වසන්ත නමස්කාරගේ දෙදාස්අසූහත්වැනි (2087) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින පූර්නිමා දිනයකි. සිද්ධාර්ථගේ ධර්ම දේශනය ඇසීමෙන් දුර්ගේශ්වරී ඉතා සතුටට පත්ව සිටියාය. ඇය ධර්මදේශනය අවසන්වීමට ටිකවේලාවකට කලින් ආස්‍රමය කරා පිටත්විය.

සිද්ධාර්ථ ආස්‍රමය කරා එනවිට දුර්ගේශ්වරී ආස්‍රමයේ මිදුලමැද මදසිනහවක් පාමින් සිටියාය. දුරදීම සිද්ධාර්ථ දුටු දුර්ගේශ්වරී ඔහුගෙන් මෙසේ ඇසුවාය.

සිද්ධාර්ථ කොහේ ඉදලද එන්නෙ?

දුර්ගේශ්වරීගේ ප්‍රශ්නයේ ගැඹුර වටහාගත් සිද්ධාර්ථ ඇය පසුකර නිහඩව ගමන් කරන්නටවිය.

ඇය පසුකර ආස්‍රමයකරා යන සිද්ධාර්ථට දුර්ගේෂ්වරී කතාකලාය.

සිද්ධාර්ථ.

සිද්ධාර්ථ නැවතී ආපසුහැරී දුර්ගේශ්වරී දෙස බැලුවේය.

එවිට දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් නැවත මෙසේ ඇසුවාය.

සිද්ධාර්ථ කොහෙද යන්නේ?

එය ඇගේ පළමු ප්‍රශ්නයටත් වඩා බරපතලය. මෙතෙක්කල් දෙසූදහම එක්තැන් වූ බවක් සිද්ධාර්ථට දැනුනි.

Comments