වසන්ත නමස්කාරගේ තුන්දාස්විසිහත්වැනි (3027) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

දුර්ගේශ්වරී දේවදත්තගැන හොද අවධානයෙන් පසුවිය. දේවදත්ත විසින් සිද්ධාර්ථව ඝාතය කිරීමට දරනලද සියලුම උත්සාහයන් ව්‍යර්ථවිය. ඒනිසා ඊලගට ඔහු කුමක් කරාවිදැයි කියා නිරතුරුවම ඇය සොයා බැලුවාය.

සිද්ධාර්ථ ගිජුකුලුපව්වේ සිටියි. දේවදත්ත සිද්ධාර්ථ සිටින ගල්ගෙයට ඉහලින් ඇති ගල්පරමත සැගවෙම්න් කරන්නේ කුමක්දැයි සොයාබැලීමට දුර්ගේශ්වරී ඉහලට ගියාය. දුර්ගේශ්වරී සැගවී බලාසිටියේ දේවදත්ත කුමක් කරනවාද කියාය.

දේවදත්ත කරන්නටයනදෙය වටහාගැනීමට දුර්ගේශ්වරීට වැඩිවේලාවක් ගතවූයේ නැත. සිද්ධාර්ථ ගල්පරයට පහලින් සිටියි. දේවදත්ත හදන්නේ ඔහුගේ හිසට ගලක්පෙරලීමටය.

අසල තිබූ දණ්ඩක් අතටගත් දුර්ගේශ්වරී දේවදත්ත ගලපෙරළීමට මොහොතකට පෙර ඔහුගේ පිටමැදට පහරක් එල්ල කලාය. දේවදත්තගේ ඉලක්කය වැරදුනි. ගල සිදිධාර්ථගේ ඇගටනොව වෙනත් පැත්තකට පෙරලී ගියේය.

දේවදත්ත සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නො‍හැකිව මදකට සිහිසුන්ව උඩුකුරුව පබිම පෙරලුනි. ඒ මොහොතේ දේවදත්තට දණ්ඩක් අතැතිව සිටින දුර්ගේශ්වරී පෙනුනේ ගව් ගනනක් උස තාන්තාවක් ලෙසිනි. සිහිමදවසිටි දේවදත්ත එම දර්ශනයෙන් භය භිරාන්තවිය.

දුර්ගේශ්වරීට අවශ්‍යනම් දෙවදත්තගේ හිසට පහරක්දී ඔහුව ඒ මොහොතේම ඝාතනය කිරීමව අවස්ථාව තිබුනි. එහෙත් ඇය එසේ කලේ නැත.

ඔහු මදසිහියෙන් සිටිනිසා ඔහුට කිසිවක් කීවේද නැත. ඇය වහාම සිද්ධාර්ථ සිටින තැනට දිවගියාය.

සිද්ධාර්ථගේ පාදයෙන් ලේ ගලයි.

මොකද වූනේ සිද්ධාර්ථ? 

දුර්ගේශ්වරී සිද්ධාර්ථගෙන් ඇසුවාය.

ගල් පතුරක් වැදුනා. සිදුවූ කිසිවක් නොදන්නා සිද්ධාර්ථ කීවාය.

දේවදත්ත පෙරලූ ගලෙන් පතුරක් සිද්ධාර්ථගේ පාදයේ වැදී ඇතිබව දුර්ගේශ්වරී තේරුම් ගත්තාය. ඇය සිද්ධාර්ථව වත්තම් කරගෙන අසපුවට ගෙනගොස් ඔහුගේ පාදයට බෙහෙත් දමා ඇදමත නිදාගැනීමට සැලසූවාය. වේදනාව පිටම සිද්ධාර්ථට නින්ද ගියා.

සවස පහන් දල්වනතෙක්ම සිද්ධාර්ථ සිදුවූයේ කුමක්දැයි දැනසිටියේ නැත. ඔහුගේ පාදය තරමත් ඉදිමී තිබුනි. සිද්ධාර්ථ අසලින් හිදගත් දුර්ගේශ්වරී දවල්කාලයේ සිදුවූ සියල්ල විස්තරකලාය.

 

Comments