වසන්ත නමස්කාරගේ තුන්දාස් හැටපස්වැනි (3065) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

එදින උදෑසනින් අවදිවූ දුර්ගේශ්වරී දුන්නක් සෑදීමට පටන් ගත්තාය.

දුර්ගා කුමක් කරනවාදැයි සොයාබැලූ සිද්ධාර්ථ  ඇය අතතිබූ දුන්න පරීක්ෂානර බලා එහි අඩුපාඩු සකස්කර දුන්නනේ ඇය දුන්නකින් කුමක් කිරීමට හදනවාදැයි නොදැනය.

ඇයගෙන් එය විමසුවොත් තමාට උත්තරයකි දීමට නොහැකි ප්‍රශ්නයක් අසනබව සිද්ධාර්ථ දනියි. ඒ නිසා සිද්ධාර්ථ නිහඩව දුර්ගා කරන්නේ කුමක්දැයි ඇයට නොදැනෙනලෙස බලා සිටියාය.

ඉන්පසුව දුර්ගේශ්වරී දුන්නෙන් ඉලක්කයට විදීමට පටන්ගත්තාය. බොහෝ වේලාවක් ගතවුවත් ඇයට කිසිම ඉලක්කයකට විදීමට නොහැකිවිය.

දුර්ගේශ්වරී අසලටගිය සිද්ධාර්ථ දුන්න රැගෙන අසල තිබූ අඹ ගසක ගෙඩියකට එකවරක් විද පෙන්නූවාය. ඒ මොහොතේ දුර්ගේශ්වරී සිද්ධාර්ථගේ රාජකීය පෙනුම හොදින්ම දුටුවාය.

රජගෙදරින් නික්මුන පසුව සිද්ධාර්ථ දුන්නක් අතටගත් පළමු අවස්ථාව එයවිය. එහෙත් සිද්ධාර්ථ දුර්ගා දුන්නෙන් විදීමට ඉගෙන ගන්නේ කුමක් සදහාදැයි විමසුවේ නැත.

එදින සවස් කාලය වනවිට දුර්ගාට හරියටම ඉල්කයට දුන්නෙන් විදීමට හැකිවිය. ඇගේ එම හැකියාව සිද්ධාර්ථව පුදුමයට පත්කලාය.

පසුවදා උදෑසන සිද්ධාර්ථ අසපුවෙන් පිටත්වනවිට දුර්ගේශ්වරී දුන්නත් රැගෙන සිද්ධාර්ථ පසුපසින් ගමන්කලාය.

පළමු දිනයේ මෙන් සිද්ධාර්ථගේ ඇගට මලපහකල මිනිසා වෙනත් ගසක සටියි. සිද්ධාර්ථ ගසයටින් යනවාත් සමගම ඔහු සිද්ධාර්ථගේ ඇගට මලපහ කිරීමට සූදානම් වනබව දුර්ගේශ්වරී වටහා ගත්තාය.එහෙත් ඒබවක් සිද්ධාර්ථ නොදනියි.

මදක් පසෙකටවූ දුර්ගේශ්වරී සිද්ධාර්ථටවත් නොදැනෙන ආකාරයට දුන්නගෙන ‍ගසේසිටි මිනිසාගේ අධෝමුඛයට ගල් කැටයකින් විද්දාය.

සිදුවූයේ කුමක්දැයි අදහගත නොහැකිවූ ඒ මිනිසා ගසින් බිමට ඇදවැටුනි. සිද්ධාර්ථ වහාම ඔහුව නැගිට්ටෙව්වාය. භයභිරාන්තවූ ඒමිනිසා ඉක්මනින් සිද්ධාර්ථ මගහැර දුවන්නටවිය.

එම සිදුවීමෙන් දුර්ගේශ්වරීගේ මුහුනට වාවාගතනොහැකි ආකාරයේ සිනහවක් ආවත් ඇය එය සිද්ධාර්ථට නොපෙන්වා සගවා ගත්තාය.

මේ ආකාරයෙන් දුර්ගේශ්වරී තවත් මිනිසුන් කීපදෙනෙකුගේම අධෝමුඛයට ගල්වලින් විද ගස්වලින් බිමට දැමූවත් සිද්ධාර්ථ මේ කිසිවක් දැනසිටියේ නැත. සිද්ධාර්ථ ඒ වැටුනු සියලුම මිනිසුන්ට නැගිටීමට උදව් කලාය.

අවසානයේ ඔවුන් සිද්ධාර්ථගේ ඇගට ගස්උඩසිට මලපහ කිරීම නවතාදැමූවාය. ඒ සිද්ධාර්ථට කිසියම් බලයක් ඇතැයි යනවිශ්වාසයෙනි.

 

Comments