වසන්ත නමස්කාරගේ දෙදාස්විසිනවවැනි (2029) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ ඔයා පිස්සෙක්. ඒ නිසා ඔයා නිර්වානය ගැන විතරක්ම කතාකරන්න. ඔයා කියන නිර්වානය ගැලපෙන්නෙ ඔයා වගේම පිස්සන්ට විතරයි. දුර්ගේෂ්වරි සිද්ධාර්ථට කීවාය.

මිනිස්සු ඔක්කොම ජීවත් වෙන්නෙ සිතිවිලිත් එක්ක. ඔයා ඒමැද්ට පැනලා ඒක එහෙම නෙමෙයි කියනවා. ඉතින් මම කියන්නේ ඔයා පිස්සෙක් නෙමෙයිද?

මමත් ඔයා හමුවෙන්න කලින් සිතිවිලිත් එක්ක තමයි ජීවත්වුනේ. සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට කීවේය.

ඒකතාවනම් හරියටම හරි. ඒකනේ නොකා නොබී මැරෙන්න ගියේ. හොදවෙලාවට මට හම්බවුනේ. නැත්නම් අද බුදුවරයෙක් නෑ.

ඒකනෙමෙයි සිද්ධාර්ථ, ඔයා බුදුවුනා කියලා නිර්වානය ගැන නොදන්නා අයව විහිලුවකට ගන්න එපා.

ඒතරම් ලස්සන ගෑනි මාගන්ධියාට අසූචිකලයක් කිව්වා.

ආලවකගේ ගෙදරට ගිහින් ඒමිහව හොදටම කේන්තිගැස්සුවා.

කිසාඝෝතමීගේ මැරුණු ළමයව සනීපකරනවා කියලා අභමිටක් හොයාගෙන එන්න කියලා ගෙවල්ගානේ යැව්වා.

ඇදුම්නැතිව දුවගෙනආව පටාචාරාවට හිනාවුනා.

බ්‍රාහ්මනයින්ට අපහාස කරනඑකේ ඉවරයක් නෑ. ඒගොල්ලන්ගේ කට යෝනියක් කියනවා.

අර පෙරේත බමුණගේ ගෙදරට ගිහින් කන්ඩදෙනකල් බලාගෙන හිටියා.

ආනන්ද හාමුදුරුවන්ට මැරුණු රිලවියෙක් පෙන්නලා ඊටපස්සේ ලස්සන ගෑණු පෙන්නුවා. එයාට බදින්න හිටිය ගෑණිවත් එපාවුනා.

....................................

දුර්ගේෂ්වරී එකදිගට කියාගෙනගියා.

සිද්ධාර්ථගේ සිතේ දුර්ගේෂ්වරී ගැන තිබුනේ අසීමිත ගෞරවයකි. ඒනිසා ඇය කතා කරනවිට කිසිම මොහොතක සිද්ධාර්ථ ප්‍රථිතර්ක ඉදිරිපත්කලේ නැත.

 

Comments