වසන්ත නමස්කාරගේ තුන්දාස්පහළොස්වැනි (3015) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේශ්වරී එදින මධ්‍යම රාත්‍රියේ දණ්ඩක්ද රැගෙන දේවදත්තගේ කුටියට ගියාය. උඩුකුරුව නිදාසිටි දේවදත්තගේ පපුවට දණ්ඩ තබා ඔහුව අවධිකලාය.

සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිවූ දේවදත්ත අඩඅදුරේ දෑස්විදහා බලාසිටියි. දේවදත්තගේ දෑස්දෙස එකඑල්ලේ බලාසිටින දුර්ගේශ්වරී දේවදත්තට මෙසේ කීවාය.

දේවදත්ත ඔයා අදින්පස්සේ කිසිම දවසක සිද්ධාර්ථට ශාරීරිකව හිංසාවක් කරල තිබුනොත් බලාගෙනයි.

එසේකියූ දුර්ගේශ්වරී ඔහුගේ අසපුවෙන් පිටවගියාය.

දුර්ගේශ්වරීගේ එම වචනවලින් දේවදත්ත භයභිරාන්තවිය.

මහා බුද්ධිමතෙකුවූ දෙවදත්ත නොදැන සිටියේ නිර්වානය පමනි. එහෙත් ඉන්පසුව දේවදත්ත මියයන මොහොත දක්වාම සිද්ධාර්ථට කිසිම ශාරීරික හිංසාවක් කලේනැත.

සිද්ධාර්ථට කිසිවෙකුම මානසිකව හිංසාවක් කලනොහැකි බව දුර්ගේශ්වරී ඉතාමහොදින් දැනසිටියාය.

Comments