වසන්ත නමස්කාරගේ තුන්දාස් විසිනවවැනි (3029) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින සවස අසපුවතුලින් කුඩාදරුවෙකු හඩන ශබ්දයක් ඇසුනි.

සිද්ධාර්ථ අසපුවතුලට ගියේ කුමක් සිදුවනවාදැයි බැලීමටය.

දුර්ගේශ්වරී කුඩාදරුවෙකු තුරුලුකරගෙන ඒ දරුවාට යමක් කැවීමට උත්සාහකරයි.

කිරිටිකක් දෙන්න. සිද්ධාර්ථ දුර්ගේශ්වරීට කීවාය.

මේ ළමයා ඉල්ලන්නේ එයාගේ අම්මගේ කිරි.  

සිද්ධාර්ථ දැකීමෙන් කුඩාදරුවා හැඩීම නවතා සිනාසෙන්නටවිය.

මේ ඔයාගේ තාත්තද? දුර්ගේශ්වරී සිද්ධාර්ථ පන්වමින් දරුවාගෙන් ඇසුවාය.

දරුවා නැවතත් සිනාසෙන්නටවිය.

සිදුවූයේ කුමක්දැයි විමසන ආකාරයෙන් සිද්ධාර්ථ දුර්ගේ ශ්වරී දෙස බැලුවේය.

දරුවා තුරුලු කරගත් දුර්ගේශ්වරී සිද්ධාර්ථ ට මෙසේ කීවේය.

සිද්ධාර්ථ ඔයා ඔයාගේ ස්‍රාවකයින්ට නිර්වානය ගැන කියන්න කලින් ඒ අයට මේටිකත් කියන්න. 

ඔයා රජගෙදරින් ආවේ යශෝධර ත් එක්ක ඉන්න බරුව කියලා. මොකද නැත්තම් ළමයවයි ගෑණිවයි අතහැරලා නිවන් දකිනඑක පුරුද්දකට යනවා.

සිද්ධාර්ථ නැවතත් දුර්ගේශ්වරීදෙස බැලුවේ සිදුවූයේ කුමක්දැයි දැනගැනීමේ අදහසිනි.

ඔයාගෙන් බණ අහපු ‍කෙනෙක් මේ ළමයවයි මෙයාගේ අම්මවයි අතහැරලා මහණවෙලා. 

ඒ හාමුදුරුවෝ පාරේ එන වෙලාවක මේ ළමයාගේ අම්ම මෙයාව හමුදුරුවෝ ඉස්සරහින් තියලා ගියා.

හාමුදුරුවෝ ළමයාව දැක්කෙ නෑ වගේ  ළමයාගේ ඇග උඩින් පැනලා යන්න ගියා. 

ඒ ගෑණු කනා ගෙදර ගියා. මේ ළමයා අඬන නිසා මම අරගෙන ආවා. 

මේ ළමයා තවම කිරි බොන වයසේ ඉන්නේ. 

මොකක්ද සිද්ධාර්ථ ඔයාගේ නිර්වාන යේ මේවගේ මෝඩ වැඩ තියෙනවාද? මම දැක්කේ නැත්නම් පොඩි එකා ඉවරයි.

පහනක් අතට ගත් සිද්ධාර්ථ හිස වනා දුර්ගේශ්වරී ට කතා කලාය. දරුවා වඩාගත් දුර්ගේශ්වරී ඔහු පසුපස ගමන් කලාය. 

ඔවුන් ගමන් කරන්නේ දරුවා දමා ගිය මවගේ ගෙදරට ය.

සිද්ධාර්ථ දැකීමෙන් දරුවාගේ මව මහත් ශෝකයෙන් හඬන්නට විය. කරුණු කාරනා පහදා දීමෙන් පසුව දුර්ගේශ්වරී අතේ සිටි දරුවා ඔහුගේ මව විසින් වඩා ගත්තාය. එහෙත් දරුවාගේ කැමැත්ත දුර්ගේශ්වරී ලග සිටීමටයි.

සිද්ධාර්ථ සහ දුර්ගේශ්වරී නිවසින් පිටත්ව අසපුව කරා ගමන් කරන්නට විය. 

දරුවා හඬන්නට විය. දරුවා හඬමින් දුර්ගේශ්වරී සහ සිද්ධාර්ථ ගමන්කරන දෙස බලා සිටියාය.

සිද්ධාර්ථ ඔයා කියපු දෙය ළමයාගේ අම්මා තේරුම් ගත්තා නේද? 

දුර්ගේශ්වරී සිද්ධාර්ථ ගෙන් විමසන විටම ඇය අතේ තිබූ පහන සුලග ට නිවී ගියේය.


Comments