වසන්ත නමස්කාරගේ තුන්දාස් හැටහයවැනි (3066) දෘශ්‍ය කලා ප්‍රදර්ශනය.

මාගන්ධියා බිසවගේ ඊලග ඉක්කයවූයේ සිද්ධාර්ථව දුන්නෙන්විද මරාදැමීමයි.

දුර්ගේශ්වරී මෙම සැලසුමගැන හොද අවධානයකින් සිටියාය. ඔවුන්ගේ සියලුම සැලසුම් දුරගේශ්වරී ඉතාසියුම් ආකාරයෙන් සොයාගත්තාය.

එදින උදෑසනම සිද්ධාර්ථ අසපුවට යාමට සූදානම්විය.

සිද්ධාර්ථ ඔයා අද වෙනදාට යනපාරේන් නෙමෙයි අනෙත් පාරෙන් එන්න. කියමින් දුර්ගේශ්වරී දුන්නත් රුගෙන අසපුවෙන් පිටත්විය.

සිදුවන්නේ කුමක් දැයි නොදත් සිද්ධාර්ථ දුර්ගේශ්වරී කියපු ආකාරයටම වෙනත් පාරකින් අසපුවකරා යාමට සූදානම්විය.

දුනුවායන් කීපදෙනෙක් සිද්ධාර්ථ එනමග වනලැහැබක රැදී සිටියි.

ඔවුන් සිද්ධාර්ථට විදීමට ඉගක්කය ගන්නවාත් සමගම ඔවුන්ට පිටුපසින් සැගවී සිටි දුර්ගේශ්වරී වහාම ක්‍රියාත්මකවිය.

දුන්න සිද්ධාර්ථ දෙසට එල්ලකරගෙන ඊතලය අල්ලාගෙන සිටින හේවායන්ගේ දකුණු අතේ වැමිටට දුර්ශේශ්වරී තමාගේ දුන්නෙන් ගල්කැට වලින් හරියටම ප්‍රහාර එල්ල කලාය.

එයින් ඔවුන්ගේ අත් අප්‍රානිකවිය. එයදුටු ප්‍රධාන දුනුවායා භයභිරාන්තවිය. ඔහු භියවූයේ හේවායෙකුගේ දකුණු අතේ එම නිලසහිත ප්‍රදේශය හදුනාගන්නේ තවත් දක්ෂ දුනුවයෙකුම බවයි. ඒත් මේ කිසිවක් දුර්ගේශ්වරී දැනසිටියේ නැත.

අනෙක් හේවායාන්ගේ අත් නැවතත් කිසිදිනෙක දුන්නක් ඇල්ලීමට නොහැකි ආකාරයෙන්  සදහටම අප්‍රානික වනබව වටහා ගත් ප්‍රධාන දුනුවායා, සිද්ධාර්ථ එන පෙරමගටම පැමින දුන්න සහ ඊතලය සකස් කරගත්තාය.

ඒ සමගම වහාම ක්‍රියාත්මකවූ දුර්ගේශ්වරී ඔහු පිටුපසින් පැමින ඔහුගේ දකුණතේ වැලමිටහංදියට පෙරලෙසම ගල් කැටයකින් විද්දාය. එය  ඉතාම දරුණු පහරක්විය. පහර ඒතරම් දරුණුවූයේ එය වැරදුනහොත් සිද්ධාර්ථට අනතුරක් සිදුවියහැකි නිසාවෙනි.

ප්‍රධාන හේවායාගේ දෑත් අප්‍රාණිකවී ඔහු බිම ඇදවැටුනි. හේවායා බිම වැටීමත් සමගම ඔහු පිටුපසින් දුන්නත් අතැතිවසිටි දුර්ගේශ්වරී සිද්ධාර්ථ හදුනාගත්තාය.

සද්ධාර්ථට ඒමොහොතේ දුර්ගා දුන්නෙන් විදීමට ඉගෙනගත්තේ කුමක් සදහාදැයි පැහැදිලිවිය.

එදින රාත්‍රී කාලයේ ආස්‍රමයේ මිදුලමැද ගිනිමැලයක් ගැසූ දුර්ගේශ්වරී ගෙපිලමත හිදගත්තාය. දුර්ගේශ්වරීගේ දුන්නත් රැගෙන පැමිනි සිද්ධාර්ථ අගේ පාමුල බිම හිද‍ගත්තේ ඇගේ වික්‍රමාන්විත වගේම බුද්දිමත් ක්‍රියාවට ගරුකිරීමක් වශයෙනි.

හේවායන්ට සිදුවූයේ කුමක්දැයි දන්නේ දුර්ගේශ්වරී සහ සිද්ධාර්ථ පමනි. ඉන්පසුව කිසිම හේවායෙක් සිද්ධාර්ථට අනතුරක් කිරීම සදහා ඉදිරිපත් නොවූයේ ඔහුලග කිසියම් බලයක් ඇතැයියන විශ්වාසයෙනි.

 

Comments