වසන්ත නමස්කාරගේ තුන්දාස්දහවැනි (3010) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

ටිකිරි මොළයක් සහිත විඪූඩභ කුමාරයා ශාක්‍ය වංශය සමූල ඝාතනයට සූදානම්විය.

එය දැනගත් දුර්ගේශ්වරීට සිද්ධාර්ථගේ ආරක්ෂාව ගැන සිහිපත්විය. සිද්ධාර්ථ සාක්‍යවංශයේ ඊලග ඔටුන්නහිමි කුමාරයාබව දුර්ගේශ්වරී දනියි.

ඒ මොහොතේම යුධසේනාව මැදින් ඉදිරියටගිය දුර්ගේශ්වරී විඩූඩභ කුමාරයා ඉදිරියේ සිටගත්තාය. මේගොපලු කෙල්ල කොහේ යනවාදැයි විඪූඩභ කල්පනා කරන්නටවිය.

දුර්ගේශ්වරී විඪූඩභ ඉදිරියේ සිටගෙන ඔහුගේ දෑස්දෙස කෙලින්ම බලාගෙන මේසේ කීවාය.

විඪූඩභ, සිද්ධාර්ථට අතතියල තිබුනොත් බලාගෙනයි. එයා කිසිම දවසක ඔයත්එක්ක යුද්ධ කරන්න එන්නෙ නෑ.

දුර්ගේශ්වරීගේ වචන ඇසූ විඪූඩභ රජෙක්වූවත් භය භිරාන්තවිය. ගොපලු කෙල්ලෙක් මෙහෙම කතාකරන්නෙ කොහොමද? භියෙන් තැතිගත් විඪූඩභ සාක්‍ය වංශය වැනසූවත් සිද්ධාර්ථට කිසිම හානියක් කලේ නැත.

Comments