වසන්ත නමස්කාරගේ දෙදාස්තිස්දෙවැනි (2032) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

පසුගියදින අංගුලිමාල සමග සිදුවූ ද්වන්ධ සටනින් සිද්ධාර්ථ තරමක් විඩාවට පත්වී සිටියි. 

ඒනිසා ඔහු පසුදින දිවාකාලයට ආසන්න වනතෙක්ම නිදා ගත්තාය.

සිද්ධාර්ථ ඉක්මනින් නැගිටින්න. දුර්ගේශ්වරී සිද්ධාර්ථව සොලවමින් ඔහුට කතාකලාය.

ඇයි.

ඉක්මනට නැගිටින්න. අංගුලිමාල ලගට යන්න. එයාව අල්ලන්න සේනාවක් එනවා. සමහරවිට මරන්ණත් ඉඩතියෙනවා.

මරණය අංගුලිමාලට ප්‍රශ්නයක් නෙමෙයි. එයා මරණය ජයඅරගෙන තියෙන්නෙ. 

සිද්ධාර්ථ එසේ කියනවිට දුර්ගේෂ්වරී සිනාසුනාය.

ඒක ඇත්ත. ඒවුනාට එහෙම හොඳනෑ. ඉක්මනට අංගුලිමාල ලගටයන්න. 

දුර්ගේෂ්වරී ඇවිටිලි කලාය.

වෙනදාටත් වඩා සංසුන්ව අවදිවූ සිද්ධාර්ථ අංගුලිමාල අසලට ගොස් නැවතී සිටියාය. 

සේනාව කඩුකිනිසි අමෝරාගෙන දුරින් පැමිනෙමින් සිටියි.

සිදුවන්නේ කුමක්දැයි දුර්ගේශ්වරී දුරින්සිට බලාසිටියි. 

සේනාව එක් පසෙක. රජතුමා, අංගුලිමාල, සිද්ධාර්ථ තවත්පසෙක. 

ඔවුන් කතාකරනදෙය දුර්ගේශ්වරි ට ඇසෙන්නේ නැත.

ටිකවේලාවකින් සිද්ධාර්ථ අංගුලිමාල රහතන් වහන්සේට දනගසා වදිනවා දුර්ගේශ්වරී දුටුවාය.

ඒ සිදුවීමෙන් පුදුමයට පත්වූ දුර්ගේශ්වරී ගේ මුවින්,

සිද්ධාර්ථ

යනුවෙන් කියවුනි. ඒ වචන තුල ආදරය, ගෞරවය, විෂ්මය වගේම තවත් හදුනාගත නොහැකි මනෝභාවයන් එකතුවී තිබුනි.

මාරයා ඉදිරියේ වත් දන නොගැසූ සිද්ධාර්ථ අංගුලිමාල රහතන් වහන්සේට දන ගසා වැන්දාය.

එය ඔහුගේ ජීවිතයේ පළමු සහ අවසන් වැදීම විය.

එදින සවස සිද්ධාර්ථ අසපුවට පැම්නෙනවිට දුර්ගේශ්වරී සිද්ධාර්දථ ට දනගසාවැද ඔහුව පිලිගත්තා ය.

එදින රාත්‍රිය පුරාම ඔවුන්දෙදෙනා අංගුලිමාල රහතන් වහන්සේගේ ගුනගරුක බව ගැනම කතා කලාය.

Comments