වසන්ත නමස්කාරගේ දෙදාස්පනස්දෙවැනි (2052) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

සිද්ධාර්ථ අන්න රජතුමයි එයාගේ ලස්සන බිසවයි ආස්‍රමයට ඇවිත් ඉන්නවා. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට කීවාය.

අර පිස්සු මගුලද? එයාගේ රෙද්ද අස්සේ තියෙන්න ඕනෙ දේවල් තියෙන්නේ නලලෙ. සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට කීවාය.

සිද්ධාර්ථ ඔයා ඕවා මට කිව්වාට කමක් නෑ. උපාසක අම්මලාට මෝඩ මිනිස්සුන්ට කියන්නඑපා. මේදැන්ම ඔයාව ස්ඛන්ධ  පරිනිර්වානයට පත්කරයි.

දුර්ගේෂ්වරී. සිද්ධාර්ථ දුර්ගේෂ්වරීට කතා කලාය.

ඇයි.

අදනම් රජ්ජුරුවන්ගේ බිසවට හොද ගේමක් දෙන්න ඕනේ. සිද්ධාර්ථ දුර්ගේෂ්වරීගෙන් යම්උදව්වක් ඉල්ලනබවක් පෙන්නුම් කලාය.

ඔන්න මට නම් බෑ ඔයාට ගෑණු සෙට්කරන්න.

මොන විකාරද දුර්ගේෂ්වරී. ඔය පිස්සු මගුල සෙට්කරගෙට මම මොනවා කරන්නද?

බිසවට ඇහුනොත් විනාසයි. දුර්ගේෂ්වරී සිද්ධාර්ථට රහසින් කීවාය.

දුර්ගේෂ්වරී, ඔයා අද මම අර එළදෙනට (බිසවට) බණ කියන වෙලාවේදී ලස්සට ඇදගෙන මගේ ළගටවෙලා චාමරයකින් මට පවන් සලන්න ඕනේ. ඔයා හොදට ඇන්දහම අරගෑණිට වඩා ලස්සනයි. සිද්ධාර්ථ තමන්ට අවශ්‍ය උදව්ව දුර්ගේෂ්වරීට විස්තර කලාය.

ගෑණි නෙමෙයි. බිසව.

එයා බිසව රජ්ජුරුවන්ටනේ මට නෙමෙයි. සිද්ධාර්ථ සිනාසෙමින් කීවේය.

ඊටපස්සේ මම මොකද කරන්න ඕනේ. දුර්ගේෂ්වරී සිද්ධාර්ථගෙන් කුතුහලයෙන් යුතුව විමසූවාය.

ඊටපස්සේ ඔයා ටිකටික මේකප් කරමින් කාලයත් එක්ක වයසට යන විදිහ මගේ ලගටවෙලා  රගපාන්න ඕනේ.

ඊටත්පස්සෙ මම මොනවද කරන්න ඕනේ. දුර්ගේෂ්වරී නැවතත් කුතුහලයෙන් යුතුව සිද්ධාර්ථ ගෙන් විමසූවාය.

අන්තිමට ඔයා අර ඇටසැකිල්ල මගේ ඉස්සරහා දාල එතනින් මාරුවෙන්න ඕනේ.

නියම ඩ්‍රාමා එකක්නෙ සිද්ධාර්ථ. දුර්ගේෂ්වරී ඉතා සතුටින් යුතුව කීවේ එය සිද්ධාර්ථට අවශ්‍ය ආකාරයටත් වඩා සාර්ථකව කරබව පෙන්වමිනි.

Comments