වසන්ත නමස්කාරගේ දෙදාස්තිස්අටවැනි (2038) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි. දිවාකාලයේ මෙන් සදඑළිය ගම්මානයට වැටීඇත. සිද්දාර්ථ සහ දුර්ගේෂ්වරී ගෙපිලමත වාඩිවිය.

සිද්ධාර්ථ ඇත්තටම පටාචාරාට මොකද වූනේ? දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

ඔයා අහන්නේ පටාචාරාගේ ලිංගික ජීවිතය (sex life) ගැන නේද?

ඔව්. ගෙදරටත් නොකියා දරපලන කොල්ලත් එක්ක පැනල ගියා. ළමයි දෙන්නෙක් හම්බවුනා. ලිංගික ජීවිතය (sex life) එකට මොකද වුනේ. දුර්ගේෂ්වරී තවත් විස්තර සහිතව සිද්ධාර්ථගෙන් විමසූවාය.

එයාට ඒකෙන් තෘප්තිමත් වෙන්න බැරිවුනා. සිද්ධාර්ථගේ පිළිතුරවිය.

ඒකද පිස්සුවෙන් වගේ පාරෙ දිව්වෙ.

ඔව්.

සිද්ධාර්ථ ඔයා කොහොමද පටාචාරාගේ පිස්සුව සනීපකලේ. දුර්ගේෂ්වරී ඉතා ඕනෑකමින් ඇසුවාය.

මම එයාට  (sex life) එක අත්හරින විදිහ ඉගැන්නුවා. සිද්ධාර්ථ පිළිතුරු දුන්නාය.

එතකොට එයාගේ ජීවිතය තෘප්තිමත් වුනාද?

ඔව්.

සිද්ධාර්ථ ඔයදෙකම එකට තියෙන්නත් පුලුවන් නේද?

ඔව්. අපි අතරේ තියෙන්නේ.

සිද්ධාර්ථ එසේ කියනවිට දුර්ගේෂ්වරීට සිද්ධාර්ථ හමුවූ මොහොත සිහිපත්විය.

හැමෝටම එහෙම වෙන්න බැරිද. දුර්ගේෂ්වරී තවදුරටත් විමසූවාය.

බෑ. ඒක වාසනාවක්.

සිද්ධාර්ථ ඒනිසානේද ඔයා හැමෝටම (sex life) අත්හරින විදිහ උගන්වන්නේ.

ඔව්. හැබැයි ඒතටත් වාසනාව තියෙන්න ඕනේ.

 

 

 


Comments