ගරනීමට ඉතාම කැමතියි. ඒ නිසා මෙලෝ වැඩකට නැති කෙහෙල්මල් වැඩ පර්යේෂන යැයි කියමින් නිබන්ධන, පොත්පත් මුද්‍රනය කරවනවා. ඒවායේ මූලක පරමාර්ථය තමාගේ නම ඉදිරියෙන් මහාචාර්ය කියන නම යොදාගැනීම. පුවත්පත්වලට ආදියට ලිපි සම්පාදනයේ මූලික පරමාර්ථය තමයි මහාචාර්ය බවට ලකුණු එකතුකරගැනීම.

මහාචාර්ය මනෝව්‍යාධිය උග්‍රවූවිට විශාල මේසයක් ඉදිරියේ පෑනකින් ලියන ආකාරයෙන් ජායාරූප ගන්නවා. ඒවා රාමු කරනවා. තමා දන්නාබව පෙන්වීමට ඉදිකටු තුඩක්මෙන් තමා දන්නා දැණුම වට්ටක්කාගෙඩි තරම් ලොකුවට පෙන්වනවා.

නමුත් මේවනවිට නව දැණුම වේගයෙන් නිශ්පාදනය වෙනවා. එය අන්තර්ජාලය හරහා වේගයෙන් සැරිසරනවා. මෙය කුහක මහාචාර්යවරුන්ට පාලනය කල නොහැක. ඒනිසා ඔවුන් තවතවත් කුහකවෙමින් උග්‍ර මනෝව්‍යාධීන්ට ගොදුරුවෙනවා.

ලක්දිව සියලු විශ්වවිද්‍යාල ගත්තොත් සත්‍යවාදීව වැඩකරන මහාචාර්යවරුන් එකෙක් දෙන්නෙක් ඇති. අනෙක් සියලුමදෙනා කරමින් සිටින්ගේ දැණුම ඇතිබව අනෙකාට ව්‍යාජලෙස පෙන්වමින් අනෙකාගේ නිර්මානාත්මක හැකියාවට සියුම්ව පහරදීමයි. ඒනිසා නිර්මානාත්මක මිනිසුන් බිහිවන්නේ නැත.

මේ කුහක විද්වතුන් නිසාවෙන් ඉදිරියේදී තවත් දිගුපොලිම් ලක්දිවතුල නිර්මානයවනු ඇත.

 

Comments