වසන්ත නමස්කාරගේ තුන්දාස් පනස්හත්වැනි (3057) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින උදෑසන දුර්ගේශ්වරී සිද්ධාර්ථ ආස්‍රමයෙන් පිටත්වීමට ප්‍රථමව ඔහුට තවත් ඇදුමක් සූදානම් කරන්නටවිය. උතුරු සලුවක් අදනයක් ආදිය.

සිද්ධාර්ථ ඒදෙස බලාසිටියේ දුර්ගා මේ කරන්නේ කුමක්දැයි සිතගැනීමට නොහැකිවය.

සිද්ධාර්ථට පරචිත්ත විජානය තියෙනවානේද? මම නරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිද?

කිසිවත් සිතාගැනීමට නොහැකිව සිද්ධාර්ථ අසපුවෙන් එලියට බැස්සේය. දුර්ගේශ්වරී තවමත් අසපුවතුලය. සිද්ධාර්ථ ‍ආස්‍රමයේ මිදුලේ නැවතුනේ දුර්ගේශ්වරී පැම්නෙනතුරුය.

සිද්ධාර්ථ මම තාපසයෙක් යාලුකරගත්තා. මේ ඇදුම එයාට තමයි.

කියම්න් සකස්කරනලද සිද්ධාර්ථගේ අලුත් ඇදුම තුරුලුකරගත් දුර්ගේශ්වරී සිද්ධාර්ථ පසුපසින් ගමන් කරන්නටවිය.

ටිකදුරක් සිද්ධාර්ථ සමග ගමන්කල දුර්ගේශ්වරී ‍සිද්ධාර්ථට මෙසේ කීවාය.

සිද්ධාර්ථ මම යමුනා ගගලගට ගිහින් මේ ඇදුමට සදුන් තෙල් ගල්වගෙන එන්නම් ඔයායන්න.

සිද්ධාර්ථ දුර්ගේශ්වරීගේ අදහස පිලිගෙන තනිවම ගමන් කරන්නටවිය. එහෙත් සිද්ධාර්ථට දුර්ගේශ්වරී තමාව මගහැරගිය කාරනව තේරුම්ගැනීමට නොහැකිවිය. ඔහු ඇත්තටම සිතුවේ දුර්ගා අලුත් ඇදුමේ සදුන්තෙල් ගැල්වීමට ගග ලගට යනබවයි.

දුර්ගේශ්වරී අසලතිබූ ගසකට මුවාවී සිද්ධාර්ථට සිදුවනදෙය බලාසිටියාය.

ගසක අත්තක් මත වාඩිවීසිටි මිනිසා සිද්ධාර්ථ ගසයටින් යනවාත් සමගම ඔහුගේ ඇගට මලපහ කරන්නටවිය. සිද්ධාර්ථගේ සිරුර දුගදහමන අසූචිවලින් නැහැවිනි.

එය බලාසිටි දුර්ගේශ්වරීගේ මුහුණට සිනහවක් ආවත් හදවගේ දැඩි ශෝකයක් මතුවිය.

ඇග සොදාගෙන නාගැනීම සදහා සිද්ධාර්ථ ගග ලගටයනවිට දුර්ගේෂශ්වරී ගගලග සිටියේ සියලුම කාරනාවන් දැනගෙනය. එහෙත් ඇය කිසිවක් නොදන්නා දාකාරයෙන් සිද්ධාර්ථගෙන් මෙසේ ඇසුවාය.

ඇයි සිද්ධාර්ථ?

අර ගහඋඩටගිය මනුස්සයට මලපහවුනා ඒවා මගේ ඇගට වැටුනා. කියමින් සිද්ධාර්ථ ගගටබැස නාන්නටවිය.

සිදුවූ කිසිවක් නොදන්නා සිද්ධාර්ථ දැකීමෙන් දුර්ගේශ්වරීගේ ශෝකය තවත් වැඩිවිය.

සිද්ධාර්ථ ඔයා ඇදගෙන ඉන්න ඇදුම විසිකරන්න. මගේ ලග ඇදුමක් තියෙවනේ.

දුර්ගේශ්වරී එසේ කියවිටම මේ සිදුවීම අහම්බයක් නොවනබව සිද්ධාර්ථට වැටහිනි.

ස්නානයකර පිරිසිදුවූ සිද්ධාර්ථ දුර්ගේශ්වරී සකස්කල අලුත් ඇදුම ඇදගත්තාය. ඔහුගේ ඇදුමෙන් පමනක් නොව හදවතින්ද සදුන් සුවද වහනයවෙමින් තිබුනි.

සිදුවූය් කුමක්දැයි දැනගැනීමේ අදහසක් සිද්ධාර්ථට තිබෙනබව දුර්ගේශ්වරී දනියි. ඒනිසා දුර්ගේශ්වරී සිද්ධාර්ථ අසලින්ම ගමන් කරන්නටවිය.

සිද්ධාර්ථ මේ සිදුවීම මාගන්ධියාගෙන් ඔයාට ලැබුන තෑග්ගක්.

දුර්ගේශ්වරී එසේ කියනවිට සිදුවීමේ සියලුම කාරනා සිද්ධාර්ථට පැහැදිලිවිය.

 

 

Comments