වසන්ත නමස්කාරගේ දෙදාස්තිස්හතරවැනි (2034) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දේවදත්ත, නාලාගිරි ඇතාට රා පොවා කුලප්පුකර සිද්ධාර්ථ ඉදිරියට එව්වේ ඔහුව මරාදැමීම සදහාය.

සියලුම ගම් නගරවාසීන් බයභිරාන්තව ඒමේඅත දුවන්නටවිය. එහෙත් දුර්ගේෂ්වරී සංසුන්ව ඒදෙස බලාසිටියාය. සමහර ගැහැණුන් දුර්ගේස්වරීගේ සංසුන් බවනිසා ඇයට බැනවැදුනාය.

නොදකින් තොගේ සංසුන්බව. තෝත් සිද්ධාර්ථ මරාදැමීයට හවුල්. ආදීවශයෙන් දරුණු චෝදනා එල්ලකලාය. එහෙත් දුර්ගේස්වරී කලබලවූයේ නැත. නාලාගිරි ඇතාගෙන් සිද්ධාර්ථට කිසිම කරදරයක් නොවන බව දුර්ගේෂ්වරී ස්ථීරවම දැනසිටියාය. කිසිම සතෙකුගෙන් සිද්ධාර්ථට කරදරයක් නොවනබව ඇය දැනගත්තේ ගොපලු ගම්මානයේදීය.

සිද්ධාර්ථ ඉදිරියේ දනගැසු නාලාගිරි ඇතා කුඩා ගවපැටියෙකුමෙන් සිද්ධාර්ථ  හුරතල් වන්නටවිය.

ඒ සිදුවීම සියලුමදෙනා පුදුමයෙන් බලාසිටින්නටවිය. සිනාසෙමින් සිද්ධාර්ථ අසලටගිය දුර්ගේෂ්වරී, සිද්ධාර්ධ ලොකු වැඩක් කලාවගේ නේද? කීවාය.

ඇගේ එම ප්‍රකාශය බොහෝ දෙනෙකුට කුතුහලය දනවන්නක්විය.

 

 


Comments