වසන්ත නමස්කාරගේ එක්දාස් නවසිය අනූදෙවැනි (1992) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ලක්දිව දේශපාලනයේ හිරිකිත අවස්ථා ගනනාවකි. එයින් පළමුවැන්නනම් ප්‍රේමදාම මහතා මියගිය මොහොතේ පොදු ජනතාව රතිඥ්ඥා පත්තුකර සාද පැවැත්වීමයි.

ඒ මොහොතේ පටන් ලක්දිව පොදුජනතිවගේ දේශපාලක චර්යාවගැන අවධානයෙන් සිටියෙමි.

ඉන්පසුව තවත් අප්‍රස්න අවස්ථා ගනනාවක් ලක්දිව දේශපාලනයේ සිදුවිය. ඒවා සියල්ල සිතුවම්ගතවී ඇත. ඉන්පසුව ආසන්නම සිදුවීමනම් ඝෝඨාභය මහතාගේ නිවසට පොදුජනතාව කඩා වැදීමයි.

කිසිවෙක් එලවා දැමීමෙන්, මරාදැමීමෙන් ප්‍රශ්නය අවසන්නොවේ.

ප්‍රශ්නය සැබෑවටම පවතින තැන ලක්දිව පොදු ජනතාව නොදනියි. නැතිනම් එය ඉතාම හොදින් දැනගෙන නොදන්නා ලෙස කාලය ගතකරයි. දේශපාලන නාටකයේ ජනාධිපතිවරයෙකු යනු අන්ත අසරන චරිතයකි. අනෙක් පාලකයෝත් එලෙසමය.

ඇත්තටම ලක්දිව සියලු ගරාවැටීම්වලට වගකිවයුත්තේ මහාචාරයවරු, සරසවි ඇදුරෝ සහ ගුරුවරුන්ය. සායනිකව ප්‍රථිකාර ගතයුතු උග්‍රමනෝ ව්‍යාධීන්ගෙන් පෙලෙන ආගමික නායකයින්ද ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. මේ සියලුමදෙනා ද්වේෂය, වෛරය, කුහකත්වය සහ අන්තවාදීලෙස ආත්මාර්ථකාමීත්වය වපුරයි.

උත්ඝෝෂනය කලාට ලැබෙන දෙයක් නැත. නැවතත් ඉහත ප්‍රථිපලයම ලැබෙනු ඇත. ලක්දිව මිනිසුන් කාලාක්තරයක් තිස්සේ ඉල්ලාසිටියදෙය දැන් ලැබීඇත.

එකිනෙකා පෞද්ගලිකව තම තමන්ගේ චින්තය වෙනස්කළ මොහොතේ පටන් මේ මොහොතේ පවතින දුක්ඛ දුර්දාන්ත පීඩනය ඉවත්වී යහපත් ප්‍රථිපල ලැබෙනුඇත.

 


Comments