වසන්ත නමස්කාරගේ දෙදාස්විසිවැනි (2020) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේෂ්වරී සිද්ධාර්ථගේ ආසනයමත හිදගත්තාය.

සිද්ධාර්ථ ඔහොම පොඩ්ඩක් වාඩිවෙන්න. ඔයා උත්පලවන්නා රහත්කලාට එයාට ටික්ටොක් ඉගැන්නුවේ නෑ. ඒනිසා උත්පලවන්නා ලොකු ප්‍රශ්නයක පැටලුනා.

උත්පලවන්නා ගොඩක් ලස්සනයි. ඒනිසා එයාට කෙනෙක් ආදරය කලා. එයා උත්පලවන්නාට Sex වලට ආරාධනා කලා. ඔයාගේ කෙහෙල්මල් නිරිවානය නිසා ඒකිට Sex එපාවෙලා තිබුනේ.

ඔව් ඒක හරි. Sex ලැබීමෙන් වගේම Sex අත්හැරීමෙන් ලැබෙන ප්‍රථිපලය (නිරිවානය) සමානයි. සිද්ධාර්ථ කීවාය.

ඒකහරි අනේ. මම කියන්නේ ඒක නෙමෙයි. අරමිනිහගේ  Sex මතුවෙලා උත්පලවන්නාගේ ඇගට කඩාපැන්නා. ඒකි තමන්ගේ ඇස්දෙක ගලවලා ඒ මිහගේ අතට දුන්නා. අන්න ඇස්දෙක අතේ තියාගෙන ඔයාව හම්බවෙන්න එනවා.

මම මොනව කරන්නද? ඉතින් උත්පලවන්නට තිබුනනේ හැටහතර මායම්වලින් එකක් දාලා අර මිනිහව ෂේප්කරගන්න. සිද්ධාර්ථ කීවේය.

ඒකතමයි අනේ මමත් කියන්නෙ. කොහෙද උත්පලවන්නා රහත් වුනාට ඒකිට ඒවගේ මොළයක් නෑ. මමනම් ඒ මිනිහවත් රහත්කරල තමයි නවතින්නෙ.

Sex කරලද?

හපොයි නෑ. Sex අත්හරින විදිහ කියලදීල. දුර්ගේෂ්වරී කීවාය.

Comments