වසන්ත නමස්කාරගේ දෙදාස්තිස්එක්වැනි (2031) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දවසකි. රාත්‍රී කාලයේ සදඑළය ආස්‍රමයට වැටී ඇත. සිද්ධාර්ථ අසපුවේ ගෙපිලමත වාඩවී සිටියි.

එදින දිවාකාලයේ සිදුවූ සිද්ධියෙන් සිද්ධාර්ථගේ පාද වෙහෙසට පත්වී තිබුනි. එයදුටු දුර්ගේෂ්වරී බිමහිදගෙන ඔහු‍ගේ පාදවල තෙල් ගල්වන්නට වූවාය.

ඇයි මෝඩයෝ අංගුලිමාල සෙල්ලමකට ගත්තේ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

සිද්ධාර්ථගේ මුහුනේ මද සිනව දුටු දුර්ගේෂ්වරී තමා ඇසුවේ මොනතරම් ‍අනුවන ප්‍රශ්නයක්දැයි තේරුම්ගත්තාය.

සිද්ධාර්ථ කියන්නේ සටන්කලාව ප්‍රගුනකල රජ කෙනෙක්. සිද්ධාර්ථ පළමු වතාවට තමා ඉගෙනගත් සටන් කලාව අංගුලිමාල ඉදිරියේ ප්‍රදර්ශනය කලාය.

අංගුලිමාල කඩුව අමෝරාගෙන එනවිට සිද්ධාර්ථ ඔහු ඉදිරියටපැන දුවන්නටවි. සිද්ධාර්ථ අංගලිමාල මගහරිමින් ‍ඔහු වෙහෙසට පත්කලේය. ඒ අතර සිද්ධාර්ථ කිහිපවතාවක්ම බිම ඇදවැඩුනි.

අවසානයේ අංගුලිමාල බොහෝ වෙහෙසට පත්විය. ඔහුට දුවනවා තබා හිටගෙන සිටීමටවත් අපහසුවිය. බැරිමතැන අංගුලිමාල ස්‍රමනය නැවතියන් කියා කෑගැසුවාය.

දැන් සිද්ධාර්ථගේ වාරය උදාවිය. මම නැවතිලා ඉන්නෙ. අංගුලිමාල ඔබ නවතින්න........

ක්‍රමයෙන් අංගුලිමාලව කතාවට පොලබවාගත් සිද්ධාර්ථ, අංගුලිමාල කඩුව බිමදමනතෙක්ම උත්සාහය අත්හැරියේ නැත. අවසානයේ සිද්ධාර්ථට ජය හිමිවිය.

සිදුවූ සියල්ලම සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට පැහැදිලි කලාය.

අංගුලිමාල හරිම අවංකයි. හිතහොදයි. දක්ෂයි. ගුරුවරයාට දෙවිටයන්ට වගේ සැලකුවා. ඒත් ඒ මිනිහට අංගුලිමාල ගැන ඉරිසියාවක් හටගත්තා. මම හිතන්නේ ගුරුවරයාගේ කෙල්ලත් අංගුලිමාලට දෙන්නතමයි ඉදලා තියෙන්නේ. ඒකට අනෙක් අය ඉරිසියාවුනා. කේලම් මොනවාහරිත් කියන්නත් ඇති. දුර්ගේෂ්වරී අංගුලිමාල ගැන තවත් තොරතුරු සිද්ධාර්ථට කීවාය.

සිද්ධාර්ථ ඔයා කියනදෙය (නිර්වානය) අංගුලිමාල තේරුම් ගත්තා ද?

ඔවු.

කෝදැන් එයා.

අසපුවේ ඉන්නවා.

දුර්ගේෂ්වරී නැවතත් සිද්ධාර්ථගේ පාදවල තේල් ගැල්වීමට පටන් ගත්තාය.

අංගුලිමාල රහතන් වහන්සේ පිරිනිවන්පෑ පසුව සිද්ධාර්ථ මහා අනුවේදනීය කතාවක් කීවේය.

මගේ පුතා ගියා.

සිද්ධාර්ථගේ මුවින් පිටවිය. එය එතරම්ම ගෞරවාන්විත සුන්දර බැදීමකි.

Comments